අපනයනකරුවෙක් වන්නේ කෙසේද?
අපනයනය කිරීමට බලාපොරොත්තු වන භාණ්ඩ සඳහා ඉහළ ඉල්ලුමක් ඇති වෙළඳපොළක් සහිත රටවල් තෝරාගැනීම සහ එම වෙළඳපොළ ස්වභාවය පිළිබඳව අන්තර්ජාලය, පුස්තකාල පහසුකම්, තොරතුරු හා දත්ත පද්ධති ආදිය මුලාශ්‍ර කොටගෙන මනා අධ්‍යයනයක් කිරීම සාර්ථක අපනයනකරුවෙකු වීමේ තීරණාත්මක සාධක ලෙස හැඳින්විය හැක. අපනයනකරු විසින් වෙළඳපොළ ඉල්ලුම, වෙළඳපොළ නැඹුරුතා, වෙළඳපොළ වර්ධනය, දැනට සිටින සැපයුම්කරුවන් පිළිබඳව තොරතුරු විශ්ලේෂණයක් කිරීම හා තෝරාගත් වෙළඳපොළට අදාල භාණ්ඩ ප්‍රමිති අවශ්‍යතාවයන්, වෙළඳපොළ රෙගුලාසි, ඇසුරුම්කරණ හා ලේබල් ප්‍රමිති, පාරිභෝගික ආරක්ෂණ නීති සහ අනෙකුත් විශේෂිත දෑ පිළිබඳව සැලකිලිමත්වීම අනිවාර්ය අවශ්‍යතාවකි.
අපනයනකරු විසින් භාණ්ඩ අපනයනයට බලාපොරොත්තු වන රට සහ ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශ්වික සම්බන්ධතා සහ වෙළඳ ගිවිසුම් ආදිය තිබේ නම් ඒ පිළිබඳව අධ්‍යයනය කල යුතුය. අභිමත රටවලට භාණ්ඩ අපනයනයේදී බලපවත්නා තීරු බදු ගෙවීම් සහ අනෙකුත් බදුමය නොවන අවහිරතා පිළිබඳ අපනයනකරු දැනුවත්විය යුතුය. තවදුරටත් තෝරාගත් වෙළඳපොළ ඉල්ලුමට සරිලන අපනයන භාණ්ඩ සැපයීමේ හැකියාවෙන්ද අපනයනකරු පරිපූර්ණ විය යුතුය.
අපනයනකරුවන්ට අපනයන වෙළඳපොළ හා අපනයන නිෂ්පාදන පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනිම සහ අපනයන වෙළඳපොළ පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ව්‍යාපාරික පුස්තකාලය භාවිතා කිරීමේ පහසුකම සහ මණ්ඩලයේ අදාල අංශ මගින් අවශ්‍ය උපදේශන සේවාවන්ද ලබාදීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිරන්තරයෙන් සැදී පැහැදී සිටි.

අපනයනය කලහැකි භාණ්ඩ මොනවාද ?
CLICK HERE
භාණ්ඩ අපනයනය සඳහා බලපත්‍රයක් අවශ්‍යද ?
අපනයනකරුවෙක් ලෙස ලියාපදිංචි වන්නේ කෙසේද?

TFS