Suneth Buddhika Agampodi
Panicking will not be helpful at all.
.****************************
Simply take a step back until we get the PCR results of close contacts. Avoid any activity which could increase the risk of further transmissions of the disease (assuming that you and people close to you are already infected)
.
By tonight/tomorrow morning, we will see the extent of the problem.
.
All institutions should take decisions thinking not only about the individuals and the institutions. They should rather think of the impact to the country.
************
You can’t compensate the effect of not adhering to simple precautions for weeks by taking drastic decisions.
බ්‍රැන්ඩික්ස් පොකුර බිහිසුණුම පොකුර වෙයි.. සේවක සේවිකාවන් රට පුරා.. සමාජයේ පැතිරීමක්..
October 5, 2020 at 10:05 pm | lanka C news
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්රිත පොකුර මගින් සමාජයට වෛරසය පැතිරීමට ඇති ඉඩකඩ ඉතා අහල බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ කර්මාන්ත ශාලාවේ සේවිකාවන් සමාජය තුල ගැවසී ඇති ප්‍රමාණය ඉහළ බවයි.
මෙම ස්ථානයට වෛරසය පැමිණියේ කෙසේදැයි මෙතෙක් සොයාගත නොහැකිවු බවද ඔහු කියා සිටියේය
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
මේ අතර මෙතෙක් ශ්‍රී ලංකාවේ වාර්තා වූ බිහිසුණුම කොරෝනා පොකුර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්රිත පොකුර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
පෙර වාර්තා වූ සියලු රෝගීන් ගේ ආරම්භය සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගත හැකි වුවත් මෙම පොකුරේ ආරම්භය හෝ ආශ්‍රිතයන් නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇතැයි සංගමයේ සංවිධායක ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
එනිසා උපකල්පනය කළ හැක්කේ මෙම කාන්තාවට සමාජය තුළින් වෛරසය ආසාදනය වූ බවත් එනිසා සමාජය තුළ වෛරසය පැතිරීමක් නැතැයි යන මතය දෙදරීමකට දක්වන බවත් ඔහු කියා සිටියේය.
මෙම ඇඳුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ පිරිස රට පුරා ව්‍යාප්ත වී සිටීම තවත් භයානක තත්ත්වයක් යැයි ද ඒ මහතා පෙන්වා දෙයි.
Last edited:
