Godak eunta oka kiyawala anik page ekata yaddi amathaka wenawa
20-124. යමකු මාගේ මෙනෙහි කිරිම පිටුපාන්නේද, නියතවශයෙන් ඔහුට (මෙලොවදී) දුඃඛිත ජීවිතයකි. කියාමත්(මළවුන් කෙරෙන් නැගිටුවන) දිනයේ අපි ඔහු අන්ධයකු ලෙස නැගිටුවන්නෙමු.
20-125. මාගේ රබ්(පරමාධිපතියාණෙනි) ඔබ මා (අද) අන්ධව එක්රැුස් කළේ කුමක් නිසාද? මා (පොළෝ ජීවිතයෙහිදී) දකින්නකු ලෙස ජීවත්වීමි යැයි ඔහු (එවිට) කියයි.
20-126. එසේය, අපගේ ආයාත්(වදන්) නුඹ වෙත පැමිණියේය. නමුත් නුඹ ඒවා අමතක කළෙහිය. එලෙසම, මෙදින නුඹ අමතක කරනු ලබන්නේයැයි ඔහු(අල්ලාහ්) කියන්නේය.
20-127. තවද, සීමාවන් කඩ කර තම රබ්(පරමාධිපති)ගේ ආයාත්(වදන්) විශ්වාස නොකළ අයට (මෙලොවදී) අප ඵලවිපාක දෙන්නේ එලෙසය. තවද (ඔවුනට) පරලොව වේදනාව වඩාත් බිහිසුණුය. වඩාත් ස්ථායීය.
20-135. සෑම දෙනාම (අවසාන ප්රතිඵලය) බලා සිටිති. නුඹලාද එසේම බලා සිටිනු. සෘජු මාර්ගයේ අය කවුරුද යන්නත්, යහමඟ අය කවුරුද යන්නත් නුඹලා මතු දැන ගන්නෙහි යැයි (නබි මුහම්මද්) කියනු.