අපට පාලනය කල නොහැකි ආදර නීතී 10ක්

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
අපට පාලනය කල නොහැකි ආදර නීතී 10ක්

2psd-80.png


ආදරය, සම්බන්ධතා කියන්නේ අපි හැමෝම ජිවිතේ විවිධාකාර අවධි වලදි විදින දකින දෙයක්. ඉතින් මේ ආදර කථා වල එකිනෙකාට අනන්‍ය දෙවල් වගේම අපි හැමෝම පිළිපදින අපිම හදා ගත්ත නීති රීති ටිකකුත් තියෙනවනේ. ඒකනේ එකිනෙකා තම තමන්ට ආවේනින ආදර නීති පොත් ලියන්නේ.ඔය ආදර නීති පොතට කැමති අය වගේම අකමැති අයත් ඕනි තරම්. ඔය මොන පොත ලිව්වත් විශ්වාසය, ගෞරවය, රැකවරණය, ආදරය කියන බැමි හතරෙන් වටවුනු සම්බන්ධතා හරිම සුරක්ෂිතයි, ඒ වගේම ශක්තිමත්. ඒක අපි හැමෝම පිළිගන්න දෙයක්. මේ කථා කරන්න යන්නේ අපේ සම්බන්ධතා සුරක්ෂිත වෙන්න නම් අපේ ආදර නීති පොතටත් අනිවාර්යයෙන්ම ඇතුලත් කරගන්න ඕනි කාරණා ,එහෙමත් නැත්නම් ආදර නීති 10ක්. මේ නීති වලින් මිදුනොත් නම් සම්බන්ධයක තියන බැමි ලිහිල් වෙන්න වැඩි කාලයක් යන එකක් නම් නෑ.

10.පළවෙනි සහ වැදගත්ම දේ තමයි, ඉක්මනින් බිදේන සුළු විශ්වාසය

15853760-6421460-0-0-1503322614-1503322639-2000-1-1503322639-650-04f9ebaa03-1504614278-1.jpg


විශ්වාසය තමයි හැම බැදීමකම අඩිතාලම වෙන්නේ , සමහරවිට අපි නොහිතා කරන පුංචි පුංචි දේවල් නිසා හරි ඉක්මනට විශ්වාසය බිදෙනවා. එකයි විශ්වාසය කැඩපතකට සමාන කරලා තියෙන්නේ. බිදුනාට පස්සේ පිළිසකර කරන එක අමාරු වැඩක් . කොච්චර මහන්සි උනත් ඉරිතැලීම් දිගටම තියෙනවා. ඒ නිසා ශක්තිමත් බැඳීමක් තියාගන්න නම් තමන් ගන්න තීරන ගැන දෙපාරක් හිතන්න . ඒ වගේම අනිත් පාර්ශවය අදහස් ගැනත් සැළකිලිමත් වෙන්න. මේ දෙවල් ඔබේ බැදිමේ අඩිතාලම තව තවත් ශක්තිමත් කරනු නොඅනුමානයි

9.ඒකාකාරී බව

15853810-6479360-1-0-1503333031-1503333051-2000-1-1503333051-650-04f9ebaa03-1504614278-1.jpg


අපි හැමෝම කෘතග්ජන මිනිස්සුනේ .ඉතින් කාලයත් එක්ක බැදිම් වල ආදරේ, ඒකාකාරි බවක් දැනෙන එක සාමාන්‍ය දෙයක් . ඔය කතාවකුත් තියෙන්නේ පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවේ. මේ දේ වැරදියට තෙරුම් ගන්න ගොඩාක් දෙනෙක් ඉතා ඉකමනින්ම තමන්ගේ බැදීම කඩලා දලා කාලයක් ගත උනාම පසුතැවෙනවා. ඉතින් වෙන්න ඕනි බැදිම් කඩලා දාන එක නෙවේ. ජිවිතයත් එක්ක හැල්මේ දුවන් නැතුව පොඩි වෙනසක් කරන්න, අලුත් අත්දැකීම් දෙන්නාත් එක්කම ලබා ගන්න, තමන්ගේ හැගීම් ගැන ,ප්‍රශ්න ගැන හැම වෙලවේම විවෘත වෙන්න

8.අපි දෙන්නා එක්කෙනක් කිව්වාට , ඒක එහෙමම නෙවේ

15853860-6500010-2-0-1503342801-1503342809-2000-1-1503342809-650-04f9ebaa03-1504614278-1.jpg


ආදරයක් පටන් ගද්දි දෙන්නාම එක්කෙනෙක් කියලා හිතන එක හොද දෙයක් තමයි. ඒත් ඒක හැමතැනටම ආදළ නෑ. වෙනස් පවුල් පසුබිම්, වෙනස් අධ්‍යාපන තත්ව, වෙනස් ජිවන වටපිටාවල් තියෙන දෙන්නෙක්ගේ අදහස් කොහෙත්ම 100%ක් සමාන වෙන්න බෑ. ඉතින් තීරණයක් ගද්දි දෙන්නා දෙපැත්තක කියලා කලබල වෙන්න එපා

7.විවාහය ,දරුවන් කියන්නේ කාගේවත් තීරණයක් නෙවේ. ඒ අභියෝග

15853910-6518010-3-0-1503357204-1503357236-2000-1-1503357236-650-04f9ebaa03-1504614278-1.jpg


සමහරු හිතනවා විවාහය නිසා අපේ බැදිම් තහවුරු වෙනවා. ඊට පස්සේ දරුවෝ ඇවිත් අපි දෙන්නාගේ බැදීම ලිහිල් කරනවා කියලා. නෑ ඇත්ත ඒක නෙවේ.මේ ඔක්කෝම අභියෝග. වගකිම්, බැදීම් ගැන තියන අභියෝග. මේවාට බයේ පැනලා යන්න. එක්කෙනෙක්ගේ කරමතට හැම වගකිමක්ම දාන්නත් එපා. මුලින් නුපුරුදු උනාට කාලයත් එක්ක මේ හැම බැදිමක්ම හරියට කළමනාකරණය කරගන්න අපි පුරුදු වෙනවා. හැබැයි ඉවසීම නම් තියෙන්නම ඕනී.

6. ආකර්ෂණය හරිම තාවකාලිකයි.

15853960-6709960-4-0-1503408022-1503408029-2000-1-1503408029-650-04f9ebaa03-1504614278-1.jpg


ආදරයක් පටන් ගන්න මුල් කාලෙදීනම් එයා කරන පුංචි පුංචි දේවල් පවා හරිම ආකර්ශනීය යි නේද? නමුත් කාලයත් යද්දි ඕක වෙනස්ව වෙනවා. මෙතනදි කලබල වෙන්න එපා.මේ දේ ප්‍රශ්නයක්කර ගන්නත් එපා. දෙන්නා අතර හොද සන්නිවේදනයක් තිබ්බොත් කිසිම ගැටලුවක් පැන නගින එකක් නෑ.


5. තනිකම

15854010-6751360-5-0-1503422307-1503422313-2500-1-1503422313-650-04f9ebaa03-1504614278-1.jpg


සම්බන්දයක් පටන් ගත්තාම තනි වෙන්න අපි කවුරුත් කැමති නෑනේ. හැබැයි ආදරේ කරන ගොඩාක් දෙනෙක්ට යම් යම් ආවස්ථා වල තනිකම දැනෙනවා. ඉතින් , එයා දැන් ඉස්සර වගේ නෑ. මං ගැන හොයන් නෑ වගේ චෝදනා හැමතැනම.අනිත් කෙනාගේ වැඩ රාජකාරි එක්ක එහෙම දෙයක් වෙන්න පුලුවන් . ඒ වගේ අවස්තා වලදි කලබල වෙලා බැදිම් ලිහා ගන්නත් එපා. මේ කියන්නේ පාඩුවේ ඉන්න කියලා නෙවේ.ඉවසිල්ලෙන්, හෙමින් හොයලා බලන්න. තේරුම් ගන්න.

4.කාලෙන් කාලේට එන අමුතු සිතුවිලි

15854060-6805460-6-0-1503439463-1503439483-2000-1-1503439483-650-04f9ebaa03-1504614278-1.jpg


බොහෝ දෙනෙක් කලබල වෙන නමුත් සාමාන්‍ය ප්‍රශ්නක්. අපිට හිතෙන්න පුලුවන් මං වෙන කෙනෙක් ලගට ගියොත් මීට වඩා හොද ආදරයක් ලැබෙයි. එහෙමත් නැත්නම් මේ මට හොදම කෙනා නෙවෙයි කියලා. මේ වගේ දෙවල් ගොඩාක් හිතෙන්නේ අපි තනියම ඉන්න වෙලාවට. හැබැයි ටිකක් කල්පනා කරොත් තමන්ගේ බැදීමේ තියෙන අඩුපාඩුකම් වලට වඩා වැදගත්කම් මතක් වෙයි.

3. නිතර නිතර මුණ නොගැසීම

15854110-7012210-7-0-1503508875-1503508985-2500-1-1503508985-650-04f9ebaa03-1504614278-1.jpg


අපි හරි කැමතියි නේ අපි ආදරේ කරන කෙනා එක්ක හැමවෙලේම ලගින් ඉන්න. එහෙම ආදර කථා දැන් කාලේට නම් වලංගු නෑ. මේ තරගකාරි ලොකේ ඔක්කෝම අත ඇරලා ලගට වෙලා හිටියොත් නම් ඔන්න අපි පරාදයි. රැකියාව, ඉගෙනීම වගේ දෙවල් එක්ක නිතර මුණගැහෙන එක ටිකක් අමාරු වැඩක්. හොදම දේ තමයි පුලුවන් හැමවේලාවම වෙන්කරන ගමන්, අනෙකා ගැන ,එයාගේ තත්වය තේරුම් ගන්න එක

2.අනෙක් කෙනාට රිදවීම

15854160-7065360-8-0-1503522937-1503522953-2500-1-1503522953-650-04f9ebaa03-1504614278-1.jpg


ඔන්න තවත් ලොකුම වැරද්දක්. අපේ කට්ටිය හරි දක්ශයි නේ පුංචි පුංචි දේවල් මතක තියන් ඉඳන් අනෙක් කෙනාට රිද්දන්න. ඒ වගේ ප්‍රශ්න විසද ගත්තාට පස්සේ හිතින් ආත් කරන්න.මතක් කර කර අනෙක් කෙනාව රිද්දුවොත් ඒ බැදීමේ ලොකූ පලුද්දක් එයි. ඒ වගේම ඔබේ ලේත් අපිරිසිදු වෙයි

1.ආදරේට තනියෙන් ජිවත් වෙන්න බෑ

15854210-6965910-9-0-1503494430-1503494439-2500-1-1503494439-650-04f9ebaa03-1504614278-1.jpg


හැමෝම හිතන්නේ ආදරේ කියන්නේ හැගිමක් විතරක් කියලා. නෑ ඒක ක්‍රියාවක් . ඒ හෑගිමට විතරක් බැදිම් ආරක්ශා කරන්න අමරුයි. මොකද එහෙම උනොත් ඉතුරු වෙන්නේ හැගීම විතරක් නිසා. ඒ නිසා තමන්ගේ ආදරේ පෙන්වන්න. ඒක ජීවත් කරවන්න.ඇත්තටම මේ ලිපිය ඔබට යම් තරමක හෝ පිටුවහලක් උනා නම් මේ ලිපිය ඔයාගෙ ආදරය කරන කෙනාට පෙන්වන්න, යහලුවෙක්ට පෙන්වන්න ඒ වගේම ඔයා මේ කරුණු 10 ගැන හිතන දේවත් අපිට කියලා යන්න පහලින්.සුභ දවසක් ඔයාලා හැමෝටම.

WADAGATHNAM REP KORONTO;)
 
  • Like
Reactions: Lejayange