අප්‍රිකාවේ අපූරු විලාසිතාවක්
මෙම අපූරු විලාසිතාව හමුවන්නේ මධ්‍යම අප්‍රිකාවේ කොංගෝ රාජ්‍යයේදීය.මෙහිදී සිදු කෙරෙන්නේ හිස් කබල පිටුපසින් දික් කිරීමයි.බෙල්ජියානුවන් කොංගෝව යටත් කරගත් දා පටන් මෙම විලාසිතාව පැවතී තිබේ.කොංගෝවේ ජීවත්වන මෙන්ජෙබ්ටු නම් ජන වර්ගය අතර පවතින මෙය ක්‍රමයෙන් ක්ෂය වී යන සම්ප්‍රදායකි.ඔවුන් ජීවත්වන්නේ කොංගෝ ජනරජයේ ඊසාන දිග ප්‍රදේශයේය.
ළදරුවන්ගේ හිස තදි වෙළීම ඔස්සේ මෙම දිගැටි හැඩය ලබාගෙන ඇත.මෙවැනි හිසක් Lipombo නමින් හඳුන්වයි.මෙය සමාජයේ තරාතිරමක් පෙන්වන විලාසිතාවක් මෙන්ම බලය,සුන්දරත්වය සහ ඉහළ බුද්ධිමත්බවද පෙන්වයි.මෙම විකෘති කිරීම ඇරඹෙන්නේ ඉපදීමෙන් මාසයකට පමණ පසුව බව කියවේ.ඉන්පසු ඔවුන් අපේක්ෂා කරන හැඩය ලැබෙන තෙක් හිස තදින් වෙලා තබයි.
මෙම විලාසිතාව ක්ෂය වී යෑම ඇරඹෙන්නේ 1950 දශකයේ පටන්ය.ඒ කොංගෝවට වැඩි වැඩියෙන් යුරෝපීන් පැමිණීමත්,බටහිරකරණයත් නිසාය.එසේම එරට පාලනය කල බෙල්ජියානු රජයද නීති මගින් එය අවලංගු කරන ලදි.සාමාන්‍යයෙන් මෙම හිස් කබල විකෘති කිරීම මොළයට බලපාන්නේ නැත.මෙම තෙරපීම නිසා හිස් කබල දිගැටි හැඩයක් ලැබෙන අයුරින් වර්ධනය වේ.මොළයද එම හැඩය අනුව යමින් විකාශනය වේ.
දිගැටි හිස් කබල අලංකාර කිරීම සඳහා මොවුන් සතුව කොණ්ඩ මෝස්තරයක්ද තිබේ.පහත දැක්වෙන්නේ කාන්තාවකට එවැනි කොණ්ඩා මෝස්තරයක් ලබාදෙන වැඩිහිටි කාන්තාවකි.
මෙන්ජෙබ්ටු ගෝත්‍රික කාන්තාවන්ගේ කොණ්ඩා මෝස්තරයන්
Source:afritorial.com,Rarehistoricalphotos.com
-HarshaLulzSec-

මෙන්ජෙබ්ටු ගෝත්‍රිකයන්ගේ නිජබිම
මෙන්ජෙබ්ටු ගෝත්‍රයේ ප්‍රධානියෙක්
මෙන්ජෙබ්ටු ගෝත්‍රයේ යුද භටයන්
1920 දශකයේ කොංගෝවේ භාවිතා වූ කාසියක තිබෙන දිගැටි හිසක් සහිත කාන්තාවකගේ රුවක්