අපරාධ මඬින්න පොලිසියට නව මෘදුකාංගයක්

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    අපරාධ මඬින්න පොලිසියට නව මෘදුකාංගයක්

    පණ්ඩුක සමරසේකර|Dinamina

    ඕනෑම පුද්ගලයකු පිළිබඳ තොරතුරු හා දත්තයන් විනාඩි 3කින් ලබාගත හැකි දකුණු ආසියානු රටක පොලිස් දෙපාර්තමේන්තුවක් සතු එකම ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු පද්ධතිය තව නොබෝ දිනකින් ම මෙරට දී විවෘත කෙරේ.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මෙම මධ්‍යස්ථානය විවෘත කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පොලිස් මූලස්ථානයේ ඊයේ (23) පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කෙළේය. ලොව දියුණුම යුරෝපා රටවල පමණක් දැනට ක්‍රියාත්මක වන මෙම ක්‍රමය ආසියානු රටක ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව මෙය වන බැවින් රටේ පූර්ණ ආරක්ෂාව මෙයින් තහවුරු වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

    රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වීමේදී මෙම ක්‍රමය ඉතාම යෝග්‍ය වන බව මීට පෙර සිටි ‍පොලිස්පතිවරුන් ද ආරක්ෂක අංශ භාර ප්‍රධානියාට මෙන්ම රාජ්‍ය නායකයන්ට ද පෙන්වාදුන් නමුදු එහි නියම ප්‍රථිඵලය ලැබුණේ වත්මන් පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීමක් නිසා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවැසීය. මෙවැනි ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු මෘදුකාංග පද්ධතියක් ජපානයෙන් ආනයනය කිරීමට මිල ගණන් කැඳවා තිබුණු නමුදු එහි මිල රුපියල් කෝටි 80ක් පමණ වූ නමුදු මෙම මෘදුකාංග පද්ධතිය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විශේෂඥයන් විසින් රුපියල් කෝටියක පමණ ඉතාම අඩු මුදලකට සපයා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    මෙම පරිගණක පද්ධතිය මගින් මෙරට ඕනෑම පුද්ගලයකු පිළිබඳ ඕනෑම තැනක සිටින පොලිස් නිලධාරියකුට සිය භාරයේ ඇති පරිගණක මෘදුකාංගය මගින් ඔහු අපරාධකරුවෙක්ද නැද්ද යන වග සොයා ගැනීමට හැකිවන බවද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. මෙරට අපරාධකරුවන් ලක්ෂ පහක පමණ ප්‍රමාණයකගේ දත්ත පොලිසිය සතුවන බවත් ඉන් 1,30,000ක පමණ මේ වන විට මියගොස් හෝ සොයාගැනීමට නොහැකි වන බවත් පැවසූ අජිත් රෝහණ මහතා, දැනට තිබෙන පහසුකම් මත යම් පුද්ගලයකු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට දින 15ක් පමණ ගතවන බවද ප්‍රකාශ කළේය.

    මෙම නව ක්‍රමය මගින් ජනතාවට කිසිඳු අපහසුතාවකින් තොරව විදේශ ගමන් බලපත්‍ර හෝ සම්මුඛ පරීක්ෂණ සඳහා අවශ්‍ය පොලිස් වාර්තාවන් ඉතා සුළු වේලාවකින් ලබාගත හැකි බවත් ජනතාවගේ සියලු හිමිකම් මේ තුළින් ආරක්ෂා වන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    1798583_701498443235575_141252298_n.jpg
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇති යන්තන් මේවගේ වැඩක්වත් අපේ පොලිසියේ මාමලා කරන එක ගැන. IRC කාරයොන්ට වැඩ අමාරුවෙයි දැන්.
    මේක මීට වඩා වැඩිදියුණු කරලා DNA එහෙමත් store කරගන්න පුලුවන් නම් වඩාත් හොඳයි.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    ඇති යන්තන් මේවගේ වැඩක්වත් අපේ පොලිසියේ මාමලා කරන එක ගැන. IRC කාරයොන්ට වැඩ අමාරුවෙයි දැන්.
    මේක මීට වඩා වැඩිදියුණු කරලා DNA එහෙමත් store කරගන්න පුලුවන් නම් වඩාත් හොඳයි.

    mehema DNA walin dyak karanna pluwan nm hodai.nattn finger print eka wenas kara gnna pluwan.ewata system thiynwa.
    usa jpn wala ehema nm godak photo,DNA,fingerprint,voice,Iris Recognition wage ewa okkoma collect karala system gahala thiynne.
    oya fingerprint krame nm godak paranai.mn nm hithanne na loku wenasak karanna pluwan kiyala oken :no:
    eetath wadagathma de thama oya store karana db eke safety eka.mn nm hithnne na lankwe hoda secure hack nowena widiyata owa athi kiyala....
    wade thiynne thama kawruth hack karala na danna tharamata oya db ekak :lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    ඇත්තටම දන් මේක නිසා පොලිස් නිලධාරීන්ට ලේසියෙන්ම ලොකු ලොකු අපරාධකරුවන්ට එහෙම අල්ලපු ගමන් හිරේ දාලා නඩු කියල අහවලා අහවල් ඇමතියගේ එකා කියල දැනගත්තට පස්සේ පොලීසියේ රාලහාමිලාට, කොස්තාපල්ලා, ස්තානාධිපතිවරුන්ට ස්තානමාරුවීම් ගන්නවට වඩා.... කෙලින්ම අපරාධකාරයාව අල්ලපු ගමන් මේකින් චෙක් කරලා ඌ ප්‍රාදේශීය සබාපතියෝ හෝ මැති අමතිවරුන්ගේ ගෝලයෝ, නිල් බලකායේ උන් කියලා දැනගත්තම සෙලියුට් ගහලා සොරි සර් වැරදීමක් උනේ කියලා අත අරින්න පුලුවන් වෙයි... එතකොට මීඩියාවල කම්බ හොරුන්ගේ කෙරුවාවල් එන්නේ නෑනේ.... ආන්ඩුව ගොඩක් දූරදර්ශීව හිතලා කරපු දෙයක් මේක....

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    mehema DNA walin dyak karanna pluwan nm hodai.nattn finger print eka wenas kara gnna pluwan.ewata system thiynwa.
    usa jpn wala ehema nm godak photo,DNA,fingerprint,voice,Iris Recognition wage ewa okkoma collect karala system gahala thiynne.
    oya fingerprint krame nm godak paranai.mn nm hithanne na loku wenasak karanna pluwan kiyala oken :no:
    eetath wadagathma de thama oya store karana db eke safety eka.mn nm hithnne na lankwe hoda secure hack nowena widiyata owa athi kiyala....
    wade thiynne thama kawruth hack karala na danna tharamata oya db ekak :lol:

    ඒක ගැන කියනවානම් ආන්ඩුව ලන්කාවේ පුරවැසියන්ගේ ඇඟිලිසලකුනු හා සම්පූර්න තොරතුරු ඩේටාබේස් එකක් හදන්න යනවා.... ඒක හදන්න බාරදෙන්න ඉන්නෙ පකිස්තානේ කොම්පැනියකට... ඒකත් කොමිස් කුට්ටිය වෙනුවෙන්ලු... රටක බුද්ධි තොරතුරු වෙන රටක් හරහා කරනඑක ගොඩක් පරිස්සමින් කරන්න ඕන දෙයක්ලු... රට ගැන හිතනවට වඩා කොමිස් කුට්ටිය වෙනුවෙන් ටෙන්ඩර් පටිපාටියෙන් පිටින් ගිහිල්ලා තමයිලු වැඩේ කෙරෙන්න හදන්නේ... මේක ඊනිවුස් එකේ තිබුන දෙයක් මීට මාසයකට වගේ කලින්... රටේ ගොඩක් අය ලන්කා ඊනිවුස් කියල ගනන් ගන්නේ නෑ.. නමුත් රතුපස්වල මිනිස්සු වතුර ඉල්ලපු වෙලේ ඒ අයට එලව එලව වෙඩිතියලා මරලා දානකොට තමයි මිනිස්සුන්ට තේරුනෙ ඇත්ට්ටම නිවුස් කියන්නේ කවුද කියන එක...
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡

    ඊනිවුස් me site eka pm ekak dapanko machan
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඕව ඉතිං දේශපාලුවන්ගේ සහ පොලිස් හමුදා ලොක්කන්ගේ ඇඟිලි සලකුණු වලට කම්පටිබල් නැති එක තමයි අව්ල.