අපිට කොතනද වැරදුනේ ?

Mindfulness

Member
Aug 27, 2015
257
15
0
අපිට කොතනද වැරදුනේ ?

මගේ ජිවිතේ මට වැරදුන තැන් එළකිරි යාලුවොත් එක්ක බෙදාගන්න හිතුව :yes: මේ හැම දෙයක්ම යාළුවොන්ගෙ ජීවිතේට වැදගත් වෙයි :) වෙච්ච දේවල් ගැන පසුතැවෙන එක තේරුමක් නැති දෙයක් (gone is gone :() වෙච්ච දේවල් වලින් ජීවිතේට අලුත් පාඩමක් ඉගනගෙන අනිත් අයටත් ඒ දේ තේරුම් කරල දීල ජිවත් වෙන එක තමයි වටින්නෙ :) වචනෙකින් හරි කාට හරි උදව්වක් කරන්න පුළුවන් නම් ඒක ලොකු පිනක් :yes: හරි මට වැරදුන තැන් වැරදෙන්න හේතු වෙච්ච දේවල් එක්කම දාන්නම් :cool: ඔයාලගෙ අත්දැකීම්නුත් දාන්න :cool:

මම ඉස්සර ඉගනගන්න දක්ෂයි 5 වසරට වෙනකල් :lol: ශිෂ්‍යත්වෙත් පාස් :cool: කවදාවත් පන්තියේ 1 2 3 වෙලා නෑ එත් හොදම 10 අතරේ හිටිය :yes: ශිෂ්‍යත්වේ වෙනකල් අම්ම තාත්ත හැමදේම හොයල බලල ඉගැන්නුවා කිසි දෙයක් මන් තනියම කරේ නෑ එස්කොලේ ඇරිලා ගෙදර ආවම අම්ම පොත් බෑග් එක ඇදල අරන් වැඩ ටික කරවනකල් මන් පොතක් අල්ලන්නේවත් නෑ :yes: ඒක පුරුදු වෙලා තිබුනෙ :sorry: ශිෂ්‍යත්වේ පාස් වුනාම මට කොම්පියුටරයක් ගෙනල්ල දුන්න :cool: මන් ගැන හොයන එකත් නතර උනා :cool: ගෙදර අය හිතුවේ මම මගේ අද්යාපන වැඩ තනියම කරගනියි කියල :yes: ඒත් එහෙම දෙයක් උනේ නෑ :no: මම කොම්පියුටරේ එක්ක ජිවත් උනා 8 වසර වෙනකල් :( පන්තියේ අන්තිමයට කලින් එකා මම ඒ දවස් වල :cool: 6 වසරේ ඉදන් මම කිසිම වැඩක් කරේ නෑ කොම්පියුටරේ විතරයි :( අම්ම තාත්ත හිතුවේ මම හොදට වැඩ කරනවා ඇති කියල. 9 වසරේදී යාළුවො සෙට් උනා වල බැස්ස සිගරට් බිව්වා අරක්කු බිව්වා ගුලි කෑව :cool: 10 වසරේදී බූට් එකක් කාල පිස්සු කෙල කෙල හිටිය :( අන්තිමට O/L කෙලව ගත්ත :cool: ශිෂ්‍යත්වෙත් පාස් වෙලා O/L ෆේල් වෙන එකෙක් ඉන්නවද බන් :lol: ඒත් ඇත්ත මේකයි :( මට කව්රුවත් හිටියේ නෑ බන් හොද නරක කියල දෙන්න :( යාළුව මේකෙන් ඔයාලගේ ජීවිතේට ගන්න දෙයක් නෑ ඒත් ඔයාට පුතෙක් දුවක් ඉන්නවා නම් හොදට හොයල බලන්න කවදාවත් ශිෂ්‍යත්වේ පාස් උනා කියල ලමයව අතාරින්න එපා :no: අතාරිනවා නම් ඇත්ත තේරුම් කරලා අතාරින්න :yes:
 
Last edited:
  • Like
Reactions: RottenCOLT

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ශිෂ්‍යත්වේ පාස් වෙලා O/L ෆේල් උන මගේ යාලුවෝ බරගානක් ඉන්නවා. ශිෂ්‍යත්වේන් මුකුත් කියන්න බැහැ. මම engineer කෙනෙක් වෙලා ඉන්නේ ශිෂ්‍යත්වේ පාස් වෙලා නෙමෙයි. අපිටත් 6 වසරේදී වගේ තමයි computer හම්බ උනේ . ඒ කාලේ වැලක් ෆිල්ම් එකෙක් බැලුව මිසක් ඔකේ එල්ලිලා උන්නේ නැහැ.