අපනයන ආදායමේ 17.26% ක වර්ධනයක්
2009 වර්ෂයේ සමස්ත අපනයන ආදායම වූ ඇමරිකානු ඩොලර් බිලියන 7.1 ඉක්මවමින්, 2010 වසරේ එම ආදායම ඇ.ඩො. බිලියන 8.3 ක් දක්වා වර්ධනය වූ බවත්, එය ප්‍රතිශතයක් ලෙස සියයට 17.26ක වර්ධනයක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. ආසියාවේ ආශ්චර්ය්‍ය කරා රට ගෙන යාමේ වැඩපිළිවෙලට අපනයන දායකත්වය ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක, 2011-2015 නව ක්‍රමෝපායන සැලැස්ම යටතේ හඳුනාගත් ප්‍රමුඛ අපනයන අංශ ප්‍රවර්ධනය තුලින් ඇමරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් ලබා ගැනීම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉලක්කය බවද ඒ මහතා සඳහන් කළේය.
ඒ සඳහා නව අපනයන සංස්කෘතියක් රටතුල ඇති කිරීමත්, ප්‍රමුඛ පෙළේ අපනයනකරුවන්ට සිය භාණ්ඩ හා සේවාවන් ජනතාවට ප්‍රදර්ශනය කිරීමට අවකාශ සැලසීම පිණිස පවත්වන ලද එක්ස්පෝ බසාර් අපනයන වෙළද ප්‍රදර්ශනය මගින් අපනයන ක්ෂේත්‍රයේ ප්‍රගමනය හා ඉදිරි ගමන්මඟ පිළිබඳව දේශීය ජනතාවට මනා අවබෝධයක් ලබාදීමට සමත්වූ බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
මේ අනුව මෙවැනි ප්‍රදර්ශනයන් ඒ සඳහා මහත් පිටුවහලක් බවද රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඇඟලූම්, රබර් නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ, මෘදුකාංග හා ඉලෙක්ට්‍රොනික්, විසිතුරු මසුන්, විසිතුරු මල් හා ශාක, මැණික් හා ස්වර්ණාභරන, ආහාර පාන, කුළුබඩු, පොල් නිෂ්පාදන, එළවලූ හා පළතුරු, පෝසිලේන් හා ඛනිජ නිෂ්පාදන, බෝට්ටු නිෂ්පාදන, අත්කම් නිපැයුම්, ඖෂධීය නිෂ්පාදන, ප්ලාස්ටික්, තෑගි භාණ්ඩ, අත්යන්ත්‍ර රෙදි සහ තේ නිෂ්පාදන වැනි ක්ෂේත්‍රයන්හි සමාගම් මේ සඳහා සහභාගි වූහ.