අපිට උගන්වපු බොරු 👇

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    මේ පෝස්ට් එක කියවන්න කලින් ඔලුවට ගන්න ඕනේ කරුණු කීපයක් පහලින් දානවා

    තමන්ගේ දැණුම හෝ තර්ක කිරීමේ හැකියාව පදනම් කරගෙන සත්‍ය තාවකාලිකව යටපත් කල හැකි නමුත් සදාකාලිකව එසේ කල නොහැකි බව

    අධික ආගම් භක්තිය නිසා ආගමේ ඇති කරුණු විචාර බුද්දියකින් තොරව පිලි ගැනීම සහ විවේචනය කරන්නන් සමග තරහ ඇති කරගැනීම තමාගේ ප්‍රශ්නයක් බව


    “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි” යන කියමන අදටත් වලංගු බව


    හරි දැන් පෝස්ට් එක කියවල බලමු


    1. අපිට ඉගැන්නුවෙ වැඩිහිටියන් සියල්ල දත් බවත් ඔවුන් කියන සියලු දේ අපි පිලිගත යුතු බවත්‍ ය. ඒත් අපිට ඉගැන්නුවෙ නෑ මෝඩයොත් වයසට යන බව.

    2. අපිට ඉගැන්නුවෙ වැඩිහිටියන්ට ගරුකරන්න, වැඩිහිටියන්ට මුල් තැන දෙන්න ඕනි බවත්ය. ඒත් අපිට ඉගැන්නුවෙ නෑ මිනිස්සුන්ට ගරු කරන්න මනුස්සකමට මුල්තැන දෙන්න.

    3. අපිට ඉගැන්නුවෙ ගෙදරදි අම්මා තාත්තාට ඉස්කෝලදි ගුරුවරුන්ට රස්සාවකට ගියාම ප්‍රධානීන්ට යටත් වෙලා ඉන්න ජීවිත කාලේම කොන්ද කඩාගෙන ඉන්න. අපිට ඉගැන්නුවෙ නෑ වැරදි දේට වැරදි කියන්න හරි දේට හරියි කියන්න. අපේ මතය ඉදිරිපත් කරන්න, කොන්ද කෙලින් තියාගන්න.

    4. අපිට ඉගැන්නුවෙ කොහොම හරි ඉගෙන ගන්න බෝට්ටුවෙන් හරි කැම්පස් යන්න, උපාධිය අරන් රජයේ රස්සාවක් කරන්න, අපිට ඉගැන්නුවෙ නෑ කැම්පස් එකෙන් එලියට ආවාම රස්සාවකට එහා ලෝකයක් දකින්න.

    5. අපිට ඉගැන්නුවෙ ගැහැණු මෘදු බවත් පිරිමි රලු බවත් අඩන්නෙ ගැහැනු බවත් පිරිමි නම් අඩන්නෙ නැති බවත්, අපිට ඉගැන්නුවෙ නෑ ගැහැනු පිරිමි ඔක්කොම හැගීම් දැනීම් දැනෙන පණ ගැහෙන මිනිස්සු බව.

    6. අපිට ඉගැන්නුවෙ මිනිස්සු මොනවා කියයිද මිනිස්සු මොනවා හිතයිද බව නිතර හිතන්න, අපිට ඉගැන්නුවෙ නෑ අපි කොහොම හිටියත් මිනිස්සු කතන්දර කියන බවත් මිනිස්සු කොහොම හිතන බවත්.

    7. අපිට ඉගැන්නුවෙ ජීවිත කාලේම මිනිස්සුන්ට බයෙ ජීවත් වෙන්න, අපිට ඉගැන්නුවෙ නෑ තමන් ජීවත් වෙන සුලු කාලෙ සතුටින් ජීවත් වෙන්න.

    8. අපිට ඉගැන්නුවෙ ලැබෙන දෙයින් සතුටු වෙන්න සහ දෙන දෙයක් භාර ගන්න, අපිට ඉගැන්නුවෙ නෑ තව තව දේවල් ලබා ගන්න, නොලැබෙන දේට සටන් කරන්න. (මෙහිදී බුදු දහමේ සඳහන් වන අත් හැරීම සහ අල්පේච්ච බව වැනි සංකල්ප විවේචනයකට ලක් කර නොමැති බව කරුණාවෙන් සලකන්න)

    9. අපිට ඉගැන්නුවෙ අපිට වෙන සියල්ලටම පින් පව් කර්මය වගකිවයුතු බවත්‍ ය, අපිට ඉගැන්නුවෙ නෑ අපි ගන්න තීරණ අනුව අපි කරන තෝරාගැනීම් අනුව අපෙ දෛවය, කර්මය, ඉරණම වෙනස්කරගත හැකි බව.

    10. අපිට ඉගැන්නුවෙ හැමදාම හැම දේකටම හේතු කියන්න, බෝලේ පාස් කරන්න, අපිට ඉගැන්නුවෙ නෑ අපි කරන කියන දේට වගකියන්න වගවෙන්න.

    11. අපිට ඉගැන්නුවෙ අපි නිකම් ඉගෙනගන්න බවත් අධ්‍යාපනය සෞඛ්‍ය නිකම් බවත්‍ ය, අපිට ඉගැන්නුවෙ නෑ නිකම් මුකුත් නොලැබෙන බවත් සියල්ලම ලැබෙන්නෙ අපි ගෙවන බදු මුදලින් බවත්.

    12. අපිට ඉගැන්නුවෙ ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාව බවත් ලංකාව දියුණු වෙමින් පවතින රටක් බවත් ය, අපිට ඉගැන්නුවෙ නෑ ලෝකෙන් උතුම් රටවල් තව සිය ගණනින් ඇති බවත් යඛ්ඛ පුතාලා/දුවලා ඒවගෙ යන්න වලිකන බවත්, මේ චින්තනය නිසාම ශ්‍රී ලංකාව කවදාවත් දියුණු නොවන බවත්, එය තේරුම් ගන්න පරිණත වයසකට එන විට අපි සෑහෙන්න ප්‍රමාද වී ඇති බවත්.

    13. අපිට ඉගැන්නුවේ වඩා වැදගත් වන්නේ සහභාගිත්වය බවත් දිනුම නොවන බවත්ය, අපිට ඉගැන්නුවෙ නෑ ලෝකයා මතක තබා ගන්නේ පළවෙනියා කවුද යන්න පමණක් බවත් ඉතිහාසය ලියවෙන්නේ ජයග්‍රාහකයින් අතින් බවත්.

    ප:ලි - මුලින් කියන්න අමතක උනා. මේ පෝස්ට් එකේ සඳහන් කරුණු වලින් බොහොමයක් අපි පාසල් යන කාලය තුලදී අපිට ඉගැන්විය යුතුව තිබූ කරුණු බව සලකන්න (මම ඉපදුනේ 1987). දියුණු රටවල පාසැල් පද්දතිය තුල මෙහි සඳහන් වන ඉගැන්විය යුතුව පැවති බවට සඳහන් සංකල්ප පාසැල් සිසු සිසුවියන්ගේ මනසට කුඩා කල සිටම කාවැද්දවීම තුලින් ඔහුට/ඇයට දියුණු මනසකින් හෙබි පුද්ගලයෙකු ලෙස සමාජයේ හැසිරීමට හා තම ජීවිතය හැඩගස්වා ගැනීමට මහත් රුකුලක් වන බව මාගේ විශ්වාසයයි


    සංවාදයට විවුර්තයි !!!​
     
    Last edited:

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    5.අපිට ඉගැන්නුවෙ ගෑහැනු මෘදු බවත් පිරිමි රලු බවත් අඩන්නෙ ගැහැනු බවත් පිරිමි නම් අඩන්නෙ නැති බවත් ,අපි ඉගැන්නුවෙ නෑ ගැහැනු පිරිමි ඔක්කොම හැගීම් දැනීම් දැනෙන පණ ගැහෙන මිනිස්සු බව.
    උඩට
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    truck bro GIF
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    මේ ටික කියෙව්වම මට ආපු ප්‍රශ්නෙ ශෙහාන් ගිවන්තට ඉගැන්නුවෙ කවුද කියන එක ?
    Self Studies thama machan 🤣

    "අපිට ඉගැන්නුවේ නෑ කියන" කොටස් ටික ඔය අපුරුවට ඉගෙනගෙන ඒවා දාල පොස්ට් එකකුත් හදල තියෙන්නේ . :rolleyes:
    Amen to “Almighty God Google” 🤣
    ------ Post added on Jan 18, 2023 at 8:30 AM
     
    • Wow
    Reactions: dilann

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    5. අපිට ඉගැන්නුවෙ ගැහැණු මෘදු බවත් පිරිමි රලු බවත් අඩන්නෙ ගැහැනු බවත් පිරිමි නම් අඩන්නෙ නැති බවත්, අපිට ඉගැන්නුවෙ නෑ ගැහැනු පිරිමි ඔක්කොම හැගීම් දැනීම් දැනෙන පණ ගැහෙන මිනිස්සු බව.
    :)
     
    • Love
    Reactions: SHEHAN_GIWANTHA