අපට උරුම කඩේ යෑම

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අපට උරුම කඩේ යෑම

    Sri-Lanka-Flag-Independence.jpg

    වසරක් ගෙවී තවත් නව වසරක් උදාවී ඇත. මේ වනාහි අපගේ අනාගත ඉලක්ක හා පරමාර්ථ ගැන සමාලෝචනයක යෙදීමට හොඳම කාලය යි. ගිය වසරේ අප රට වෙනුවෙන් ඉටු කළ ජාතික වගකීම කුමක්ද? නව වසරේ අපගේ ඉලක්ක හා සැලැසුම් කවරේද?

    කඩේ යන චෝදනාවක් අප වැනි බොහෝ වැදගත් සාමාජිකයින් වෙත එල්ල වී තිබේ. එක අතකින් මෙය අලුත් චෝදනවක් නො වේ. අනෙක් අතින් එය එල්ල වනුයේ සුළු පිරිසක වෙතින් ය. ඊට පිළිතුරු සැපයීම නිරර්ථක වෙතත්; පැහැදිලි කිරීමක් දැක්වීම වැදගත් ය. කඩේ යන කතාව වඩාත් පැහැදිලි කළහොත්; එහි යටි අර්ථය වන්නේ ආණ්ඩුවට කඩේ යනවා යන්නය. ආණ්ඩුව විසින් ගනු ලබන යහපත් තීන්දු – තීරණ අගය කිරීම වරදක් ද? රටේ සංවර්ධනය හා ආණ්ඩුවේ දේශපාලන දැක්ම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම වරදක් ද?

    රටේ සංවර්ධනය ගැන රජය හා මහජනයා අතර පාලමක් තැනීම ඉලක්කය හා වගකීම වේ. සංවර්ධනය යනු රටේ සෑම ක්ෂේත්‍රයක් ම ආවරණය කරනු ලබන සංකීර්ණ සංකල්පයකි. මේ සංකල්පයත් සමඟ අතීතයට ගමන් කිරීමේ වුවමනාවක් අපට තිබේ. සාමාන්‍ය මතය වන්නේ ශ්‍රී ලාංකිකයා ඉතා ඉක්මනින් ඉතිහාසය අමතක කරන බව ය. ඒ මතය මෙතැනට ද මැනැවින් ගළපා ගත හැකි ය. මීට වසර පහකට පෙර ශ්‍රී ලංකාව මුහුණ දුන් අනතුර මේ වන විට බොහෝ දෙනකුට අමතක ව ගොස් තිබේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නො වන්නට ශ්‍රී ලංකාව කුඩා රාජ්‍යයන් දෙකක් ලෙස කැඩී යන්නට ඉඩ තිබිණි. හරියට ම කිවහොත් සුඩානයේ මෙනි.

    ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ දී කොටියා පරාද කළ යුතුය යන මතයේ සිටි අපි දෙමළ ජනතාව ආරක්ෂා කළ යුතු යැයි දැඩි ව විශ්වාස කළෙමු. රණවිරුවන් සමඟ සිටි අපි හැමවිට ම ඔවුන් ධෛර්යයවත් කළෙමු. අදටත් අප සිටිනුයේ රණවිරුවන්ගේ පැත්තේ ය. රටක් හා ජාතියක් බේරාගත් විරුවන් පිරිසක ලෙස ඔවුනට හිමි ගෞරවය හා සහයෝගය සමස්ත ජාතිය වෙතින් ම ප්‍රදානය විය යුතු යැයි අපි විශ්වාස කරමු. ගිය වසර තුළ ද අපි ඒ සඳහා පෙනී සිටිමු. මේ වසර තුළ ද අපි ඒ වෙනුවෙන් පෙනී සිටින්නෙමු.

    ශ්‍රී ලංකාවේ අපි කෘතගුණ සලකන ජාතියක් වෙමු. එය අපගේ සම්මතය යි. රට තුළට කඩාවදින විවිධ විලාසිතා හා මනෝ විශ්ලේෂණ ඔස්සේ අපේ හර පද්ධතීන් විනාශ කරගන්නා තැනකට අප නොයා යුතු ය. එබඳු සමාජ රැලි පැනනඟින කල ඊට විරුද්ධ වීම අපගේ වගකීම ලෙස සලකන්නෙමු. රටකට හා ජාතියකට ඉලක්ක පැවැතිය යුතු ය. එම ඉලක්ක හඹායෑමේ ධෛර්යයක් ද පැවැතිය යුතු ය. ඒ වෙනුවෙන් කොන්දේසි විරහිත ව පෙනී සිටීමට අපි බැඳී සිටිමු.

    2005න් පසු ශ්‍රී ලංකාව තුළ යහපත් හා සාධනීය වෙනසක් සිදු වූ බව අපගේ පිළිගැනීම වේ. එම වෙනස රටේ සෑම අංශයක් වෙතින් ම ප්‍රකාශයට පත් ව තිබේ. එලෙස ම ඊට එරෙහි බලවේග රැසක් දේශීය වශයෙන් මෙන් ම විදේශීය වශයෙන් ද ක්‍රියාත්මක වේ. එය ගැටුමක් ලෙස පසුගිය වසර කිහිපය තුළ ම වර්ධනය විය. එහි දී ප්‍රගතිශීලී මාවත තෝරාගෙන ඒ වෙනුවෙන් අපගේ ශක්ති ප්‍රමාණයෙන් යහපත උදෙසා කටයුතු කළෙමු. එය ජාතික වගකීමක් ලෙස සලකා කටයුතු කිරීම අපගේ ප්‍රතිපත්තිය වේ.

    ශ්‍රී ලංකාව අලුත් වෙනසකට පත් වී ඇති බව අද අප භුක්ති විඳින අත්දැකීමක් වී තිබේ. අධිවේගී මාර්ග, වරාය හා ගුවන් තොටුපොළ සම්බන්ධ ශීඝ්‍ර දියුණුව, කෘෂිකර්මය, කර්මාන්ත ක්ෂේත්‍රය හා සේවා අංශය තුළ සිදුවන සාධනීය වෙනස අප මුලින් සඳහන් කළ තත්ත්වය තවදුරටත් සනාථ කරනු ඇත. 8%කට ආසන්න වාර්ෂික ආර්ථික වෘද්ධියක් සටහන් කරන්නට පසුගිය වසර කිහිපය සමත් ව තිබේ. මහ බැංකුව සඳහන් කරන ලෙස 2012 වසරේ ආර්ථික වර්ධනය 9%ක් වේ.

    රටේ සාධනීය වෙනස්කම් නො රුස්සන පිරිසක් ද වෙති. ඔව්හු ආණ්ඩුවේ සියලු ප්‍රතිපත්ති හා සියලු ව්‍යාපෘති විවේචනය කරති. ඇතැම්විට සංවර්ධනය විහිළුවට ලක් කරති. ඇතැම් ප්‍රබල විරෝධාකල්පවලට පිළිතුරු සැපයීමට අපට සිදු විණි. සතුටට කාරණයක් වන්නේ එම පිළිතුරු ඇති බහුතර එළකිරි සාමාජිකයින් විසින් පිළිගනු ලැබ තිබීම ය. රටේ ජනතාවගෙන් බහුතරය ආණ්ඩුව සමඟ සිටිති. එය හුදු චරිත වන්දනාවකට වඩා රටේ සිදුවන යහපත් වෙනසට දැක්වෙන ප්‍රතිචාරයක් ලෙස සැලැකීම වඩා නිවැරැදිය.

    ආණ්ඩුව විසින් ගනු ලබන යහපත් – තීන්දු – තීරණ අගය කරමින් ම ආණ්ඩුවේ ඇතැම් අය අතින් සිදු වූ වැරැදි දෝෂ දර්ශනයට ලක් කිරීමටත් ඒ පිළිබඳ සාධනීය විචාරයක් කිරීමටත් අපට හැකි විය.

    ශ්‍රී ලංකාව අපේක්ෂා කරන යහපත් වෙනස සඳහා ජාතීන් අතර සමගිය හා සංහිඳියාව ඇති කළ යුතුය. සංවර්ධනය වේගවත් කළ යුතු ය. විනයගරුක සමාජයක් ඇති කළ යුතු ය. මේ උදාර කර්තව්‍යය උදෙසා අපි කඩේ ගියෙමු. හෙටත් කඩේ යන්නෙමු.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශ්‍රී ලංකාව අපේක්ෂා කරන යහපත් වෙනස සඳහා ජාතීන් අතර සමගිය හා සංහිඳියාව ඇති කළ යුතුය. සංවර්ධනය වේගවත් කළ යුතුය. විනයගරුක සමාජයක් ඇති කළ යුතුය. :yes::yes:
     

    collhk

    Well-known member
  • සුන්න පොනිමල්ගෙ ෆේක් එකක් :yes::yes:
    ලැජ්ජ නැද්ද යකෝ ෆේක් වලින් ඇවිත් ත්‍රෙඩ් බම්ප් කරගන්නෙ.:angry::angry::angry:

    "සුන්න පොනිමල්" හු හු හු ලැජ්ජාවේ බැ. මට ඔහම කිව්ව නම් පුක හපාගෙන මැරෙනවා..:angry::angry::angry::angry:
    නොදකින් වත් කැ_ පොන්නයා:P:P:P:P:P:P:P
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    "සුන්න පොනිමල්"හු හු හු ලැජ්ජාවේ බැ. මට ඔහම කිව්ව නම් පුක හපාගෙන මැරෙනවා..:angry::angry::angry::angry:
    නොදකින් වත් කැ_ පොන්නයා:P:P:P:P:P:P:P

    ලැජ්ජ වෙන්න දෙයක් නෑ. ඒක උගේ නම :P
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    සුන්න පොනිමල්ගෙ ෆේක් එකක් :yes::yes:
    ලැජ්ජ නැද්ද යකෝ ෆේක් වලින් ඇවිත් ත්‍රෙඩ් බම්ප් කරගන්නෙ.:angry::angry::angry:

    :no:

    ubada meke admin :angry:
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ශ්‍රී ලංකාව අපේක්ෂා කරන යහපත් වෙනස සඳහා ජාතීන් අතර සමගිය හා සංහිඳියාව ඇති කළ යුතුය. සංවර්ධනය වේගවත් කළ යුතුය. විනයගරුක සමාජයක් ඇති කළ යුතුය. :yes::yes:

    :yes: