අප්‍රේල් 08 වෙනිදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    strike.webp

    අප්‍රේල් 8 වැනි දා වැඩ වර්ජන ක්‍රියාවලියකට එළඹෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු රවී කුමුදේශ් පවසනවා.ජනතාවගේ හඬට කන් දී වහා ම නිසි ක්‍රියාමාර්ගයකට එළඹෙන ලෙස ආණ්ඩුවට බල කිරීම මෙහි අරමුණ බව ඔහු සඳහන් කරනවා.

    එහි දී ඔහු වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළා.
    ජනතාවගේ හඩට කන්දීලා, දැන්වත් ශිෂ්ඨ සම්පන්න තීරණවලට එන්න බල කරමින්, අප්‍රේල් 8 සමස්ථ රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. ඒකටත් ප්‍රතිචාර නැත්නම් ඇඛණ්ඩ වර්ජනයකට වෘත්තීය සමිති ව්‍යාපාරය විදිහට අපි සූදානම්.
    ජනතා පීඩාව ඉවර කරන්න ජන හඩ ජයග්‍රහණය කරවන්න සිදු කරණ ඒ වර්ජනයේදී අපි රෝහල් සේවාව කඩා වැටෙන්න දෙන්නේ නෑ. රෝගීන්ගේ සේවාවන් ආවරණය කරන ගමන් අපි ඒ වර්ජනයට සහය දක්වනවා.

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ගෙදර යන්න කියන්නේ ඔහුට දේශපාලනික ව ඇති විරෝධය නිසාම නෙවේ. ඔහුට චන්දය දීලා, ඔහුව විශ්වාස කරලා ජනධිපති පුටුවේ ඉන්දවපු බහුතරයක් අද පාරට බැහැලා ‘ගෝ ගෝටා හෝම්’ කියන්නේ තරහටම නෙවේ.
    ඔහුගේ වැඩපිළිවෙල අසාර්ථක බව ඔප්පු වෙලා තියන නිසා.

    ඒ අතර ජොන්ස්ටන් වගේ ඇමතිවරු ඔහුව පාර්ලිමේතු යවපු ජනතාවටම චැලෙන්ජ් කරනවා, අපි යන්නේ නෑ, අපි මුහුණ දෙනවා කියලා. ඒක චන්ඩිකමක් නෙවේ.

    තවම ශිෂ්ඨ විදිහට තීරණාරගෙන, අවසාන අඩියට වැටිලා තියන රට ගැනවත් හිතන්න වුවමණාවක් නැති බව ප්‍රදර්ශනය කිරීමක්. අද සෞඛ්‍ය ඇමති කෙනෙක් නෑ.ඒත් පැය විසිහතරකින් මාර්ග සංවර්ධන ඇමතිව යලි පත් කරනවා.

    ඇයි ඒ?

    ගසා කන්න පුළුවන් අන්තිම සල්ලි ටිකත් පිල්ලි ගහන්න ඕනේ නිසා.
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    හරි නම් එකම දවසේ සියලුම රාජ්‍ය සේවකයෝ වර්ජනය කළ යුතුයි... ආමි කාරයෝ දානවා කියලා හැම මඟුලට ම දාන්න බැ.. හැම එකාවම අස් කරලා දාන්නත් බැ..එකමුතු කමයි වැදගත්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    හරි නම් එකම දවසේ සියලුම රාජ්‍ය සේවකයෝ වර්ජනය කළ යුතුයි... ආමි කාරයෝ දානවා කියලා හැම මඟුලට ම දාන්න බැ.. හැම එකාවම අස් කරලා දාන්නත් බැ..එකමුතු කමයි වැදගත්
    👆මේක තමයි වෙන්න ඕනි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,229
    113
    හරි නම් එකම දවසේ සියලුම රාජ්‍ය සේවකයෝ වර්ජනය කළ යුතුයි... ආමි කාරයෝ දානවා කියලා හැම මඟුලට ම දාන්න බැ.. හැම එකාවම අස් කරලා දාන්නත් බැ..එකමුතු කමයි වැදගත්
    එකමුතු කමයි වැදගත්
    dawal heenayak oka ehema wela kiyala hithanawanam ewa okkoma rangapam witharai.
    satana pawaladena un ematai
     
    • Like
    Reactions: Thari87

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    අඩේ හරි නේද මිනිස්සුනෙ ඡන්දෙ දුන්නෙ. ඒක නිසා මිනිස්සුට තමයි දැනෙන්න දෙන්න ඕන වර්ජනෙ කරල. නැතුව ප්‍රභූන්ට සම්බන්ද සේවා සැපයීම් වලින් ඉවත්වීම නෙවෙයි නේද.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,229
    113
    අඩේ හරි නේද මිනිස්සුනෙ ඡන්දෙ දුන්නෙ. ඒක නිසා මිනිස්සුට තමයි දැනෙන්න දෙන්න ඕන වර්ජනෙ කරල. නැතුව ප්‍රභූන්ට සම්බන්ද සේවා සැපයීම් වලින් ඉවත්වීම නෙවෙයි නේද.
    Api apitama aragamu, unta sapa demu
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    යකෝ.. ඒක පට්ට ලොජික් එකක් නේ? දැන් සෞඛ්‍ය සේවා වැඩ වර්ජනයක් ආවොත් රිදෙන්නෙ ආණ්ඩුවෙ මහ එකාලට ද? එහෙමත් නැතිනම් අද වෙනකොට එදා වේලවත් හරියට හොයා ගන්න බැරුව කෙළ වෙලා ඉන්න අහිංසක මිනිස්සුන්ට ද? මමත් සෞඛ්‍ය සේවයේ තමයි.. හැබැයි රජෝ ඔය කුපාඩි වැඩේ නම් කරන්නෙ නෑ..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    හරි නම් එකම දවසේ සියලුම රාජ්‍ය සේවකයෝ වර්ජනය කළ යුතුයි... ආමි කාරයෝ දානවා කියලා හැම මඟුලට ම දාන්න බැ.. හැම එකාවම අස් කරලා දාන්නත් බැ..එකමුතු කමයි වැදගත්
    එකඟයි....
    මොකද රාජ්‍ය ආයතන කියන්නෙ ස්ට්‍රයික් නොකරන ආයතනද, පොදු අරමුනක් වෙනුවෙන් ස්ට්‍රයික් කරන පළවෙනි වතාවද කොහෙද. ඒ නිසා මිනිස්සු දවසක් දෙකක් ඉවස ගනියි. කල යුතු දේ කල යුතුමයි...
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    එකඟයි....
    මොකද රාජ්‍ය ආයතන කියන්නෙ ස්ට්‍රයික් නොකරන ආයතනද, පොදු අරමුනක් වෙනුවෙන් ස්ට්‍රයික් කරන පළවෙනි වතාවද කොහෙද. ඒ නිසා මිනිස්සු දවසක් දෙකක් ඉවස ගනියි. කල යුතු දේ කල යුතුමයි...
    අනිවාර්යෙන් බන්...හැමදේට ම වර්ජන කරලා මේ වගේ දේකට වර්ජනය කරන්නේ නැත්නම් වැඩක් නැ..වැඩිපුර ම මේකෙන් දුක් වින්දෙත් රාජ්‍ය සේවකයෝ....
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,811
    5,823
    113
    එකඟයි....
    මොකද රාජ්‍ය ආයතන කියන්නෙ ස්ට්‍රයික් නොකරන ආයතනද, පොදු අරමුනක් වෙනුවෙන් ස්ට්‍රයික් කරන පළවෙනි වතාවද කොහෙද. ඒ නිසා මිනිස්සු දවසක් දෙකක් ඉවස ගනියි. කල යුතු දේ කල යුතුමයි...
    උබ 57 හර්තාලේ ගැන දන්නේම නැද්ද?
     
    • Like
    Reactions: PHBhagya

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    යකෝ.. ඒක පට්ට ලොජික් එකක් නේ? දැන් සෞඛ්‍ය සේවා වැඩ වර්ජනයක් ආවොත් රිදෙන්නෙ ආණ්ඩුවෙ මහ එකාලට ද? එහෙමත් නැතිනම් අද වෙනකොට එදා වේලවත් හරියට හොයා ගන්න බැරුව කෙළ වෙලා ඉන්න අහිංසක මිනිස්සුන්ට ද? මමත් සෞඛ්‍ය සේවයේ තමයි.. හැබැයි රජෝ ඔය කුපාඩි වැඩේ නම් කරන්නෙ නෑ..
    ඔව් බන් මුන්ගෙ මේ උද්ගෝෂන නිසා බැසිල් ගේන්න හදපු Ford,Benz Ambulance ටිකත් රටට නැති උනා. ඒවා තිබ්බ නම් අද කොච්චර පහසුවක්ද? පෝලිම් වල මැරිල වැටෙන මිනිස්සුන්ට :D
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,811
    5,823
    113
    නෑනෙ.. මම 91...😊
    පනස් හත හරි අට හරි ලංකවේ සමසමාජ පක්ෂය කරනවා හර්තාලය ක් එක දවසින්. හුණු රටේම වැඩ නතර වෙනවා. හේතුව හාල් රාත්තල් ලොකු ගානකින් වැඩි කිරීම. ජේ ආර් ලොක්කා තමා අය-වැයෙන් ඕක කරන්නේ. තව. මොනවා හරි තිබ්බා මට දැන් මතක නැහැ. ඇන්ඇම් පොත් නැතිවෙලා. අන් ඇම් තමා නායකයා. අන් ඇම් ඉතින් කොහොම පොරක්ද කියන්න ඕනේ නැහැනේ. මිනිස්සු විසිගාන්කද කොහෙද මැරෙනවා පොලිසිය වෙඩි තියලා. හැබයි අන්තිමේදී ඩඩ්ලි ගෙදර යනවා. ජෝන් අගමැතිවෙනවා. ඒක තමා පලවෙනි පාර මිනිස්සු රට වෙනුවෙන් එකමුතු උන්.
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    එකඟයි....
    මොකද රාජ්‍ය ආයතන කියන්නෙ ස්ට්‍රයික් නොකරන ආයතනද, පොදු අරමුනක් වෙනුවෙන් ස්ට්‍රයික් කරන පළවෙනි වතාවද කොහෙද. ඒ නිසා මිනිස්සු දවසක් දෙකක් ඉවස ගනියි. කල යුතු දේ කල යුතුමයි...

    අනිවාර්යෙන් බන්...හැමදේට ම වර්ජන කරලා මේ වගේ දේකට වර්ජනය කරන්නේ නැත්නම් වැඩක් නැ..වැඩිපුර ම මේකෙන් දුක් වින්දෙත් රාජ්‍ය සේවකයෝ....
    මම කතාකරන්නෙ නෑ අනිත් රාජ්‍ය සේවකයන් ගැන.. මම කියන්නෙ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන.. උඹල දන්නවද දන්නෑ මේ දවස් වල ඖෂධ වර්ග ගොඩාක් නෑ.. රසායනාගාර පරීක්‍ෂණ කරන්න ප්‍රතික්‍රියක (Reagents) නෑ.. ශල්‍යකර්ම වලට ඕනි කරන සැරහුම් (sutures) වත් නෑ.. ඒ අස්සෙ සෞඛ්‍ය සේවකයනුත් ස්ට්‍රයික් කරොත් අහිංසක මිනිස්සුන්ට සොරිම තමයි..
     
    • Like
    Reactions: PHBhagya