ඉන්දීය සෞඛ්‍ය ඇමැතිට පොලිසිය වෙඩි තියලා
ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැති නබා කිසෝර් දාස්, පොලිස් නිලධාරියකු කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.
ඔඩීෂා ප්‍රාන්තයේ, ජර්සුගුඩා දිස්ත්‍රික්කයේ වැඩසටහනකට සහභාගිවීමට යද්දී, අමාත්‍යවරයා නබා කිසෝර් දාස් වෙඩි ප්‍රහාරයට ලක් විය. වෙඩි තැබීම කළේ උප පොලිස් පරීක්ෂකවරයෙකි.
අමාත්‍යවරයා සිය නිල රථයෙන් බසිනු බලා සිටි පොලිස් නිලධාරියා අමාත්‍යවරයා අසලට පැමිණ වෙඩි තැබූ බව සිද්ධිය දුටුවෝ පවසති.
ඔහු මානසික ආබාධයකින් පෙලෙන අයකු බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මියගිය ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන්ට සිය කණගාටුව පළ කර තිබේ