අපායේ දොරටුව බලන්න!

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අපායේ දොරටුව බලන්න!

    අපායේ දොරටුව බලන්න! අරුම පුදුම ගිනි වළක්!

    අපායේ දොරටුව බලන්න යන්න එන්න! බැලූ බැල්මට පෙනෙන්නේ විද්‍යා ප‍්‍රබන්ධයක එන දර්ශනයක් වාගෙයි.
    ඒත් මේ යෝධ ගිනි වළ ඇත්තේ කාරාකුම් කාන්තාරයේ මැදයි. මෙය සක්වළ ජීවීන් පෘථිවියට කළ පහරදීමකින් පසු සෑදුණු එකක් නොවෙයි.
    මෙය මීට වසර 40කට පෙර භූවිද්‍යාඥයන් විසින් ඇති කළ එකක්. එදා සිට මේ දක්වා ගිනි ගෙන දැවෙනවා. නිවා දමන්න ඒ කිසිවකුටත් හැකි වී නැහැ.
    එන්න, බලන්න යන්න රුසියාවේ තුර්ක්මෙනිස්ථානයේ ඩර්වේස්වලට. ‘අපායේ දොරටුව’ යනුවෙන් මෙහි ප‍්‍රදේශවාසීන් හඳුන්වන මේ අරුම පුදුම ගිනි වළ බලන්න යන්න.



    1.jpg

    ‘අපායේ දොරටුව’ ලෙස හැඳින්වෙන තැන පිහිටි දැවෙමින් තිබෙන දැවැන්ත පොළෝ කුහරයේ දාරය අසල සිටින මිනිසුන් දෙදෙනාගෙන් ඔබට එහි ප‍්‍රමාණය සිතා ගත හැකියි.


    මීට අවුරුදු 41කට පෙර මෙහි කැණීම් කළ සෝවියට් භූවිද්‍යාඥයන්ගේ කැණීම් යොමු වුණේ ස්වාභාවික වායුව පිරි අඳුරු ගුහාවකටයි. එහි වූ වායුව පිට වෙන්න පටන් ගත්තා. පසුව ඒ සිදුර ලොකුවෙලා ඔවුන්ගේ කැණීම් අට්ටාලය ඇතුළට කඩා වැටුණා. එහි මීටර් 70ක වළක් සෑදුණා.
    ඔවුන් සිතුවා පසුව මෙයින් විෂ වායුවක් නිකුත් වුණොත් එයින් අනතුරක් වේවි කියලා. ඒ නිසා එය පුළුස්සා හරින්නට සිතා ඊට ගිනි තිබ්බා. ඔවුන් සිතුවේ දින කීපයකින් මෙය පිළිස්සී අවසන් වේවිය කියා. ඒත් ඒක වුණේ නැහැ.



    2.jpg

    තුර්ක්මෙනිස්ථානයේ ඩර්වේස් හී ඇති ගිනි ගෙන දැවෙන දැවැන්ත පොළෝ කුහරය මීටර් 70ක් පළලයි.


    3.jpg

    කරකාකුම් කාන්තාරයේ මැද පිහිටි මෙම යෝධ ආවාට විවරය තුළින් ගිනි දලූ විහිදෙන අයුරු.


    4.jpg

    මෙම ගින්න දැනට වසර 40කටත් වැඩි කාලයක් තිස්සේ මෙසේ දැවෙමින් තියෙනවා.


    5.jpg

    ස්වදේශිකයන් ‘අපායේ දොරටුව’ යනුවෙන් හඳුන්වන මේ විස්මිත විවරය ළං වී බලතොත් පෙනෙන්නේ මෙසේයි.


    6.jpg

    මේ ගින්න හටගත්තේ සෝවියට් භූවිද්‍යාඥයන් පිරිසක් මෙහි කැණීම් කරද්දී මතු වූ ස්වාභාවික වායු ධාරාවක් පුළුස්සා හරින්නට තැත් කළ අවස්ථාවේදියි.


    12.jpg

    ‘අපායේ දොරටුව’ පිහිටි තැන. මෙය ඇත්තේ තුර්ක්මෙනිස්ථානයේ (Turkmenistan) කාරාකුම් කාන්තාරයේ ඩර්වේස් (Derweze) හියි.


    සෝවියට් භූවිද්‍යාඥයන් පිරිස හිතුවේ මේ දැවීම දින කීපයකින් අවසන් වේවි කියලයි. ඒත් ඒක අදත් එක විදියට ම දැවෙමින් පවතිනවා.
    මෙයින් නිකුත් වෙන ගිනිදැල් ඩර්වේස්හී අවට සැතැපුම් ගණනාවක් ඈතට පෙනෙනවා. මේ ඩර්වේස් ගම්මානයේ 350ක පමණ ජනගහනයක් ජීවත් වෙනවා.
    මෙය පිහිටා ඇත්තේ තුර්ක්මෙනිස්ථානයේ අගනුවර වූ ඈෂ්ගැබැට්වලට උතුරින් කිලෝමීටර් 260ක් ඈතිනි.
    2010 දී එරට ජනාධිපති ගුර්බැන්ගුලි බර්දිමුහමදෝ ද මෙය නැරඹීමට පැමිණ මෙය වසා දමන සේ නියෝග කළා. ඒත් තවමත් එය සිදු වන පාටක් නැහැ. තුර්ක්මෙනිස්ථානයේ වැඩි කොටසක් වසා සිටින කාරාකුම් කාන්තාරය මැද පිහිටි එකක් නිසා වසා දැමීම ලේසියෙන් කළ හැක්කක් නොවෙයි. මේ කාන්තාරය පිහිටා ඇත්තේ කැස්පියන් මුහුදට නැගෙනහිරින්.
    ඒරල් මුහුද මෙයට උතුරින් පිහිටා ඇති අතර අමු දර්යා ගංගාව හා කිසිල් කුම් කාන්තාරය ඊසාන දිගින් පිහිටා තියෙනවා.
    මෙම ප‍්‍රදේශයෙහි විශාල වශයෙන් තෙල් සහ ස්වාභාවික වායු නිධි ඇතැයි සැලකෙනවා.


    7.jpg

    මෙය ඒ කලාපයේ හොඳ මඟ සලකුණක් වී හමාරයි. සැතැපුම් ගණනක් ඈත සිට මෙය දැකිය හැකියි.


    8.jpg

    මේ ගිනි වළ පෙනෙන්නේ ඒ කාන්තරය මැද ඇති රන්වන් පැහැ මිරිඟුවක් ලෙසයි.


    9.jpg

    1971 දී තෙල් ගවේෂණය සඳහා කළ කැණීමක දී මෙහි ඉදි කළ තාවකාලික අට්ටාලය කඩා වැටී මෙහි පතුල නොපෙනෙන දැවැන්ත සිදුරක් ඇති වුණා.


    10.jpg

    සෝවියට් භූ විද්‍යාඥයන් විසින් ඇති කළ මෙම සිදුර දැන් සංචාරක ආකර්ෂණයක් වෙලා. වසර 40ක් තිස්සේ මෙය දැක බලා ගන්නට පිරිස් නොකඩවා එනවා.


    11.jpg

    භූ විද්‍යාඥයන් මෙහි ඇති වායුව දින කීපයකින් දැවී අවසන් වෙතැයි කියායි. එහෙත් අදත් එක සේ ගිනි ගෙන දැවෙමින් තියෙනවා.





    කොහොමද වල හොඳයි ද?:rofl: මෙහ් මෙහ් දැක්කෙ නෑ වගේ ලිස්සල යන්නෙ නතිව බම්ප් එකක් වත් දාල යන්න හොන්ඳේ... :)
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    අපරාදේ ස්භාවික වායුව නිකම් නාස්ති වෙන එකයි වෙන්නේ. ඕක use කරගත්තා නම් හරි මොකකට හරි.