අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පනමට හරවා
අපේ කුසේ ගිණි නිවලා
නුඹ කුසගින්නේ...
ඉඳ හිනැහෙන්නේ අපෙ අප්පච්චී
නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී...
අපා දෙපා සිව්පාවුන් එන එන වින වළකන්නට
සනසා නුඹ අප වටකර දඬු වැට වෙච්චී
මහ කැළේට ඇස්මානා අපෙ අප්පච්චී...
අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පනමට හරවා
අපේ කුසේ ගිණි නිවලා
නුඹ කුසගින්නේ...
ඉඳ හිනැහෙන්නේ අපෙ අප්පච්චී
නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී...
ජීවිතයේ බඹර වෙලේ පැණි හොයලා රූටන්නේ
හිත හයියට කලවැල්පොට වරපොට වෙච්චී
විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී...
අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පනමට හරවා
අපේ කුසේ ගිණි නිවලා
නුඹ කුසගින්නේ...
ඉඳ හිනැහෙන්නේ අපෙ අප්පච්චී
නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී...