Copied
දැන් මෙහෙමයි. ඔයා හොඳටම නිදි. ඔයාගෙ ගෙදරට හොරෙක් එනව. ඇවිත් අල්මාරියෙ තියෙන සල්ලිද රත්තරං බඩුද ඔක්කොම සාක්කුවෙ දාගන්නව. එක පාරට ඔයාට ඇහැරෙනව. දැන් ඔයා දකිනව හොරා ඔයාගෙ සල්ලි ටික හොරකම් කරන විදිහ. ඔයා කෑගහනව හොරෙක් හොරෙක් කියල. ගෙදර මිනිස්සු ඔක්කොම දුවගෙන එනව. දැන් ඔක්කොම කට්ටිය හොරාව වට කරල තියෙන්නෙ. හරි.. දැන් තමයි කතාව.
සාමාන්‍යයෙන් ඊළඟට වෙන්නෙ මොකක්ද? හොරාව අල්ලගෙන, පුටුවක හරි ගහක හරි ගැට ගහල, අමාරුවෙන් හම්බකරපු දේවල් හොරකම් කළාට ඕන්නං කණ පැලෙන්න එකක් ගහල, ඒ ටික එක සතයක් නෑර ආපහු අරගෙන, හොරාව පොලිසියට බාර දීල නීතිය ක්‍රියාත්මක කරන එකනෙ.
ඒත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනේ අපි කියල මොනව කරන්නද ඉතිං, උන දේ උනා කමක් නෑ.. හැබැයි ඔන්න ආපහු නම් හොරකම් කරන්න දෙන්නෙ නෑ.. දැන් ඔය හොරකම් කරපු අපේ සල්ලි ටිකත් අරගෙන දැන් මෙහෙන් යන්න..
#GoHomeහොරා2022 කියල පරිස්සමට ගෙදර යවන්න.