බොහෝ දුරට එකඟයි. නමුත් "ඇත්තම රියැලිටි" (පනවාගැනීමක් නොවෙන අර්ථයෙන්) කතාවට එකඟ නැහැ. ඔය ඕනෙම රියැලිටි එකක් ඇත්තම රියැලිටියක් තමා. එකම වෙනස අත්දැකීම වෙනස් වෙන්න වෙන්න රියැලිටිය වෙනස් වෙනවා.
ඒ වගේම විවෘත මනස (නව අදහස් මතවාද ප්රෙජුඩිස් එකකින් තොරව සලකා බැලීම) කියන එකත් මහ ගැටළු සහගත තැනක්. අපි ඉගෙන ගත්ත දේවල් රැස් කරපු දැනුමට සාපේක්ෂව තමා අලුත් දෙයක් ගැන සිතා බලන්න අපිට හැකියව තියෙන්නෙ. පරණ ඉගෙනගත්ත භාෂාව, තර්ක ක්රම, සංකල්ප වලින් තොරව අපිට හිතන්න පුලුවන් ද? එහෙමනම්, ඔය ඒ යි අලුත් දේ හරිද වැරදිද කියලා තීරණය වෙන්නෙ දැනට තමන් තුල තියන දැනුමට සාපේක්ෂව, තමන්ගෙ මතවාදයට සාපේක්ෂව නෙමෙයි ද. ඉතින් අපිට කවදාවත් විවෘත මනසක් හදා ගන්න පුලුවන් ද ..?