අපට_ඕනෑ_යුද්ධය
අපට ඕනෑ යුද්ධය- දෙමළු නැත්තන් හම්බයෝ
දශක තුනක දෙමළ සහ සිංහල ලේ ගංඟා වල පිහි නූ ශ්‍රී ලාංකික ජාතිය වන අපි යුද්ධයේ ජයග්රහණයෙන් ලද දායාද ලෙස ලෝකයා ඉදිරියේ කොන්වීමට පටන් ගෙන ඇත. එයට අමතරව ගෝත්රිකවාදී රාජ්‍ය නායකයෙක් හා ඔහුගේ පරම්පරාවට ඔවුනට රිසි සේ රට බෝලයක් සේ සිතා පන්දු කෙලියකට මෙන් ඉඩ දී තිබේ.
නැව් නොඑන වරායවල්, කුරුළු ප්රහාරයන්ට ලක්වන ගුවන්තොටුපොළවල් හා අග නගරය මධ්‍ය යේ ලැම්බෝගිනි කාර් රේස් සමග ලක්ෂ සංඛ්‍යාත අග නගරයේ පැල්පත් වාසීන් බුල්ඩෝසර් කරමින් සිටී. ඔවුන් මෙය නම් කර ඇත්තේ නූතන මහින්දාගමනය යටතේ ආසියාවේ ආශ්චර්ය ලෙසයි.
බොදු බල සේනාව නමින් අප මුලින් හැඳින්වූ කහ සිවුරු පොරවාගෙන තට්ටය ගා ගත් පාදඩ රැල මේ වන විට බොදු බලු සේනාව නොව බොග බලු සේනාව දක්වා වර්ධනය වී ඇති බව කිව හැක. දෙමළ බිල්ලාගෙන් ආරම්භ කළ සුළු ජාතීන් මර්ධනය කිරීමේ මොවුන්ගේ උමතුව මේ වන විට මුස්ලිම් ජාතිකයින්ට එරෙහිව ගෝත්‍රික අදහස්වලින් පිරි සිංහල ජාතික පාදඩයන් හා මධ්‍ය පංතික නරුමයන් උසි ගන්වමින් සිටී.
එවන් පසුබිමක් යටතේ එයට එරෙහිව යම් සීමාවන් තිබුණද වාමාංශික ප්රවාහයේ සිට මහින්ද රාජපක්ෂගේ දෑත ශක්තිමත් කිරීමට ගිය බද්දේගම සමිත නම් බෞද්ධ
හිමි නම සමග ජනරල පුවත්පත වෙනුවෙන් ආශිකා බ්‍රාහ්මණ පවත්වා තිබූ සම්මුඛ සාකච්ඡාවක් Independent වෙබ් අඩවියේ පල වී තිබුණි. එය පහත පල වේ. මධ්‍යස්ථ මනසකින් යුතු පාඨකයන් මෙය කියවන්නේ නම් මෙහි තිබෙන භයානකත්වය තේරුම් යනු ඇත.
මේ ක්‍රිස්තියානි කාරයෙක් හෝ එන්ජීඕ කාරයෙක් හෝ යූඑන්පී කාරයෙක් හෝ වෙනත් රජයට විරුද්ධ පුද්ගලයෙක් හෝ වෙනත් ආගමික ලබ්දිකයෙකු නොව මේ මහින්ද රාජපක්ෂ රෙජීමයේ කැබිනට් අමාත්‍ය ධූර දරන අමාත්‍යවරුන් සිටින පක්ෂයක සාමාජිකයෙක් කරන ප්‍රකාශයකි. රටේ අගාධය ගැන තේරුම් ගැනීමට මෙම සාකච්ඡාව වැදගත් වනු ඇතැයි අපි සිතමු.
ආරක්ෂක ලේකම් අන්තවාදීන්ට සහයෝගය දෙනවා
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මන්තී‍්‍ර – පූජ්‍ය බද්දේගම සමිත හිමි සමඟ ජනරළ පුවත්පත පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි
ස්වාමීන් වහන්ස, මේ වෙද්දි මතු වෙමින් තියෙන ජාතිවාදී, ආගම්වාදී ප්රවණතා ගැන මොකද හිතෙන්නෙ?
මගෙ අදහස තමයි මේක ඉතාම වැරැදි තත්වයක්. මේ තත්වය රටට හොද නැහැ. ලංකාව ගත්තොත් විවිධ ජාතීන් ජීවත් වෙන රටක්. ඒ නිසා එක් ජාතියකට, තවත් ජාතියකට, ආගමකට ගරහන්න අයිතියක් නැහැ. මේ සිද්ධ වෙමින් තියෙන්නෙ වැරැදි පූර්වාදර්ශයක්.
කුමන හෝ සමාජයක ප්‍රධාන යැයි කියන ජාතියකට හෝ ආගමකට වැඩි ඉඩක් තිබිය යුතුද?
කිසිම සමාජයක එසේ නොවිය යුතුයි. මනුෂ්‍යයා කොතනත් සමානයි. ඒ සමාන අයිතිය සෑම මනුෂ්‍යයකුටම ලැබිය යුතුයි. ප්‍රශ්න තියෙනව නම් සාකච්ඡා මගින් විසදා ගත යුතුයි.
ඔබ වහන්සේ ඔය විදියට කතා කළාට හන්දියක් හන්දියක් ගාණෙ සමුළු තිය තිය ජාතිය ගැන, ආගම ගැන විශාල ප්රබෝධයකින් කතා කරනවා?
මම හිතන්නෙ බොදු බල සේනාව ගැන වෙන්න ඕන අහන්නෙ.
ඔව්, ඒ ගැනත් කතා කරමු?
බොදු බල සේනාව කියන්නෙ මේ සමාජයට අහිතකර වගේම ආගන්තුක දෙයක්. ඔවුන් හැසිරෙන්නෙ අල්කයිඩා සංවිධානය වගේ. මේක බෞද්ධ සම්ප්රදාය නෙමෙයි. ඒ නිසා සම්ප්රදාය විරෝධී කලහකාරීව හැසිරෙන මේ පිරිස එළවා දැමිය යුතුයි. ඒක තමයි බොදු බල සේනාව ගැන මගේ අදහස.
ඔබ වහන්සේ කිව්වට එය අල්කයිඩා සංවිධානය වගේ කියල, එතනත් නියෝජනය කරන්නෙ, පෙරමුණ අරගෙන වැඩ කරන්නෙ භික්ෂු සමාජයෙම පිරිසක්?
පැහැදිලිවම. සම්ප්රදාය විරෝධී කලහකාරී පිරිසක්.
ඒ කියන්නෙ ‘බොදු බල සේනාව’ කලහකාරීන් පිරිසක්?
ඔව්.
නමුත් එය මේ සමාජයෙන් ප්‍රතික්ෂේප කරල හෝ පිළි නොගන්නා තැනට පත් වෙලා නැහැ?
මෙහෙමයි, මට කියන්න තියෙන්නෙ මේ රටේ පිළිගත් ගිහි පැවිදි සමාජය මෙය ප්‍රතික්ෂේප කරල තියෙන්නෙ. මල්වතු මහානායක හිමිවරුන් වගේම කැලණි විහාරයෙ නායක හාමුදුරුවෝ, ඉත්තෑපාන නායක හාමුදුරුවෝ වගේ මේ රටේ නායක හාමුදුරුවරු මේක ප්‍රතික්ෂේප කරලා තියෙන්නෙ. බෞද්ධ සමාජය තුළ සැබෑ බෞද්ධයො මේ වටා එකතු වෙන්නෙ නැහැ. ජාතිවාදීන් කොටසක් තමයි මේව කරන්නෙ. ඕවට ආකර්ෂණය වෙන්නෙත් ජාතිවාදීන්. ඔය ජාතිවාදී වැඩ පවතින්නෙත් කෙටි කාලයක් විතරයි.
ඒ කෙසේ වෙතත් බුද්ධාගමට තර්ජනයක් තියෙනවා, මූලධර්මවාදය කි‍්‍රයාත්මක වෙනවා කියනවා. ඒ විදිහෙ තර්ජනයක් හෝ මූලධර්මවාදයක් කි‍්‍රයාත්මක වෙනවද?
මෑත ඉතිහාසය පුරාම ඔය වගේ කතා කියවුණා. මුලින්ම කිව්වා දෙමළ මූලධර්මවාදයක් ගැන. ඊට පස්සෙ ඔය හෙළ උරුමය වගේ ඒවා එන්නෙ කි්රස්තියානි මූලධර්මවාදයට එරෙහිව. සෝම හාමුදුරුවෝ මරා ගත්තා කියලනෙ කිව්වෙ. කතෝලික පල්ලි ආක්‍රමණයක් තියෙනවා, ඒකට එරෙහිව නැගී හිටින්න ඕනෙ, බුද්ධාගම විනාශ කරන්න හදන්නෙ, ඔය වගේ කතන්දර කියලනෙ එන්නෙ. හැබැයි මෙහෙම කියල සෝම හාමුදුරුවන්ගෙ මරණය කරගහගෙන පාර්ලිමේන්තුවට ගිය අය අඩුම තරමේ සෝම හාමුදුරුවෝ මැරුණද, මැරුවද කියලවත් හොයා ගත්තෙ නැහැ. පාර්ලිමේන්තුවට ගියාට පස්සෙ ඒ හැමදේම අමතක වුණා. ඊට පස්සෙ මෑත භාගයෙ අපි දැක්කා බිය ගැන්වීම් කරල අවශ්‍ය වැඬේ කරගන්න ස්වභාවයක්. දැන් නිර්මාණය වෙලා තියෙන්නෙ එහෙම දේශපාලන සංස්කෘතියක්. මගේ විශ්වාසය නම් රටේ මිනිස්සු බිය ගන්වල කලබලකාරී තත්වයක් නිර්මාණය කරන්න හදන්නෙ.
ආගම්වාදී ජාතිවාදී ප්රවණතාවන් ඒ දේශපාලන සංස්කෘතියෙ කොටසක් කියලද ඔබ වහන්සෙ කියන්නෙ?
පෙන්නුම් කරන්නෙ එහෙම දෙයක් තමයි.
මේ ප්රවණතා බලවත් වෙන්නෙ කොහොමද?
කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි බොහොම පැහැදිලිව ආරක්ෂක ලේකම්වරයා සහයෝගය දෙන බව සාක්ෂි සහිතවම දැක්කා. ඉතින් මේ ජාතිවාදී කණ්ඩායම් ඒ හෙවණැල්ලට මුවා වෙලා අපරාධ කරන බව තමා පේන්න තියෙන්නෙ. මොකද රටේ ජනතාව පෙළන ඇත්ත ප්‍රශ්න බොහොමයක් තියෙනවා. ජීවන වියදම වගේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න මේ වගේ වැඩකට නැති දේවල්වලින් පුළුවන් කියල රජය විශ්වාස කරන බවක් තමයි පේන්නෙ. බොහෝ විට රජයක ස්වභාවයත් ඒක. ඒක ඉතාම නරක ආදර්ශයක්. බොහොම පැහැදිලි කාරණයක් තමයි අපි දැන් මේ යන්නෙ අරාජිකවාදයට.
තවත් පැත්තකින් මුස්ලිම් ආගමට එම ජාතිකයන්ට එරෙහිව තිබුණ විරෝධය විහාරස්ථාන කරාත් පැමිණ තිබෙනවා?
මේ තියෙන දූෂිත සමාජ ක්‍රමය තුළ තියෙන රෝගී තත්වයක් මේක. බරපතළ රෝගයක ලක්ෂණ. මේක අවසාන වශයෙන් විශාල ජන පීඩාවකට හේතු වෙනවා. විශේෂයෙන්ම බුදු දහම සාමකාමී දහමක් හැටියට තමා ලෝකයෙ තියෙන ප්‍රතිරූපය. මේ වෙන දේවල් ඒ ප්‍රතිරූපයට විශාල හානියක්. මේ කලහකාරී කි‍්‍රයා පිළිවෙත දැඩිව ප්‍රතික්ෂේප කරන්න ඕනෙ. ඒ වගේම තමයි ඉතාම පරිස්සමින් මේ ප්‍රශ්න කළමනාකරණය කරගත යුතුයි කියල තමයි මම විශ්වාස කරන්නෙ.
පරිස්සමෙන් කළමනාකරණය කරගත යුතුයි කියන්නෙ දෙපැත්තම බේර ගන්න ඕනෙ කියන එකද?
මෙතන රජයට වගකීමක් තියෙනවා කිසිම ආගමකට නින්දා අපහාස කරන්න එපා කියල නීති පනවන්න. කැලැඹීම් ඇති නොවෙන ආකාරයට කි‍්‍රයා කරන්න ජනතාවට නියම කරන්න ආණ්ඩුවකට පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම මේ කාරණය තහවුරු කරල තියෙනවා. අනිත් පැත්තෙන් සියලූ ආගම්වල අය, තවත් අයෙකුට, ආගමකට පීඩාවක් නොවන ආකාරයට කටයුතු කළ යුතුයි. ප්‍රශ්න ඇති වෙන විට සාකච්ඡුා මාර්ගයෙන් විස`ද ගන්න පුළුවන් වෙන්න ඕන.
නමුත් හන්දි ගාණේ සිදු කරන ප්රකෝපකාරී අභියෝග වළක්වන්න කිසිවෙක් මැදිහත් වෙලා නැහැ. දවසින් දවස වෙන්නෙ මේවා පෝෂණය කරන එක?
කොහොමත් සිද්ධ වෙන දේවල්වලට මම එකග වෙන්නෙ නැහැ. මේවා සම්පූර්ණයෙන්ම අතුගාලා දාන්න ඕනෙ. එහෙම නැතිව මේ තත්වයන් හොද අතට හරව ගන්න බැහැ.
ජාතිවාදය හෝ ආගම්වාදය හෝ කුමන හෝ අන්තවාදයක් දේශපාලන ප්‍රොජෙක්ට් එකක් විය නොහැක්කක්ද?
කොහොමත් රජය දැනුවත්ව තමා මේ දේවල් වෙන්නෙ කියල පේනව. රජය නොදැනුවත්ව මේ තරම් දුරකට ඔය දේවල් කරන්න බැහැ. මොකද අපි දැක්කනෙ ආරක්ෂක ලේකම්වරයම මැදිහත් වෙන ආකාරය. ඒක කළ යුතු දෙයක් නෙමෙයි. නමුත් ආණ්ඩුව නිශ්ශබ්දව ඉන්නවා.
දේශපාලනමය වාසියට?
වෙන්න පුළුවන්.
ඒ කියන්නේ භික්ෂූන් වහන්සේලා කරන්නෙත් ආණ්ඩුවට අවශ්‍ය දේවල්, ආණ්ඩුවට තමයි මේ කලහකාරී තත්වයන් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව තියෙන්නෙ?
හැම දෙනාම මේකට අයත් වෙන්නෙ නැහැ. ජාතිවාදියො තමයි එකතු වෙලා අනවශ්‍ය දේවල් කරන්නෙ. මේවා බුද්ධිමත් විදිහට තේරුම් ගන්න ඕනෙ.
ඒ වගේම තමයි ස්වාමීන් වහන්ස අඩුම තරමේ එක බෞද්ධයෙක්වත් නැති ප්‍රදේශවල බුදු පිළිම හදනවා. ආගම් විරෝධීන් කියලා නිවෙස්වලට ඇවිත් තර්ජනය කිරීම් කරනවා. ආගමෙන් පිට කන බොන එකත් ප්‍රශ්නයක් වෙලා. මේ ගැන මොකද කියන්නේ?
බුදු දහම ආක්රමණකාරී දහමක් නෙමෙයි. ඉතිහාසය පුරාම අපි පාවිච්චි කළ කඩුව තමයි බුද්ධිය. ප්‍රඥාව. මිථ්‍යා අදුර දුරු කිරීම තමයි අපේ අරමුණ වුණේ. කොතනකවත් බුදු දහම ආක්‍රමණශීලී විදිහට ව්‍යාප්ත වුණේ නැහැ. මට හිතෙන විදිහට තවත් දෙයක් තමයි බෞද්ධ සලකුණු යම් යම් අරමුණු සදහා යොදා ගන්නා බවට පේන්න තියෙනවා. මේ වගේ දේවල් කවුරු කළත් වැරැදියි. මේ පහර ගහන්නෙ මිනිස්සුන්ගෙ අයිතියට. බෞද්ධ විරෝධී අශීලාචාර හැසිරීම් මම සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා. බෞද්ධ භික්ෂු සමාජයෙන් මේක ඉවත් කර දැමිය යුතුයි. මේවට සාර්ථක වෙන්න ඉඩ තැබීම වරදක්. මේ පිරිස් හරියට බුදු දහම ගැනවත් දන්නෙ නැහැ. බොරු තර්ක ගෙනල්ලා මේ ජන සමාජය විනාශ කරන්න එපා කියල මම අවාධාරණය කරල කියනවා.
ඉතින් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේලත් ආණ්ඩුව නියෝජනය කරන පිරිසක්. ආණ්ඩුව නියෝජනය කරන බොහොමයක් වමේ පක්ෂ කියන්නෙ අපි ආණ්ඩුව තුළ ඉදන් අරගල කරනව කියලා. දැන් තියෙනවා අරගල කරන්න ඕනෑ තරම් දේවල්. ඒත් ඒ හැම දෙයක්ම වචන විතරක්ම වෙලා?
මම නියෝජනය කරන්නෙ ලංකා සම සමාජ පක්ෂය. පක්ෂයෙ මතය තමයි මම මේ ප්‍රකාශ කරන්නෙ. අපේ දේශපාලන මණ්ඩලය ඒ වගකීම මා වෙත පවරල තියෙනවා. මම ඒක තමයි කරන්නෙ.
මම අහන්නෙ තනි පුද්ගල වගකීම ගැන නෙවෙයි, සාමූහික වගකීම ගැන?
මෙහෙමයි අපි ඉන්නෙ සන්ධානෙක. මම පිළිගන්නවා සන්ධානෙක ඉන්නකොට සමහර දේවල් වෙනුවෙන් පෙනී සිටීමේ නොහැකියාවක් තියෙනවා. ඉදිරියෙදි මීට වඩා නිවැරැදි කරගන්න දේවල් තියෙනව වගේම මේ විනාශකාරී දේවල්වලට එරෙහිව කි‍්‍රයා කළ යුතු බවත් මම කියනවා.
ඔබ වහන්සේ කියන පෙනී සිටීමේ නොහැකියාව විසින් ඔබ වහන්සේම කියන ප්‍රතික්ෂේප කළ යුතුයි කියන දේවල්වල පැවැත්මටත් ඉඩක් හැදෙනව නේද?
පොදුවේ තමයි ඔය කාරණාව බලපාන්නෙ. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අපි පක්ෂව ඡන්දය දුන්නා. නමුත් පක්ෂය තුළ ඒකට බරපතළ විරෝධයක් තියෙනවා. ඒ වගේම තමයි අගවිනිසුරුවරියගෙ ප්‍රශ්නෙට අපේ එක මන්තී‍්‍රවරයෙක් පක්ෂව ඡන්දය දුන්නා. අපේ ඇමැතිවරයා විරුද්ධව ඡන්දය දුන්නා. මේ වගේ බලපෑම් එල්ල වෙනවා. ඉතින් සන්ධානවල ඉන්නකොට යම් යම් සීමාවන්ට යටත් වෙන්න වෙනවා. අපිට විතරක් චෝදනා කළාට වැඩක් නැහැ. විශේෂයෙන් ප්‍රධාන විපක්ෂය වෙන එක්සත් ජාතික පක්ෂයවත් කතා කරන්නෙ නැහැ. ඔවුන් පවා නිහ`ඩයි. බොහෝ දෙනා හිතන්නෙ මහනායක හාමුදුරුවරු විසද ගන්න ඕන ප්‍රශ්නයක් කියල. හරි නම් හැමෝම මේකට විරෝධය දක්වල, පෙළපාළි ගිහින් මර්දනය කරන්න ඕන.
භික්ෂු සමාජයටත් මෙතනදි විශාල වගකීමක් තියෙනව නේද?
ඔව් ඒක ඇත්ත. ඒ නිසා තමයි අපි විරුද්ධ වෙන්නෙ, මහානායක හිමිවරු විරුද්ධ වෙන්නෙ.
ඒ වුණාට මේ විරෝධය දැක්වීම් හුදෙකලා විරෝධය පෑම් නෙමෙයිද?
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මම වැදගත් හාමුදුරුවරු කිහිප දෙනෙක් එක්ක කතා කළා. වැදගත් හාමුදුරුවරු මේවට ලැජ්ජ වෙනවා. යක්කු වගේ හැසිරෙද්දි ඕනම කෙනෙක් බය වෙනවා. එහෙම කියල මම මේ වෙන දේවල් සාධාරණීකරණය කරනව නෙමෙයි. මම කීයටවත් බය වෙන්නෙ නැහැ. මම කියන්නේ නිර්භීතව ඉදිරිපත් වෙලා මේක මර්දනය කරන්න ඕන.
ස්වාමීන් වහන්ස මේක ඇත්තටම සිංහලයන්ගෙ රට ද? සිංහලයන්ට විතරද මේක අයිති?
එංගලන්තයට කියන්නෙ සුද්දන්ගෙ රට කියලනෙ. හැබැයි ලන්ඩන් නගරයට ගිහින් බැලූවොත් තේරෙයි මොන තරම් භාෂා ප්‍රමාණයක් කතා කරනවද, මොන තරම් ජාතීන් ප්‍රමාණයක් ජීවත් වෙනවද කියල. මේ රටේ වර්ග 3 යි ජීවත් වෙන්නෙ. භාෂා 2 යි කතා කරන්නෙ. අද ලෝකෙ කොහෙවත් එක ජාතියකට අයිති රටක් නැහැ. ශ්‍රේෂ්ඨ වෙන්න ඕනෙ මිනිස්සු මිසක් ජාතියක් හරි ආගමක් හරි නෙමෙයි.

you must be really jobless. or get paid by ngo , pathetic anyway 