අපරාධ මඬින්න පොලිසියට නව මෘදුකාංගයක්

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    පණ්ඩුක සමරසේකර|Dinamina

    ඕනෑම පුද්ගලයකු පිළිබඳ තොරතුරු හා දත්තයන් විනාඩි 3කින් ලබාගත හැකි දකුණු ආසියානු රටක පොලිස් දෙපාර්තමේන්තුවක් සතු එකම ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු පද්ධතිය තව නොබෝ දිනකින් ම මෙරට දී විවෘත කෙරේ.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මෙම මධ්‍යස්ථානය විවෘත කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පොලිස් මූලස්ථානයේ ඊයේ (23) පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කෙළේය. ලොව දියුණුම යුරෝපා රටවල පමණක් දැනට ක්‍රියාත්මක වන මෙම ක්‍රමය ආසියානු රටක ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව මෙය වන බැවින් රටේ පූර්ණ ආරක්ෂාව මෙයින් තහවුරු වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

    රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වීමේදී මෙම ක්‍රමය ඉතාම යෝග්‍ය වන බව මීට පෙර සිටි ‍පොලිස්පතිවරුන් ද ආරක්ෂක අංශ භාර ප්‍රධානියාට මෙන්ම රාජ්‍ය නායකයන්ට ද පෙන්වාදුන් නමුදු එහි නියම ප්‍රථිඵලය ලැබුණේ වත්මන් පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීමක් නිසා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවැසීය. මෙවැනි ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු මෘදුකාංග පද්ධතියක් ජපානයෙන් ආනයනය කිරීමට මිල ගණන් කැඳවා තිබුණු නමුදු එහි මිල රුපියල් කෝටි 80ක් පමණ වූ නමුදු මෙම මෘදුකාංග පද්ධතිය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විශේෂඥයන් විසින් රුපියල් කෝටියක පමණ ඉතාම අඩු මුදලකට සපයා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    මෙම පරිගණක පද්ධතිය මගින් මෙරට ඕනෑම පුද්ගලයකු පිළිබඳ ඕනෑම තැනක සිටින පොලිස් නිලධාරියකුට සිය භාරයේ ඇති පරිගණක මෘදුකාංගය මගින් ඔහු අපරාධකරුවෙක්ද නැද්ද යන වග සොයා ගැනීමට හැකිවන බවද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. මෙරට අපරාධකරුවන් ලක්ෂ පහක පමණ ප්‍රමාණයකගේ දත්ත පොලිසිය සතුවන බවත් ඉන් 1,30,000ක පමණ මේ වන විට මියගොස් හෝ සොයාගැනීමට නොහැකි වන බවත් පැවසූ අජිත් රෝහණ මහතා, දැනට තිබෙන පහසුකම් මත යම් පුද්ගලයකු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට දින 15ක් පමණ ගතවන බවද ප්‍රකාශ කළේය.

    මෙම නව ක්‍රමය මගින් ජනතාවට කිසිඳු අපහසුතාවකින් තොරව විදේශ ගමන් බලපත්‍ර හෝ සම්මුඛ පරීක්ෂණ සඳහා අවශ්‍ය පොලිස් වාර්තාවන් ඉතා සුළු වේලාවකින් ලබාගත හැකි බවත් ජනතාවගේ සියලු හිමිකම් මේ තුළින් ආරක්ෂා වන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මෙන්න මේකනම් අගය කරන්න ඕනේ....... :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක හොදයි 2016-17 වෙද්දි වැඩේ කෙරෙයි. හොද වැඩක් අපේ ආණ්ඩුවෙ. :):)
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    ඕව ඉතිං දේශපාලුවන්ගේ සහ පොලිස් හමුදා ලොක්කන්ගේ ඇඟිලි සලකුණු වලට කම්පටිබල් නැති එක තමයි අව්ල.

    වඩේ නම් හොදයි, එත් මේක මොන විදියට පවත්වගෙන යයිද දන්නේ නැ

    anna mole athi wadak !! helmet nathi karana gon part nithi danne nathuwa mehema karapu eka nam niyama wadak

    ලොක්කා ඉදලා හිටලා රටට වැඩදායි වැඩත් කරනවා එහෙනම් . . .

    ඒක හොදයි 2016-17 වෙද්දි වැඩේ කෙරෙයි. හොද වැඩක් අපේ ආණ්ඩුවෙ. :):)



    ඇත්තටම දන් මේක නිසා පොලිස් නිලධාරීන්ට ලේසියෙන්ම ලොකු ලොකු අපරාධකරුවන්ට එහෙම අල්ලපු ගමන් හිරේ දාලා නඩු කියල අහවලා අහවල් ඇමතියගේ එකා කියල දැනගත්තට පස්සේ පොලීසියේ රාලහාමිලාට, කොස්තාපල්ලා, ස්තානාධිපතිවරුන්ට ස්තානමාරුවීම් ගන්නවට වඩා.... කෙලින්ම අපරාධකාරයාව අල්ලපු ගමන් මේකින් චෙක් කරලා ඌ ප්‍රාදේශීය සබාපතියෝ හෝ මැති අමතිවරුන්ගේ ගෝලයෝ, නිල් බලකායේ උන් කියලා දැනගත්තම සෙලියුට් ගහලා සොරි සර් වැරදීමක් උනේ කියලා අත අරින්න පුලුවන් වෙයි... එතකොට මීඩියාවල කම්බ හොරුන්ගේ කෙරුවාවල් එන්නේ නෑනේ.... ආන්ඩුව ගොඩක් දූරදර්ශීව හිතලා කරපු දෙයක් මේක....
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඕව ඉතිං දේශපාලුවන්ගේ සහ පොලිස් හමුදා ලොක්කන්ගේ ඇඟිලි සලකුණු වලට කම්පටිබල් නැති එක තමයි අව්ල.


    eka tamai tiyena prashne