අපරාධකරුවන්_හෙළිදරව්_කරන_genealogy_web_sites
~ විදුසර ~
http://www.vidusara.com/2019/01/02/feature2.html?fbclid=IwAR0qF7vYeRhIBLUMLl6MwvjuNd28nkPlhlv0Fx9XYySB8quowrOZM5rdcuE
1974 හා 1975 වසර දෙක තුළ කැලිෆොaනියාවේ Visalia ප්‍රදේශයේ නිවෙස්වලට කඩාවැදී සිදු කළ මංකොල්ලකෑම් ගණනාවක් වාර්තා විය. තනි පුද්ගලයකු විසින් කරන ලදැයි පෙනෙන්නට තිබුණු මේ මංකොල්ලකෑම්වල දී දේපළ හානි කිරීම් හා නොවැදගත් දේ සොරකම් කිරීම් දක්නට ලැබිණි. 1975 අවසන් වන විට මේ මංකොල්ලකරුවා නිවාස 120කට කඩා වැදී තිබූ අතර එක් මිනිසකු මරා දමා තිබිණි. 1976 සිට 1979 දක්වා තවත් අපරාධකරුවෙක් කැලිෆොaනියාවේ Sacramento ප්‍රදේශය භීෂණයෙන් තැති ගන්වමින් සිටියේ ය. නිවෙස්වලට කඩාවදිමින් ස්ත්‍රීන් දූෂණය කළ මොහු, සිදු වීමෙන් පසුව පවා දුරකතනයෙන් අමතමින් ඔවුන්ට තර්ජනය කිරීම් සිදු කිරීමට කටයුතු කර තිබිණි. ඒ අතරවාරයේ මිනීමැරීම් ද කිරීමට ඔහු පසුබට වී තිබුණේ නැත. 1979 සිට 1986 දක්වා තවත් බිහිසුණු අපරාධකරුවකු කැලිෆොaනියාවේ දකුණුදිග ප්‍රදේශයෙන් බිහි වී තිබිණි. ඔහු ද ස්ත්‍රී දූෂණ හා මිනීමැරුම් ගණනාවකට මුල් වී තිබිණි. පසුව හෙළිදරව් වූයේ මේ ප්‍රදේශ තුනේ ම අපරාධවලට හේතු වී තිබුණේ එක් පුද්ගලයකු බවයි. අන්වර්ථ නම් ගණනාවකින් හැඳින්වුණු 'රන් ප්‍රාන්තයේ මිනීමරුවා' (Golden State Killer) ලෙස වඩා ප්‍රකට වූ මේ අපරාධකරු 1974 -1986 කාලය තුළ නිවාස බිඳීම් සියයකට වැඩි ප්‍රමාණයකට, ස්ත්‍රී දූෂණ 50කට වැඩි ප්‍රමාණයකට හා මිනිමැරුම් 13කට වැඩි ප්‍රමාණයකට නීතියේ රැහැනට හසු කරගැනීමට ඕනෑ වී තිබිණි.
ඉතා දරුණු අපරාධ රාශියක් සිදු කළ ද මේ කාලය පුරා ම පොලිසියට හා අනෙකුත් අපරාධ පරීක්ෂණ ආයතනවලට මේ අපරාධකරු හසු කරගැනීමට නොහැකි වී තිබිණි. අපරාධ ස්ථානවලින් සැකකරුගේ ඩීඑන්ඒ සාම්පල ලබාගැනීමට හැකි වී තිබුණ ද ඒවා එක්සත් ජනපදයේ අපරාධකරුවන්ගේ හා සැකකරුවන්ගේ අති විශාල ඩීඑන්ඒ දත්ත ගබඩාවේ තොරතුරු හා නො ගැළපිණි. එමෙන් ම රූ සටහන් ආදිය යොදාගනිමින් ඔහු පිළිබඳ හෝඩුවාවක් ලබාගැනීමට පොලිසිය දැරූ සියලු උත්සාහයන් නිරර්ථක වී තිබුණේ පොලිසියට ඉමහත් අවමානයක් අත් කර දෙමිනි. ඊළඟ දශක හතර පුරාවට ම ඒ පිළිබඳ ව කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට බලධාරීන් අසමත් වූයේ එය නො විසඳුණු අපරාධ ගොනුවට එක් කරලමිනි.
2016 වසරේ නිවැරැදි තොරතුරක් ලබා දෙන්නකුට විශාල ත්‍යාග මුදලක් වෙන් කරමින් මේ පර්යේෂණය නැවත ආරම්භ වූ නමුත් ඒ පිළිබඳ ව සුබදායී ප්‍රතිඵලයක් ලැබී තිබුණේ නැත. කෙසේ වෙතත් 2018 වසරේ අප්‍රේල් මාසයේ දී කැලිෆොaනියා පොලිසිය හදිසියේ නිවේදනය කළේ තමන් රන් ප්‍රාන්තයේ මිනීමරුවා අත්අඩංගුවට ගත් බවයි. Joseph De Angelo නමැති මේ පුද්ගලයා අත්අඩංගුවට පත් වන විට වයස අවුරුදු 72ක් විය.
වසර හතළිහකට වැඩි කාලයක් තිස්සේ අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ මේ දරුණු මිනීමරුවා හදිසියේ අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ කෙසේ ද? එයට උපකාරී වී තිබුණේ තාක්ෂණික ලෝකයේ නව රැල්ලක් වන පෙළපත් වෙබ් අඩවි ය.
ජාන විශ්ලේෂණ තාක්ෂණයන් වඩා පහසු හා වඩා ලාභදායී ක්‍රියාවලියක් බවට පත් වීමත් සමඟ කරළියට පැමිණි මේ පෙළපත් වෙබ් අඩවි (genealogy web sites) ලෝකය පුරා ඉමහත් ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන තිබෙනවා. 23andMe හා Ancestry යන වෙබ් අඩවි පවත්වාගෙන යන සමාගම් මේ අතරින් ඉදිරියෙන් ම සිටිනවා. මේ වන විට ලොව පුරා මිලියන දහයකට වැඩි දෙනෙක් මෙලෙස තම ජාන විශ්ලේෂණය කරගෙන ඇති බවයි පැවසෙන්නේ. මේ සමාගම් හරහා ඕනෑ ම අයකුට තමාගේ ජාන සාම්පලයක් විශ්ලේෂණය කොටගෙන ඒවා එම වෙබ් අඩවියේ අඩංගු දැවැන්ත දත්ත ගබඩාවට ඇතුළු කොට සංසන්දනය කළ හැකියි. ඒ සඳහා කරන්නට තිබෙන්නේ අන්තර්ජාලයෙන් මුදල් ගෙවා උපාංග කට්ටලයක් නිවසට ගෙන්වාගෙන එයට තමන්ගේ කෙළ සාම්පලයක් දමා නැවත තැපැල් කර යෑවීම පමණයි. එවිට එම සාම්පලයේ ඩීඑන්ඒ විශ්ලේෂණය කිරීමට ඔවුන් කටයුතු කරනවා. මේ හරහා තමාගේ අතීත සම්භවය කෙබඳු එකක් වී ද, එනම් තමා තුළ අප්‍රිකානු, යුරෝපියානු හෝ ආසියානු පෙළපත්වලට අයත් ජාන කෙතරම් තිබෙනවා ද ආදිය සොයාගත හැකියි. එමෙන් ම තමාට කිසියම් ප්‍රවේණිගත රෝගයක් වැළඳීමේ අවදානමක් තිබෙනවා ද, යම් යම් අසාත්මිකතා තිබෙනවා ද යන්න ද මේ හරහා දැනගත හැකියි. කෙසේ වෙතත් මෙහි ඇති ඉතා ජනප්‍රිය යෙදුම නම් තම ජානමය තොරතුරු ඇතුළත් කර තමාගේ පවුල් පොතක් සැකසීමේ හැකියාවයි. විවිධ පුද්ගලයන්ගේ ජාන තොරතුරු මේ පද්ධතිය තුළට ඇතුළු කළ විට ඒ අතරින් පියා කවුද? මව කවුද? දරුවන් හා සහෝදර සහෝදරයන් කවුරුන් ද, මුණුපුරු මිණිපිරියන් කවුරුන් ද යන්න පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වෙමින් යන ජාන තොරතුරු හරහා නිර්ණය කළ හැකියි. විශාල පුද්ගලයන් ප්‍රමාණයක් මෙලෙස තොරතුරු ඇතුළත් කළ විට ඒ ඒ පවුල් ඉතිහාසය පුරා අතු ඉති විහිදා යමින් වැඩුණු ආකාරය දැනගත හැකියි. කුඩා කල සිට වෙන් වූ සහෝදර සහෝදරියන් සොයාගැනීම්, ලේ ඥාතීන් හඳුනාගැනීම්, හදා වඩාගැනීමට ගත් දරුවන් තම සැබෑ මවුපියන් සොයාගත් අවස්ථා ආදි සිදුවීම් ගණනාවක් මේ පෙළපත් අඩවි හරහා පසුගිය කාලය තුළ වාර්තා වුණා.
'රන් ප්‍රාන්ත මිනීමරුවා'ගේ පර්යේෂකයන් සිදු කර තිබුණේ මේ සේවාව අපරාධකරු පිළිබඳ ව හෝඩුවාවක් සොයාගැනීමට යොදාගැනීමයි. අපරාධ සිදු වූ ස්ථානවලින් අපරාධකරුවාගේ ඩීඑන්ඒ සාම්පල බොහෝ කලකට පෙර සොයාගෙන තිබුණත් ඒවා පවතින අපරාධකරුවන්ගේ ඩීඑන්ඒ ලැයිස්තු හා නො ගැළපුණු බැවින් මේ දක්වා එයින් ප්‍රතිඵලයක් අත්පත් කරගත හැකි ව තිබුණේ නැහැ. එහෙත් මෙවර පර්යේෂකයන් සිදු කළේ එම ඩීඑන්ඒ දත්ත යොදාගනිමින් පුද්ගල ගොනුවක් නිර්මාණය කර එය මෙවැනි පෙළපත් වෙබ් අඩවියක් වන GEDMatch තුළට ඇතුළත් කිරීමයි. ඒ හරහා එම පුද්ගලයාට දුරින් ඥාති සබඳතාවක් ඇති ඥාතීන් කිහිප දෙනකු හඳුනාගැනීමට පොලිස් නිලධාරීන් සමත් ව තිබෙනවා.
මෙය මේ පරීක්ෂණයේ තීරණාත්මක ම සොයාගැනීමයි. ඉන් පසු පොලිස් නිලධාරීන් පස් දෙනකු, පුරා මාස හතරක් තිස්සේ එම පුද්ගලයන්ගේ මවුපියන්, සහෝදර සහෝදරියන් හා දරුවන් ආදි සියලු ඥාතීන් පිළිබඳ විස්තර සොයමින් ඔවුන්ගේ පෙළපත් සටහනට අයිති සියලු ම පුද්ගලයන්ගේ තොරතුරු එක්රැස් කර තිබෙනවා. ඔවුන් මේ කටයුත්ත කර තිබෙන්නේ පැරැණි සංගණන වාර්තා, උප්පැන්න හා මරණ සහතික, පුවත්පත් දැන්වීම්, පොලිස් වාර්තා, වාණිජ ලියකියවිලි, සමාජ මාධ්‍ය ජාල ආදි මූලාශ්‍ර විශාල ප්‍රමාණයක් පීරා බලමිනුයි.
ඉන් අනතුරු ව එම පුද්ගලයන් ගෙන් මේ අපරාධය කිරීමට විභවයක් ඇති වයස් සීමාවන් දරන්නන් තෝරාගෙන ඔවුන් මේ අපරාධය සිදු වූ කාලය තුළ පදිංචි වී සිට ඇත්තේ කොහේ ද යන්න සොයා බලා තිබෙනවා. ඒ අනුව ඔවුන්ට පෙනී ගොස් ඇත්තේ මේ පෙළපතට අයත් De Angelo නම් පුද්ගලයා මේ කාල සීමාව තුළ අපරාධ සිදු වූ ස්ථානවලට ආසන්න ප්‍රදේශවල ජීවත් වී ඇති බවයි. ඉන් පසු පර්යේෂකයන් සිදු කර ඇත්තේ හොර රහසේ එම පුද්ගලයා නිරීක්ෂණය කිරීමයි.
එසේ කොට ඔහු විසින් ඉවත දමන ලද දෙයකින් ඩීඑන්ඒ සාම්පලයක් ලබාගෙන එය අපරාධකරුගේ ඩීඑන්ඒ දත්ත සමඟ සසඳා බලා තිබෙනවා. එමඟින් තහවුරු වී ඇත්තේ ඔහු නිසැක වශයෙන් ම රන් ප්‍රාන්තයේ මිනීමරුවා බවයි. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් පසුවයි.
De Angelo ගේ සිදුවීම මෑතකාලීන ව මෙසේ සිදු කෙරුණු පර්යේෂණ හරහා විසඳනු ලැබූ පැරැණි අපරාධ පරීක්ෂණ අතරින් කැපී පෙනෙන එකක් පමණයි. මේ වන විට මෙවැනි අපරාධකරුවන් 20කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට මේ ක්‍රමය සාර්ථක ව භාවිත කර තිබෙනවා.
කෙසේ වෙතත් තවමත් මෙය පිළිගත් අපරාධ විද්‍යා පර්යේෂණ ක්‍රමයක් ලෙස නීතිගත ව නැහැ. එනිසා එය පුළුල් ලෙස භාවිත කිරීමට ඉඩ ඇහිරී තිබෙනවා. උදාහරණයක් ලෙස 23andMe හා Ancestry යන වෙබ් අඩවි දෙක ම පොලිසියට තම දත්ත ගබඩාවලට ඇතුළු වීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. ඒ තම පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමේ අයිතිය යටතේයි. අනෙක් අතට ඔවුන් තම අඩවිවල ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන් ම කෙළ සාම්පලයක් ඉල්ලා සිටීම හරහා ව්‍යාජ නමක් යටතේ හෝ මේ සේවාව සඳහා ලියාපදිංචි වීමට ඇති ඉඩ අහුරා තිබෙනවා. ඔවුන් දැනට බලධාරීන්ට තම දත්ත ගබඩාවල ඇති තොරතුරු නිකුත් කරන්නේ උසාවි නියෝගයක් ඇත්නම් පමණයි. දැනට බලධාරීන්ට මෙවැනි පර්යේෂණ පැවැත්වීමට ඉඩ ලබා දී ඇත්තේ GEDMatch වෙබ් අඩවිය පමණයි. එතරම් ජනප්‍රියත්වයක් හිමි කරගත් වෙබ් අඩවියක් නො වන බැවින් එහි දත්ත ගබඩාව ඉතා විශාල එකක් නො වුණත් ඒ හරහා ද සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීමට ඔවුන් සමත් ව තිබෙනවා. කෙසේ වෙතත් මේ විවෘත ප්‍රවේශ සහිත වෙබ් අඩවිය වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින අතර ඊළඟ වසර කිහිපය තුළ විශාල වර්ධනයක් අත්පත් කරගනු ඇතැයි සැලකෙනවා. එමෙන් ම ඉතා ඉක්මනින් ම ජානමය තොරතුරු හරහා පෙළපත් මූලාශ්‍ර විමසා බැලීමේ මේ ක්‍රමවේදය නීතිමය ප්‍රතිපාදන සහිත අපරාධ වෛද්‍ය විද්‍යාවේ සාමාන්‍ය පිළිගත් තාක්ෂණික ක්‍රමවේදයක් වනු ඇති බවයි සැලකෙන්නේ.
ජානමය පෙළපත් සටහන් විමසා බැලීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඉඩ ලබා දීම ඉතා බරපතළ ලෙස පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීමක් බව සමහරුන් පවසනවා. එහෙත් නීතියේ ඇසට වැලි ගසා සැඟව සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් එම අපරාධවලට මුහුණ දුන් පුද්ගලයන්ට ඇති වන සැනසීම හා සමාජයේ ආරක්ෂාවට ඇති වන යහපත් බලපෑම සැලකීමේ දී එම පෞද්ගලිකත්වය උල්ලංඝනය වීම එතරම් සැලකිය යුත්තක් ද යන්න ප්‍රශ්නයක්. කෙසේ හෝ වේ වා මේ ක්‍රමවේදය ඉදිරියටත් බහුල ව භාවිත වීම නො වැළැක්විය හැකියි. 2019 වසරේ දී මේ උපක්‍රමය හරහා අපරාධකරුවන් අල්ලා ගැනුණු ප්රවෘත්ති විශාල ප්‍රමාණයක් අපට අසන්නට ලැබෙනු ඇති බවට සැකයක් නැහැ.
~ දමිත නිපුණජිත් ~
කාලයෙන් වසන් වුණු, අපරාධකරුවන් හෙළිදරව් කරන 'පෙළපත්' වෙබ් අඩවි