අප්පච්චී

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,186
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක

    අව්වේ මුතු ඇට වපුරා​

    ඒ මුතු පනමට හරවා​

    අපේ කුසේ ගිණි නිවලා​

    නුඹ කුසගින්නේ...​

    ඉඳ හිනැහෙන්නේ අපෙ අප්පච්චී​

    නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී...​

    අපා දෙපා සිව්පාවුන් එන එන වින වළකන්නට​

    සනසා නුඹ අප වටකර දඬු වැට වෙච්චී​

    මහ කැළේට ඇස්මානා අපෙ අප්පච්චී...​

    අව්වේ මුතු ඇට වපුරා​

    ඒ මුතු පනමට හරවා​

    අපේ කුසේ ගිණි නිවලා​

    නුඹ කුසගින්නේ...​

    ඉඳ හිනැහෙන්නේ අපෙ අප්පච්චී​

    නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී...​

    ජීවිතයේ බඹර වෙලේ පැණි හොයලා රූටන්නේ​

    හිත හයියට කලවැල්පොට වරපොට වෙච්චී​

    විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී...​

    අව්වේ මුතු ඇට වපුරා​

    ඒ මුතු පනමට හරවා​

    අපේ කුසේ ගිණි නිවලා​

    නුඹ කුසගින්නේ...​

    ඉඳ හිනැහෙන්නේ අපෙ අප්පච්චී​

    නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී...​

     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    mn harma asa sinduwak

    ජීවිතයේ බඹර වෙලේ පැණි හොයලා රූටන්නේ​

    හිත හයියට කලවැල්පොට වරපොට වෙච්චී​

    විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී...​


    menna me kotasa gana podi kathwak kiyanawa me video eke balapan