මහින්ද අත්අඩංගුවට ගතහොත් මැදිහත් වෙන්න බෑ
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග්
සමන් ගමගේ
ලබන දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අධිකරණ ක්‍රියාදාමයකට අනුව යුද අපරාධ චෝදනා මත බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගතහොත් බ්‍රිතාන්‍යයට ඊට මැදිහත්වීමක් කළ නොහැකි බව එරට විදේශ ලේකම් විලියම් හේග් මහතා ඉකුත් 16 වැනිදා (අඟහරුවාදා) බ්‍රිතාන්‍ය බීබීසී රූපවාහිනිය සමඟ පැවැති සාකච්චාවකදී සඳහන් කර තිබේ. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ සිංහල සංගමයේ ආරාධනාවකට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයට එක්වීමට නියමිතව ඇත.