අප්ච්චිව පන්නමුද

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    අප්ච්චිව පන්නමුද

    මෙය මගේ අදහසක් නෙමෙයි.මෙය උපුටාගත්තේ වෙනත් වෙබ් අඩවියක තිබුන කමෙන්ට් එකකින්.මෙය අවසානය තෙක් කියවන්න.ඔබේ හෘදයසාක්ෂියට එකගව නැවතී සිතන්න.මෙය පලකල අජන්ත නැමැත්තාට මාගේ ප්‍රණාමය
    ‘‘මහින්ද මහතා 70 දශකයේ සිටම පුදුම කට්ටක් කා ඔය තැන හිමි කරගත් අයෙකි.ඒ බව එයාගෙ ගමේ කට්ටිය සාක්ෂි දේවි.ඔහු අගු පිල් වලද නිදාගෙන ඇත්තෙකි.ජනතාව සංවිදානය කිරීමෙහිලා අති විශිෂ්ට හැකියාවක් ඇත්තෙකි.ඔහු එදා නොසිටින්න 94 ආණ්ඩු පිහිටීම සිහිනයකි.එකල එජාප මර්ධනයට එරෙහිව බය නැතිව එලියට බැස්ස මිනිස්සු අතර ඔහු ප්‍රමුකව සිටී.දේශපාලන පිටියේදී ඔහුට හතුරෙකු සිටීනම් ඒ චන්ද්‍රිකා කියන පිස්සු හුචක්කුවයි බටහිර දේශපාලකයින්යු පමණි.කොටින්ම රනිල්ද ඔහුගේ හොද මිතුරෙකි.ද්‍රවිඩ සංධාන නායක්යින්ද ඔහුගේ මිතුරන්ය.ඔහුව අමාරුවේ වැටෙන්න එනවායයි තේරුන විගස සියලුදෙනාගෙම හදවත කකියන්නේ ඒ නිසාවෙනි.කාටත් මල්ලියේ නංගියෙ කියා ඔහු ආමන්ත්‍රණය කරන්නේය.සාමාන්‍ය මිනිසුන්ට හිමි සමහර දුර්වලතා ඔහුටද තිබේ.එය ස්වාභාවිකය.නමුත් ඔහු සියලුදෙනාගෙම මිතුරායි.අපගේ ඒ අසාහය නායකයායි.2005 දී ඔහු අපි වෙනුවෙන් ඒ යුතුකම් ඉටු නොකලේනම් ඔබත් මමත්,ඔබේත් මගේත් දරුවනුත් ගොදුරු වන්නේ මහා කේදවාචකයකටය.අද මිනිසුන් යහ පාලනය ගැන කතා කරති.එසේ කතා කිරීමට හැකි වාතාවරණයක් හැදූ ඔහු අප විසින් පෙරලා වැලද ගතයුතු නොවේද?. ජ.වි.පෙ හැමදාමත් මිනිසුන් මැන්නේ ඔව්න්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද යන වග පමණක් සොයා මිසක් ඔහුගේ ඇති අනික් ගුණාංගද තක්සේරු කර නොවේ.ජනාදිපතිතුමා නිල ගමන් සදහා වෙනම ගුවන්යානා පාවිච්චි කිරීම ජ.වි.පෙ විසින් මිනිසුන්ට ඒත්තු ගැන්වූයේ මුදල් කාබාසිනියා කිරීමක් ලෙස මිස අපේ රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව පැත්තෙන් සිතා නොවේ.ඔහුට හැම දෙසින්ම මරණ තර්ජන ඇති බව ඔව්න් පිලි නොගනී.නමුත් සත්‍ය එයයි. ජ.වි.පෙ නායකයෙක් වූද බටහිර ජුන්ටාව සමග හැප්පෙන්න ගියොත් ඔහුටද අත්වන්නේ ඔය ඉරණමමය.ඔව්න් ඒ ගැන හිතන් නැත්තේ දේශපාලන කුහකකම නිසාවෙනි.එමිරේට්ස් සමාගමෙන් ගලවා අපගේ ජාතික ගුවන් සේවය නැවත රජයට ගත්තේ ඔහුට සැප විදීමට නොවේ.රටක ජාතික ගුවන් සේවය, සන්නිවේදන ජාලය,මාර්ග හා ප්‍රවාහනය,ආරක්ෂාව එහෙම කොම්පැනිවලට විකුනන්නේ නැත.පුලුවන්නම් හොය බලන්න ලෝකේ ලාබ ලබන රාජ්‍ය ගුවන් සේවා පවතින්නේ අතලොස්සක් පමණි.එය සාමාන්‍ය ස්වභාවයයි.චන්ද්‍රිකා ගුවන් සේවය ලාබ ලබන ආයතනයක් කලා කියා වැඩක් වුනිද?. ඒ ඔක්කොටම හරියන්න කොටි විසින් ගුවන් යාන පොඩි පට්ටම් කලේය.මිනිසුන් වන අපි කොහොමත් දිව්‍යලෝක වලට ආස කරති.නමුත් සත්‍ය වන්නේ මිහි පිට කිසි අයෙක් දිව්‍ය ලෝකෙට මේතාක් ගොස් නැත.පරිපූර්ණත්වයන්ට ලොබ බැදීම මිනිස් ස්ව්භාවයකි නමුත් එසේ පරිපූර්ණත්වයක් අත් කරගත් මිනිසුන් මේ මිහි පිට සිටීද?. දැන් යහ පාලනය ගැන කතා කරති.මෙයද ඉතා උසස් පරිපූර්ණ සංකල්පයකි.නමුත් මේ කියන පරිපූර්ණත්වයට පැමිනි ලෝකේ කිසිම ජාතියක් නොමැත.යහපාලන එක්සත් ජනපදයෙහි අද දිනකට එක කලු ජාතිකයෙක් මියයයි.වෙඩි තබන සුදු ජාතිකයා පෝරකයට යවන්නේ නැත.ඔහු පසුදාම නැවත්තත් රාජකාරියට යති.අපි මිනිසුන්ය අපිට කල හැකි සීමාවක් පවතී.සීමාව තීරණය වන්නේ අවට වට පිටාවේ තිබෙන සාදක වලිනි.සමහරු දිනන පැත්ත කුමක්ද බලා චන්දය දීමට සැරසී සිටී.මෙවන් අරුම පුදුම මිනිස්සු එක්ක ජාතික කැපවීම තියා සුලු කැප කිරීමක් කිරීමද භයානක තත්වයකි.ඔව්න්ට සිතා බලා ක්‍රියා කිරීමේ පරිකල්පන අවබෝදය නැත්නම් එවන් පිරිසක් සමග එකට ගමනක් යා නොහැක.මේ යන විදියට ගියොත් මහින්ද හා ඔහුගේ අසාහය සොයුරා අපගේ රණවිරුවාද පෝරකයට යාම වැලැක්විය නොහැකියි.ඔව්න් පෝරකයට යාම යනු මිනි මත්තට කිසිම අයෙක් ජාතික කාරයන් වලට අත පෙවීමට බියක් දක්වති.අපි කෙසේ හෝ එක චන්දයෙන් හරි මහින්දව දිනවිය යුතුයි.ජයක්ග්‍රහනයෙන් පසු හොද මිනිසුන් ලගට ගෙන ඔව්න් සමග වැඩ කිරීමට ඔහුව පෙලබිය යුතුයි.ඔහුව පරාජය කිරීම යනු මුලු ජාතියම නැවතත් පරණ දේශපාලන කුණු කන්දලමට ඇද වැටීමකි. ගෙදර අප්පච්චී හවසට අඩියක් ගැසූවයි කියා ඔහු අපේ අප්පච්චී කමෙන් විසි වන්නේ නැත.අපේ ලෝකේ රජ්ජුරුවො වන්නේ අපේ අප්පච්චිමය.ඔහුගේ මොන අඩු පාඩු තිබුනද ඔහු අපතුල සියුම් අභිමානයක් එක් කරයි.‘‘