අපට චන්දය දෙන උඹලා ….

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    අපට චන්දය දෙන උඹලා ….



    උඹලා ගොනුන් ය.

    මර්වින් සිල්වාගේ සියලු මැරකම් ඉවසා ඒවා ඉවසා වදාරණ අපටම චන්දය දීමෙන් උඹලා අපට දන්වා සිටියේ අපේ මුග්ධකම ඉවසන උඹලාගේ ගොන්කම පිළිබඳව ය.

    උඹලා තිරිසනුන්ය.

    ලසන්ත වික‍්‍රමතුංග උපාලි තෙන්නකෝන් වැනි උඹලා වෙනුවෙන් හඩක් නැගූ පත්තර කාරයින් මරා ගසා මාධ්‍යයේ නිදහස විනාශ කළ අපටම චන්දය දෙමින් අප පත්කිරීමෙන් උඹලා පෙන්නා ඇත්තේ උඹලා මිනිසත් බවටත් නොහොබිනා තිරිසනුන් බව ය.

    උඹලා ලෝභය. මසුරු ය. කෑදර ය.

    අල්ලස දූෂණය නරක බව දැන දැනම අපේ දන්සල් වන්දනා කිරීමෙන් උඹලා පෙන්නා ඇත්තේ කන්න දෙනවනම් බොන්න දෙනව නම් වෙන මොන කෙංගෙඩියක් තව ඔනෑ ද කියන දර්ශනයෙන් ජීවත්වන උඹලාගේ බඩ ජහරි කම ය.

    උඹලා ජඩ ය.

    උඹලාගේම අල්ලපු ගෙදර ඉන්න දෙමළා තලා පෙලා ඌට හිරිහැර කොට උගේ අයිතීන් උදුරාගෙන උගේ බිමෙ ඌ හිරකාරයින් කළ අපට දිගින් දිගට චන්දය දීමෙන් ඔප්පු කර සිටියේ උඹලාගේ ඒ ජඩකම ය.

    උඹලා අන්ධය.

    ඇමතිමණ්ඩලය ඉහවහා යද්දී උන් හතරවරං කෙලිද්දී ඒ සියල්ල දැන ඉවසා වදාරා අපට ම චන්දය දෙන උඹලා පෙන්වා සිටින්නේ උඹලා අන්ධ බව ය.

    උඹලා බිහිරි ය.

    දිනෙන් දින උසුලාගත නොහැකි බඩුමිල නිසා කන්නේ නැතිව හූල්ලන්නට සිදුව ඇති පීඩිත ජනයාගේ කෙඳිරිය වත් ඇහෙන්නේ නැතිව උන්ට කෙළවන අපටම චන්දය දෙන උඹලා බිහිරි ය.

    උඹලා වංචනික ය

    මත්පැන් යහමින් බොමින් මත්පැන් සල් විවෘත කරමින් මතෙන්ම යැපෙන පාලකයින් මූණිච්චාවට මතට තිත තියන්නට ඉදිරිපත්වන බව දැන දැනම මෙ නම් අපේ දිවයිනට පහළ වූ වාසනාවකැයි තමන්ම රවටා ගෙන ජීවත්වෙන උඹලා වංචනික ය.

    උඹලා බබ්බු ය.

    උපන්දිනයකට සුභ පෑතු පමණින් දරුවෙකුගේ කම්මුල මිරිකූ පමණින් මිනිසුන් බදා ගත් පමණින් සංවෙදී නායකයෙකුයැයි කියා උඹලා පෙන්වන ලාමක ගතියෙන් උඹලා ඔප්පු කර සිටින්නේ උඹලා දෙකට ගනින්නටවත් හරි හැටි දන්නේ නැති බබාලා බව ය.

    උඹලා කවුදැයි ඔප්පු කර පෙන්වන චන්දය හෙට අනිද්දා නැවතත් එන්නේ ය. ඒකෙදීත් අපටම චන්දය දීමෙන් තව දුරටත් උඹලාගේ සැබෑ තත්වය කුමක්දැයි පෙන්වා සිටීමට උඹලාට හැකි ය.

    තොපිට තලන්න කෙවිටක් ඇතැතිව කටේ ගහන්න සූප්පුවකුත් එක්ක 27 පෙනී සිටින්නම්. එදායින් පස්සෙ උඹලට තියෙන්නෙ පටි බැදගෙන නින්දා ඉවසගෙන උගස්කරපු රටක ජීවත්වෙන එකයි.

    උඹලාට සුභ අනාගතයක්!
     

    Wal Bada

    Well-known member
  • beyond frame ගෙන් අමු අමුවේ කොපි කරලා. උපුටා ගත්තු තැන දාන්නවත් බැරිද හැබෑට? BF ට ඇඩ්‍රස් නැතිවෙන්න එකෙක් ඕකට උත්තර දීලත් තිබුන. ඒකත් දැම්ම නම්?

    අපට චන්දය දෙන උඹලා ….

    නිර්පාක්ෂික වගෙ ඉඳල එක පක්ෂෙකට කඩේ යන ගමන් මිනිස්සු රවට්ටල තමගෙ බොරුව ප්‍රචරය කරන, උඹ (Beyond Frame) ගොනාය. ඔතන සෙට් එකක්ම ඉන්නවානම් උඹලා ගොනුන් ය.

    අහිංසක මිනිසූ ලක්ෂ ගණන් මරපු, අනාථ කරපු එල්. ටී. ටී. ඊ. කරානං හොඳයි කියන, එතකොට අපේ සිංහල මිනිහා නරකයි කියන. Beyondframe උඹ තමයි තිරිසනා

    මේ ඔක්කොම කරන්නේ තමන්ගේ බඩ වියත රැකන්ගන්න එන්.ජී.ඕ. කාරයන්ට පුක දීගෙන ඉන්න නුඹයි පුතේ ලෝභ, මසුරු හා කෑදර.

    මෙච්චර අපිව යුරෝපෙන්, ඇමෙරිකාවෙන් තලාපෙලා දාද්දි වචනයක් වත් කියන්න කට අරින්නේ නැති, ඒකට බය උඹලා ජඩ ය.

    ලංකාවට ඇවිල්ලා, ඔක්කම හොර වැඩ කරලා, අපේ අහිංසක මිනිස්සුන්ගේ ලේ මස් හූරං කාපු එන්.ජී.ඕ. කාරයෝ, ඒවගෙම යුද්ධෙට උඩ ගෙඩි දීපූ ආයුධ ගෙනත් දීලා අපේ අහිංසක සිංහල කොල්ලන් මරන්න උදව් කල එන්.ජී.ඕ. කාක්කෝ / රනිල් මහත්තයා ගැන උඹලා අන්ධය.

    රට ගොඩනගන්න මහන්සි වෙන්නනි, කතා කරන්න. රටට ආදරේ මිනිස්සු කියන කතා අපේ බ්ලොග් කරුව්න්ට අහන්න සලස්වන්නේ නැති,පොදු අපේක්ෂකයෙක් ඇවිල්ලා පිස්සු නටන, රට පවාදෙන්න හදඩන, මොඩ කත ඇහෙන්නෙ නැති … උඹලා (Beyond Frame, රාමචන්ද්‍ර්‍ර, Taboo subjects, baboona, දුකා) බිහිරි ය.

    මේ හැම දෙයක්ම දැන දැනත් නොදන්නවා වගේ කර අරින, බ්ලොග් එකට හිට්ස් ගන්න ගොඩක් බොරු කියන, මොනවා හරි කියලා ජනප්‍රිය වෙන්න බලන, ලංකාවේ මිනිස්සුන්ගේ වටිනාකම තේරුම් ගන්නේ නැති උඹලා වංචනික ය

    අන්තිමට කියනෙනේ ෆ්‍රෙමෝ උඹන අලිම අලිම
    බොරුකාර එකෙක්ය. අනේ Beyond Frame “උඹ බබා”
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    59303Dec22_J.jpg