අත්හැර්‍රම කියන්න බුදු දහමේ මූලික ඉගැන්වීමක්. හැබැයි පටන් ගත්ත තැනම අපිට මේක අසාර්ථකයි. ඒකට හේතුව අපිට අත්හරින්න බැරිවීම. සංසාරේ පුරාවටම අපි පුරුදු කරලා තියෙන්නෙ අල්ලාගන්න මිසක් අතහරින්න නෙමෙයි. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනෙ. මේ පුරුද්ද නිසා අපි තවමත් කරන්නෙ අල්ලා ගන්න එක.
මොනවද අපි අල්ලගන්නෙ? ඇහැට පේන, කනට ඇහෙන, දිවට රස දැනෙන, නාහයට දැනෙන, ඇඟට දැනෙන සහ හිතට දැනෙන හැමදේම අපි අල්ලගන්නවා. මේ අල්ලාගැනීම සමහර වෙලාවට පිටට පෙන්වා සමහර වෙලාවට පේන්නෙ නැහැ.
අල්ලාගැනීමේ විරුද්ධ පැත්ත තමයි අත්හැරීම නැත්නම් නෛෂ්ක්‍රම්‍ය. නෛෂ්ක්‍රම්‍ය කියන්නෙ පාරමිතාවක්. අහලත් ඇති නෙ. මේ නෛෂ්ක්‍රම්‍යයෙ තියෙන ස්වභාවය තමයි අලෝභ සහිත බව. එතකොට අල්ලා ගැනීමේ තියෙන ස්වභාවය තමයි ලෝභ සහිත බව. එතකොට නෛෂ්ක්‍රම්‍ය කියන්නෙ පාරමිතාවක් කිව්වනේ. පාරමිතා කියන්නෙ කෙනෙක් පුරුදු පුහුණු කළ යුතු දෙයක්. නෛෂ්ක්‍රම්‍ය පුරුදු කරලා තියෙන කෙනාගේ ජන්මය මොකක් වුනත් පුරුද්ද නෛෂ්ක්‍රම්‍ය. හැබැයි මුලින් කිව්ව වගේ අපි වැඩියම පුරුදු කරලා තියෙන්නෙ අල්ලා ගැනීම.
ජීවිතේ දිහා හොඳට හිතලා බැලුවොත් පෙනේවි දේවල් විතරක් නෙමෙයි හැඟීම්, පුරුදු පවා අපි අල්ලන් ඉන්නවා කියලා. නිකමට හිතන්න කෙනෙක්ට කියන්න පුළුවන් මගේ ආසම විනෝදාංශය තමයි පොත් කියැවීම කියලා. දැන් එයාට පොත් කියවන්න බැරි වෙනකොට මොකද වෙන්නෙ, දුක හිතෙනවා. කනස්සලු හිතෙනවා. ඒ විනෝදාංශයට ඇලිලා නොහිටියා නම් එහෙම වෙනව ද, නැහැ. ඒකයි කිව්වෙ හැඟීම් පුරුදු පවා අල්ලන් ඉන්නවා කියලා.
මේ අල්ලා ගැනීමේ ස්වභාවික ගුණයක් තමයි ‘දුක’ කියන්නෙ. අල්ලා ගත්තේ මොකක්ද ඒ මොන දේ නිසා වුනත් දුක දැනෙනවා. ඊට හේතුව තමයි ලෝකෙ පවතින නිවන හැර අනෙක් හැමදේකම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනේ පැවැත්ම. ඒක දෙයක් වේවා සතෙක් වේවා හැඟීමක් වේවා ඒ ඕනම තැනක මේ ලක්ෂණ තුන තියෙනවා. ඒ නිසා බුදු හාමුදුරුවෝ මේ ලක්ෂණ තුන ‘ත්‍රිලක්ෂණය’ විදියට හඳුන්වනවා. සරලව ගත්තම අනිත්‍ය කියන්නෙ පැවැත්මක් නැතිවීම, අනාත්ම කියන්නෙ කැමැති විදියට නොපැවතීම, දුක කියන්නෙ පැවැත්මක් නොමැතිවීම සහ කැමැති විදියට නොපැවතීම නිසා ඇති වෙන ස්වභාවය. ඉතින් අල්ලගන්න වෙන්නෙ ලෝකෙ තියෙන දෙයක්නෙ. මෙනිසා අල්ලාගන්න ඕන දෙයක් නිසා දුක දැනෙනවා.
දැන් ඉතින් අපි, අපි දිහා බලමුකො. අපි වැඩිපුරම ඉන්නෙ දුකෙන් ද සතුටින් ද? ඔයා වැඩිපුරම ඉන්නෙ සතුටින් නම් අනිවාර්යෙන්ම ඔයා අත්හැරීම කියන දේ ජීවිතේට ලන් කර ගත්ත කෙනෙක්. දුකෙන් ඉන්නවා නම් කණගාටු වෙන්න එපා ඔයාට සතුටින් ඉන්න ඕනා නම් කරන්න තියෙන්නෙ අත්හැර්‍රම පුරුදු කරන එක. ඒකෙන් ඔයාට සතුටු වෙන්න පුළුවන්. හම්බවෙන ගැහැණු මිනිස්සු වැඩියෙන්ම ඉන්නෙ දුකෙන් නිසායි මුලින් කිව්වෙ අත්හැරීම කියන ඉගැන්වීම පටන් ගත් තැනම අපිට අසාර්ථකයි කියලා.