අපිට නැතිවී ගිය අපේ සම්පත .1 වෙනි කොටස

rusiyanuwa

Active member
  • මචං මැතිණියට රට ගැන කැක්කුමක් තිබ්බානම් මේ වගේ පාහර වැඩක් කරයි ද ? නිකන් හිතපන් අපි අද ඉන්දියන් කාර් බස් බයිසිකල් පස්සේ වැටිලා ,ජපන් කාර් පස්සේ වැටිලා .ඒත් එදා උපාලි-මැස්ඩා එක තිබ්බානම් අපිට අද එහෙම දෙය ක් වෙයිද .මැතිණි ea කාඒ ගියේ රුසියාව පස්සේ .ඒ රට ගැන කැක්කුම් හින්දා නම් නෙමේ රුසියානු න්‍යාය මතය ලංකාවේ ස්ථාපනය කරන්න මැතිණියට රුසියාවේ KGB එකේන් සල්ලි ගෙව්වා .මුළු බණ්ඩාරනායක පවුලටම එහෙමයි .ඉන්දියවේ ගාන්ධි පවුලටත් රුසියාවෙන් නොමඳ සහය හම්බවුණා සල්ලි වලින් .අනික මේකත් මතකද දන්නේ නැහැ .oya ඉන්දිරා ගාන්ධිම තමා ප්‍රභාකරන්ට ඉන්දියාවෙදි අවි පුහුණුව දුන්නේ ලංකාවට ගහන්න .ඒ ජ්.ආර් .එක්ක තිබ්බ මලට .දෙන්නගෙම අදහස් නම් එකයි තමා .අපිට කෙලවලා තියෙනවා ඒ අදහස් වලින් .අදටත් අපි පේ පරිප්පුව කනවා .එහෙම නේද මචං ? :cool::cool::cool::cool::cool::cool::cool:

    අපරාදෙ. උපාලි මහත්තයාට තිබුනෙ මැස්ඩා එකෙන් සහයෝගය නොගෙන ලාඩා එකෙන් සහයෝගය ගන්න. එහෙම වුනානම් මැතිනිටවත් කාටවත් ඒ කර්මාන්තශාලාව වහන්න කටයුතු කරන්න වෙන්නෙ නෑ. ඒ අනුව ගත්තම උපාලි මහත්තයා වැරදි තීරණයක් අරන් තියෙන්නෙ.
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    උපාලි විජේවර්ධන මහතාට දේශපාලනය නිසා උන හිරහැර අප්‍ර‍මාණයි. නමුත් දක්ෂ ව්‍යවසායකයෙක් උන එතුමා එකට ඉතා උපක්‍ර‍මශීලිව මුහුණ දුන්නා. හොදම උදාහරණය සිරිමාවෝ මැතිණිය ඉලෙක්ට්‍රොනික උපකරණ මෙරටට ගෙන ඒමට දැම්ම දැඩි වාරණයට ප්‍රයෝජනයට අරන් ඉතා උපක්‍ර‍මශීලීව කටයුතු කරලා ඉලෙක්ට්‍රොණික කොටස් ගෙන්වමින් මෙරට තුල යුනික් රේඩියෝව නිෂ්පාදනය කිරීම උදාහරණ කොට දක්වන්න පුඵවන්.

    සිරිමාවෝ මැතිණිය ඔනැවට වඩා සංවෘත්ත ආර්ථික රටාවක් ඇතිකිරීම වගේම ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඕනැවටත් වඩා ආර්ථිකය විවෘත්ත ආර්ථිකයක් බවට පත් කිරීම යන වැරදි ආර්ථික ප්‍ර‍ථිපත්ති නිසා තමයි අද ලාංකික අපේ ආර්ථිකය නන්නත්තාර වෙලා තියෙන්නේ. බුදුන් වහන්සේ දේශනා කල මැදුම් පිළිවෙත ඕනෑම දේකට හරියනවා වගේම මැදුම් පිළිවෙතක් සහිත ආර්ථික රටාවක් මේ පාලකයින් දෙදෙනාම අනුගමනය කලා නම් අපිට මෙතරම් නන්නත්තාර ජාතියක් බවට පත් වෙන්නේ නෑ.

    මේ ත්‍රෙඩ් එක දිගටම ගියාද නැද්ද කියන්න මම දන්නේ නෑ. නමුත් මෙහි මුල්ම කොටස කියවද්දි නම් තේරුම් යන්නේ එක්සත් ජාතික පක්ෂයට සුදු හුණු ටිකක් ගාන ගමන් නිදහස් පක්ෂයට මඩ ප්‍ර‍හාරයක් දියත් කර ඇති බවකි.

    ඒ අනුව මෙවැනි මාතෘකාවක් ලියන කෙනා පක්ෂග්‍රාහී නොවන ලෙස දේශපාලන කණ්නාඩි නොදමා ලිව්වා නම් ඉතා වැදගත් කියා මම හිතනවා. "අපිට නැතිවී ගිය අපේ සම්පත්" ගැන කථා කරනවා නම් විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් 2001 - 2004 පාලන කාලය අපේ රටට අහිමි කරපු Dimo සහ Latec බස් නිෂ්පාදනය කරපු වේරහැර බස් කර්මාන්තශාලාව ගැන ලියන්නම ඕනේ.

    ඒක නිසා මේ පාලන කාලය තුල හිටපු කිසිම UNP / SLPF පාලක රජයයන් වල (ජෙප්පෝ කියන කුහක බල්ලන්ගෙන් සමන්විත වැඩ බැරි නිකන් බුරන කාලකන්නියෝද ඇතුඵව) දේශපාලුවො මේ රටට කරපු කිසිම සෙතක් නෑ.... උන්ට නිකන් කඩේ යන විදියට මේ වගෙ ෆෝරම් වල අදහස් දක්වන්න එපා. මේ කිරියේ ඉන්න බයි ටොයි ජෙප්ප කාලකන්නියෝ මේකේ රෙදි අතුල්ලන විදිය දැක්කම පුකෙනුත් හිනා යනවා... ඒ වගේ උන් නිසා අප්පිරියයි කිරිය පැත්ත පලාතේ එන්නත්.