අපවත්වූ ස්වාමීන් වහන්සේලාත් උප කුලපතිට එ
අපවත්වූ ස්වාමීන් වහන්සේලාත් උප කුලපතිට එරෙහි උද්ඝෝෂණයේ ඉඳලා

2010-11-26 වැනි දින උපකුලපතිතුමාගේ අත්තනෝමතික ක‍්‍රියාවන්ට එරහිව ශිෂ්‍යයන් විසින් විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවැත් වූ උද්ඝෝෂණය මූලික කරගෙන තවත් ශිෂ්‍යයින් 44 දෙනෙකුගේ පංති තහනම් කර ඇති බවත්,ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පංති තහනම් කර ඇති මුළු ශිෂ්‍ය ප‍්‍රමාණය 128 ක් බව ත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසයි.
අද කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් මහා ශිෂ්‍ය සංගමය වෙනුවෙන් අදහස් දැක්වූ ශාස්ත්‍රපීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම්,කඹුරුපිටියේ ඥානීස්සර හිමියන් මේ බව කියා සිටියේය.
මේ වනවිට භික්‍ෂූන් වහන්සේලා 12 නමක් ඇතුළුව 44 දෙනෙකුගේ ශිෂ්‍ය භාවය අත් හිටුවා ඇති බවත්, මීට මාස කිහිපයකට ඉහත දී අපවත් වූ කේ. ආර්. සාරානන්ද (ඒ/ආර් 63463) හිමියන්ගේ නම ද ශිෂ්‍ය භාවය අත්හිටවූ ශිෂ්‍ය නම් ලැයිස්තුවේ ඇතුළත්ව ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්නේය.
2010.11.26 වන දින දහවල් උද්ඝෝෂණයක් පැවැත්වීම හේතු කොට ගෙන ශිෂ්‍යයන්ට තම අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය හා එකතු වීමේ අයිතිය මුළුමනින්ම අහෝසිකර දමා ඇති බවත්, ජයවර්ධනපුර සරසවියේ උපකුලපති එන්.එල්.ඒ. කරුණාරත්න මහතා විසින් එදින සරසවිය කිට්ටුවකවත් නොසිටි සිසුන්ගේ පවා ශිෂ්‍යභාවය අහෝසි කර ඇති බවත් ශාස්ත්‍රපීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම්,කඹුරුපිටියේ ඥානීස්සර හිමියන් සඳහන් කරයි.
මෙසේ කිසිඳු සොයා බැලීමකින් හෝ වග විභාගයකින් තොරව අත්තනෝමතිකව මීට පෙර ද අවස්ථා ගණනාවකදී ම ශිෂ්‍ය භාවයන් අහෝසි කළ බවත්, එසේ වුවද ශිෂ්‍ය අයිතිවාසිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝණය කිරීමට එරෙහිව ඉදිරියේදී ද අරගල කිරීමට තමන් සූදානම් බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය
From-
Adaderana