අපිට උගන්වපු බොරු

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    1.අපිට ඉගැන්නුවෙ වැඩිහිටියන් සියල්ල දත් බවත් ඔවුන් කියන සියලු දේ අපි පිලිගත යුතු බවත්‍ ය.. ඒත් ඉගැන්නුවෙ නෑ මෝඩයොත් වයසට යන බව
    2.අපිට ඉගැන්නුවෙ වැඩිහිටියන්ට ගරුකරන්න,වැඩිහිටියන්ට මුල් තැන දෙන්න ඕනි බවත් ය. ,අපිට ඉගැන්නුවෙ නෑ මිනිස්සුන්ට ගරු කරන්න මනුස්සකමට මුල්තැන දෙන්න
    3.අපිට ඉගැන්නුවෙ ගෙදරදි අම්මා තාත්තාට ඉස්කෝලදි ගුරුවරුන්ට රස්සාවකට ගියාම ප්‍රධානීන්ට යටත් වෙලා ඉන්න ජීවිත කාලේම කොන්ද කඩාගෙන ඉන්න .අපිට ඉගැන්නුවෙ නෑ වැරදි දේට වැරදි කියන්න හරි දේට හරියි කියන්න.අපෙ මතය ඉදිරිපත් කරන්න ,කොන්ද කෙලින් තියාගන්න
    4.අපිට ඉගැන්නුවෙ කොහොම හරි ඉගෙන ගන්න බෝට්ටුවෙන් හරි කැම්පස් යන්න,උපාධිය අරන් රජයේ රස්සාවක් කරන්න ,අපිට ඉගැන්නුවෙ නෑ කැම්පස් එකෙන් එලියට ආවාම රස්සාවකට එහා ලෝකයක් දකින්න
    5.අපිට ඉගැන්නුවෙ ගෑහැනු මෘදු බවත් පිරිමි රලු බවත් අඩන්නෙ ගැහැනු බවත් පිරිමි නම් අඩන්නෙ නැති බවත් ,අපි ඉගැන්නුවෙ නෑ ගැහැනු පිරිමි ඔක්කොම හැගීම් දැනීම් දැනෙන පණ ගැහෙන මිනිස්සු බව.
    6.අපිට ඉගැන්නුවෙ මිනිස්සු මොනවා කියයිද මිනිස්සු මොනවා හිතයිද බව නිතර හිතන්න ,අපිට ඉගැන්නුවෙ නෑ අපි කොහොම හිටියත් මිනිස්සු කොහොම කියන බවත් මිනිස්සු කොහොම හිතන බවත්.
    7.අපිට ඉගැන්නුවෙ ජීවිත කාලේම මිනිස්සුන්ට බයෙ ජීවත් වෙන්න අපිට ඉගැන්නුවෙ නෑ තමන් ජීවත් වෙන සුලු කාලෙ සතුටින් ජීවත් වෙන්න.
    8.අපිට ඉගැන්නුවෙ ලැබෙන දෙයින් සතුටු වෙන්න ,දෙන දෙයක් භාර ගන්න අපිට ඉගැන්නුවෙ නෑ තව තව දේවල් ලබා ගන්න,නොලැබෙන දේට සටන් කරන්න .
    9.අපිට ඉගැන්නුවෙ අපිට වෙන සියල්ලටම පින් පව් කර්මය වගකිවයුතු බවත්‍ ය,අපිට ඉගැන්නුවෙ නෑ අපි ගන්න තීරණ අනුව අපි කරන තෝරාගැනීම් අනුව අපෙ දෛවය කර්මය ඉරණම වෙනස්කරගත හැකි බව.
    10.අපිට ඉගැන්නුවෙ හැමදාම හැමදේකටම හේතු කියන්න,බෝලේ පාස් කරන්න ,අපිට ඉගැන්නුවෙ නෑ අපි කරන කියන දේට වගකියන්න වගවෙන්න.
    11.අපිට ඉගැන්නුවෙ අපි නිකම් ඉගෙනගන්න බවත් අධ්‍යාපනය සෞඛ්‍ය නිකම් බවත්‍ ය.,අපිට ඉගැන්නුවෙ නෑ නිකම් මුකුත් නොලැබෙන බවත් සියල්ලම ලැබෙන්නෙ අපි ගෙවන බදු මුදලින් බවත්.
    12.අපිට ඉගැන්නුවෙ ලෝකෙන් උතුම් රට ශ්‍රීලංකාව බවත් ලංකාව දියුණු වෙමින් පවතින රටක් බවත් ය,අපිට ඉගැන්නුවෙ නෑ ලෝකෙන් උතුම් රටවල් තව සියගණනින් ඇති බවත් යක්ක පුතාලා දුවලා ඒවගෙ යන්න වලිකන බවත්,ලංකාව කවදාවත් දියුණු නොවන බවත්.


    Miyura Dimuni



    සන්වාදයට........
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    රටේ පිහිටීම, සොබාදහම පරිසරය ලංකාව සුපිරි උනාට..
    ඉන්න මිනිස්සු හදපු සාමජය, රජය, ආර්ථිකය පට්ට චොර මිනිස්සු මෙහෙන් යන්නේ රටේ ඉන්න බැහැ ස්වභාවික විපත්, රස්නේ වැඩියි කියලා නෙමෙයි...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හැම දේම ඇඟිල්ලෙන් ඇණල උගන්නන බෑනෙ..., උගන්නන දේවල් අතරෙ තේරුම් ගන්න ඕනෙ දේවලුත් තියෙනව...
    අනික,
    ඉස්කෝලෙ උගන්නන ජාතික තොටිල්ල වගේ කවි පංති වල ඔය දේවලුත් කියවෙනව ඉතිං....

    ඒ හින්ද විශේෂයෙන් ඔය කලා විශයන් වලින් කැම්පස් ගිය ඈයෝ ඔය වගේ හෑලි ලියනවනං කැම්පස් ගියේ කොහොමද කියන එකත් ලොකු අවුලක් තමයි....

    නිදහස මහ මුහුදක් වේ
    එහි උල්පත පුත! නුඹ වේ
    ඒ බව සිහිකොට මෙලොවේ
    යුතුකම ඉටු කළ යුතු වේ

    කරදර දහසක් හමු වී
    ඉන්ටැකි නම් සිනා වෙවී
    ඔහු මෙ ලොවට පහළ දෙවී
    රජෙකැයි සලකනු මැනවී

    අවිච්චියේ කප් දහසෙත්
    වහල් කමේ එක් දවසෙත්
    වෙනසක් නැති බව සිතතොත්
    උඹට පුතේ වැඩ සැලසෙත්

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකළොත් නුඹෙන් පුතේ
    මෙ ලොවට කිසි පලක් නැතේ

    එබඳු උතුම් ලංකාවේ
    දුසිරිත් දසතින් බෝවේ
    මේ ගැන වැඩ කළොත් ලොවේ
    උඹෙත් මගෙත් නම කියවේ

    ලැග සිටිමින් වහල් බවේ
    මෙත් කෙරුවත් පලක් නොවේ
    පුත! නුඹ හද මල් ගොමුවේ
    මේ මල් පිබිදිය යුතුවේ

    කාටත් හිමි පොදු දේ නම්
    නැති බැරි හිඟ අවහිරකම්
    මේ දේ මැඩ ගෙන දස්කම්
    පෑම තමයි සුරුවිරුකම්

    උස් තැන් දැක හැකිළෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ

    කුල බේදය ලියලන්නේ
    ජාතික බැමි පුපුරන්නේ
    මේ රට මේ විපතින්නේ
    උඹ ද පුතේ ගලවන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,473
    86,740
    113
    ආශ්චර්යමත් රටක
    රටේ පිහිටීම, සොබාදහම පරිසරය ලංකාව සුපිරි උනාට..
    ඉන්න මිනිස්සු හදපු සාමජය, රජය, ආර්ථිකය පට්ට චොර මිනිස්සු මෙහෙන් යන්නේ රටේ ඉන්න බැහැ ස්වභාවික විපත්, රස්නේ වැඩියි කියලා නෙමෙයි...

    :yes:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Man nan wadinne ne ekektawath.wande nattama sinhaluge muna puka wena heti balanna one

    specially politics sakkili ballange muna, okunta respect kare nathi unahama hena mala.

    mata seen ekak una central bank ekedi, mama lift eke naginna lasthi weddi MSD eke set ekak kiuwa naginna epa amathi kenek naginna innawa kiyala, 5mins hitiya ne, mama negala lift eka close karaddi ekek penala kakula dala nawaththuwa, mata bahiinna kiuwa, mama kiuwa ida thiyenne ithin moko, kiyala passe set ekak ngga, mama ahuwa MSD poragen ko amathi kiyala , aru pennuwa me inne Wimal Weerawansa amathi kiyala,
    mama kiuwa ehema kenek ahalath ne, dekalath ne kiyala, aruge muna puka una.

    ita passe ma diha balala ahuwa malli wihiluwakda kare kiyala, mama kiuwa ne mama ehema kenek dekala ne aththa kiyala.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අපිට පෙන්නුවෙ - වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි...
    අපි බැලුවෙ - වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි...


    ප.ලි. - ඉහත සියල්ල (උඹ දාල තියෙන) නිර්මාණය කළේ වැඩිහිටියන්ය..
    සදහටම ඒසේය. උඹත් - මමත් දවසක වැඩිහිටියන්ය. ඒදාටද, පොඩි ඒවුන් මෙසේ චෝදනා කරනු ඇත...
     

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    අපිට පෙන්නුවෙ - වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි...
    අපි බැලුවෙ - වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි...


    ප.ලි. - ඉහත සියල්ල (උඹ දාල තියෙන) නිර්මාණය කළේ වැඩිහිටියන්ය..
    සදහටම ඒසේය. උඹත් - මමත් දවසක වැඩිහිටියන්ය. ඒදාටද, පොඩි ඒවුන් මෙසේ චෝදනා කරනු ඇත...
    Oya koyi kauruth anthimata karnne okane. palakayoth pathwenne api atharinne. Palakayanwa pathkargena egollonta bena bena idala merila yana eakane wenne oka thama lankawe minisusu bahutharayaka jiwethe
     
    • Like
    Reactions: ElaBaba