අපිට වෙන්න යන දේ.

Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    මේ ජුනි මාසෙට මට වයස අවුරුදු 33 යි. තව අවුරුදු කිහිපයකින් තරුණ කියලා හඳුන්වන අර්ථනිරූපිත වයස් සීමාවෙන් ඔබ්බට යනවා. ආපස්සට හැරිලා බලද්දි තරුණ වයසේ ආරම්භයේ ඉඳන්ම ලංකාවේ හැම කොනකටම ඇවිදලා, ගන්න ඕන 'ආතල්' එහෙමත් උපරිමේට අරන් තියෙනවා. ලංකාවෙන් එහාට මට කැමති තැන් බොහෝමයක ඇවිදලත් තියෙනවා, මට ඉගෙන ගන්න ඕන කියලා හිතුන දේවල් ඉගෙන ගෙන තියෙනවා. හැබැයි දැන් මේ රටේ ඉඳන් තවදුරටත් ඒ කරපු කියපු දේවල් වලින් 1/10 ක් කරන්න අමාරුයි. ඒ වගේම ඉදිරියේ පේන්න තියෙන අනාගත කාලසීමාව ඇතුලත ඒ දේවල් කරන්න තියා හිතන්නවත් දුෂ්කර කාලසීමාවක් එන්නෙ.

    ඒවා එහෙම වෙද්දි තවමත් යාන්තන් වයස 20 - 25 ලංකරලා තියෙන යමක් කමක් තේරෙන තරුණ ප්‍රජාව ⁣අති බහුතරය රටේ පවතින තත්වය ගැන දරන උදාසීන අදහස් දැක්කම වෙලාවකට පුදුමයි. අපි හම්බකරොත් අපි කනවා සිද්ධාන්තයේ තවමත් ඉන්නවා කියන්නෙ ජීව විද්‍යාත්මක අවුලක්. හම්බකරත් කන්න බැරි තත්වෙට රට දවසින් දවස යද්දි මේක තාවකාලික තත්වයක් ඉක්මනටම හරියයි කියලා හිතෙන එක ඊටත් වඩා අවුලක්. මට තේරුම්ගන්න පුළුවන් වපසරියේ මට පේන්න තියෙන්නෙ මේ වැටෙන ආගාධයෙන් ගොඩ යෑම දවසින් දෙකෙන් නෙවෙයි තව අවුරුදු දහයක් ගියත් අසීරු බවයි. ඒකත් කරන්න පුළුවන් හැකියාව තියෙන්නෙ මේ රටේ රාජ්‍ය පාලනය 100% වගවීමක් ඇතුව වැඩකටයුතු කලොත් පමණයි.

    එහෙම තත්වයක් පවතිද්දි උදාසීනව හැසිරෙන එක, පවතින තත්වයට වගකිව යුත්තන් ප්‍රශ්න නොකර තත්වයට අනුගත වීමට උත්සහ දැරීම ආදී හැසිරීම් තුල ගම්‍ය වෙන්නෙ තරුණ පරම්පරාවල කොඳු කඩලා තියෙන තරම. අතේ තියෙන මුදලකට කැමති තැනකට යන්න බැරි, අතේ මුදල් තිබ්බත් තෙල්, ගෑස්, විදුලිය, අත්‍යවශ්‍ය දේ මිලදී ගත නොහැකි, හීන දකින්න, බලාපොරොත්තු තියාගන්න නොහැකි තරුණ පරම්පරා ඒ ඒ තත්වයන් සාධාරණීකරණය කිරීමට උත්සහ දැරීම කියන්නෙම අනුකම්පාසහගත තත්වයක්. ඒ තැන්වලදි ක්‍රියාත්මක වූ අකාරය ගැන පසුකාලයකදි පසුතැවෙන්න සිදුවෙද්දි අශ්වයා ඉස්තාලයෙන් පැනගොස් බොහෝ කාලයක් ගතවෙලා තියෙයි. මේ තත්වය සමාන කරන්න පුළුවන් විදාරණය වීමට නියමිත ගිනිකන්දක විවරය අසල සූදු කෙලින්නෙකුට.

    © facebook.com/don.supz
     

    Attachments

    • FB_IMG_1654434774204.jpg
      FB_IMG_1654434774204.jpg
      44.3 KB · Views: 32

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    owa wadak nh bn. ape un hari asai p*ka denna. kalayak gotata p*ka dunna. dan ranilta p*ka denwa. thani theeranayak hithala ganna bh. bayai. hamoma kemathi kawru hari karala denwata, nathnm kawru hari kiyana de karanwata. eeta passe bana bana inna.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,120
    67,430
    113
    තව අවුරුදු කිහිපයකින් තරුණ කියලා හඳුන්වන අර්ථනිරූපිත වයස් සීමාවෙන් ඔබ්බට යනවා

    Magulak kiyanawa dan tama podi kaletath wada kello set wenne
     
    • Haha
    Reactions: Kolama

    Sen-lu

    Well-known member
  • එහෙම තත්වයක් පවතිද්දි උදාසීනව හැසිරෙන එක, පවතින තත්වයට වගකිව යුත්තන් ප්‍රශ්න නොකර තත්වයට අනුගත වීමට උත්සහ දැරීම ආදී හැසිරීම් තුල ගම්‍ය වෙන්නෙ තරුණ පරම්පරාවල කොඳු කඩලා තියෙන තරම.
    This 👌

    තව අවුරුදු කිහිපයකින් තරුණ කියලා හඳුන්වන අර්ථනිරූපිත වයස් සීමාවෙන් ඔබ්බට යනවා

    Magulak kiyanawa dan tama podi kaletath wada kello set wenne
    ලොල් අංකල්ට රිදිල 😂😂
    ------ Post added on Jun 5, 2022 at 7:01 PM
     
    • Haha
    Reactions: malrulz

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ithin dan api mkd krnna one

    ලාන්සර් එක හෝද හෝද පිහිද පිහිද වැක්ස් කර කර, හෝද හෝද පිහිද පිහිද වැක්ස් කර කර, හෝද හෝද පිහිද පිහිද වැක්ස් කර කර ඉදපන්. :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,937
    2
    54,624
    113
    ලාන්සර් එක හෝද හෝද පිහිද පිහිද වැක්ස් කර කර, හෝද හෝද පිහිද පිහිද වැක්ස් කර කර, හෝද හෝද පිහිද පිහිද වැක්ස් කර කර ඉදපන්. :lol:
    Sounds like heaven ❤️
     
    • Love
    Reactions: Kolama