අප්‍රිකානු සූකර උණ නිසා ලංකාවෙ වල් ඌරු ගහනය රටෙන්ම වඳ වෙලා යන්න හෝ ප්‍රාදේශීය වඳ වෙලා යන්න පුලුවන් කියල බලධාරින් වාර්තා කරනවා.
දැනට මේ සූකර උණට ගොදුරු උන වල් ඌරන් යාල කලාප 1, ගම්පහ හා මීරිගම, මොණරාගල හා පේරාදෙණිය යන ප්‍රදේශ වල දකින්න ලැබෙන බවත් මේ රෝග තත්වය යටතේ මරණ අනුපාතය 100% වන බවත් කියවෙනවා. මේ රෝගයට ගොදුුරු උන ඌරන්ගෙ සාම්පල ගෙන වැඩිදුර පර්යේෂණ සිදු කරන බවත් දැනට ඇති තත්වය සුලුවෙන් තැකීමට නොහැකි බවත් පැවසෙනවා. දැනටත් 100 පමණ ඌරන් ප්‍රමාණයක් මිය ගොස් ඇති බවටත් වනජීවි අංශ ප්‍රකාශ කරනවා. ඉතිං ඉදිරි කාලයේදි ජාතික වනෝද්‍යාන තුල සිටින ඌරන්ගේ ගහනයට පවා ලොකු තර්ජනයක් මේ ලෙඩෙන් එන්න ඉඩ තියෙන්නෙ ඒකෙ තියෙන බෝවීමේ සීඝ්‍රතාවය නිසා.
වල් ඌරා කියන්නෙත් යම්කිසි පාරිසරික සේවාවන් සිදු කරන පරිසර පද්ධතියේම කොටසක්. සතෙක් යම් පද්ධතියක් ඇතුලෙ නැති වෙලා ගියොත් ඒකෙන් සම්පූර්ණ බලපෑමක් නැහැ කියල කියන්න බැහැ. ඔය අනෙකුත් සතුන්ට උනත් එච්චරම තමයි. Sus scrofa affinis කියන විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන මෙරට සිටින වල් ඌරා ලංකාවට ආවේණික උප විශේෂයක්. ඒ වගේම පලිබෝධකයෙක් විදිහට නම් උන විශේෂයක්. මෙහෙම ගියොත් අලුතෙන් ගහන පාලනය කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.නමුත් සම්පූර්ණ ගහනය නම් අතුරුදන් කරන්න බැරි වෙයි. දැනටත් ඔය අධික ගහනයක් දකින්න ලැබුනු පැති වල ඌරො රංචු අඩු වෙලා සත්තු එකා දෙන්නා ඉතුරු වෙලා කියල නම් ආරංචියි.