අපායේ දොරටුව

madushanka224

Member
Feb 19, 2014
173
91
0
මෙය මාගේ බ්ලොග් අඩවියේ පළවූ ලිපියක් වන අතර එහි ලින්කුව පහතින් දැක්වෙනවා.

Code:
http://dhiyatha.blogspot.com/2014/04/blog-post.html


මෙම ත්‍රෙඩ් එකෙහි සම්පූර්ණ ලිපියම පළවන අතර මම මෙම ලිපිය ලිවීමට කැපකල කාලය සහ වූ මහන්සිය ගැන යම්කිසි අගය කිරීමක් කිරීමට කැමති අය ඉන්නවානම් දීලා තියෙන ලින්ක් එක හරහා ගිහින් මගේ බ්ලොග් අඩවිය තුලින් මෙම ලිපිය කියවන්න.





1971 වර්ශයේදී ටර්ක්මෙනිස්තානයේ ඩිවේස් ගම්මානයට යාබද කාන්තාරයේ ස්වාභාවික වායු නිධි සොයා සෝවියට් භූ විද්‍යාඥ කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටියහ. මොවුන්ට වායු නිධි සහිත ගුහාවක් හමු වූ අතර මෙම ගුහාව පරීක්ෂණ කටයුතු කරන අතරතුරේදී කඩා වැටුනේ විශ්කම්භය මීටර් 170ක් පමණ වන විවරයක් ඇති කරවමිනි. මෙම සිදුර තුලින් විෂ වායු පිටවනු ඇතැයි බිය වූ විද්‍යාඥ පිරිස මෙම සිදුරට ගිනි තැබුවේ එතුල ඇති මීතේන් වායු දහරාව පැය කිහිපයක් ඇතුළත ගිනි ගෙන අවසන් වනු ඇතැයි යන හැඟීමෙනි.


නමුත් මොවුන්ගේ බලාපොරොත්තු දරුණු ලෙස කඩකල මෙම ගිනි ජාලාව අද වනතුරුත් නොනිවී ඇවිලෙයි. සැතපුම් ගණනාවක් ඈතට පවා දිස්වන මෙම ගිනි විවරය ලොව පුරා ප්‍රචලිතව ඇත්තේ අපායේ දොරටුව නමිනි.