අපිරිසිදු යට ඇඳුම් බොහෝ දේ අවුල් කරයි..

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    අපිරිසිදු යට ඇඳුම් බොහෝ දේ අවුල් කරයි..

    ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි පොත්ත හොඳ වුණාට පෙත්ත අප්සට් කියලා. මේ කතාවේ ව්‍යංගාර්ථයක් තියනවා වගේම බොහොම තිත්ත ඇත්තකුත් තියනවා. අපි බොහොම කැමතියි ලස්සනට අඳින්න පළඳින්න.

    සාමාන්‍යයෙන් අපේ මාසික ආදායමෙන් අවම වශයෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක්වත් මාසිකව ඇඳුම්, පැළදුම්, රූපලාවන්‍ය කටයුතු සහ ශරීර සුවතාවය වෙනුවෙන් වැයකරනවා. එහෙම කරන්නේ එක පැත්තකින් අපිට අපිව ලස්සනට පේනකොට හිතට ලොකු ආත්ම ශක්තියක් දැනෙන නිසා වගේම අනිත් පැත්තෙන් අපි දිහා බලන අයට අපි ගැන සුන්දර ආකල්පයක් ලබාදෙන්න.

    ඉතින් ඒ දේවල් නිසා අපි බාහිරව අඳින පළදින දේවල් වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙනවා. ඒත් අපේ යට ඇඳුම් වෙනුවෙන් ඒ තරම්ම මහන්සි නොවෙනවා වෙන්න පුළුවන්. කොහොම වුනත් කාන්තාවක් විදිහට භාවිතා කරන බ්‍රෙසියර්ස්, පෑන්ටීස්, ස්කිනර්ස්, අන්ඩර් ෂෝර්ට්ස් වගේ දේවල් ලස්සනට වගේම පිරිසිදුවට තියාගන්න එකත් අනිවාර්යය දෙයක්.

    යට ඇඳුම් පිරිසිදුව සහ සෞඛ්‍ය සම්පන්නව නොතිබුණොත් ඔබට මෙන්න මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වේවි.

    එකක් තමයි යට ඇඳුම් අපිරිසිදු නිසා ඒවායින් ඇතිවන ආසාදන සමට, රහස් ප්‍රදේශවලට බලපාන්න පුළුවන්. එහෙම වුනොත් තත්වය ටිකක් බරපතලයි. විශේෂයෙන්ම අපිරිසිදු යට ඇඳුම්වල බැක්ටීරියා ක්‍රියාකාරිත්වයන් නිසා ඇතිවෙන පුස් හෝ දිලීර තත්වයන් තමයි මේ විදිහට ආසාදන ඇති කරන්නේ. මේකට කරන්න ඕන එකම දේ තමයි යට ඇඳුම් භාවිතයෙන් පසු එක්කෝ හොඳින් වැටෙන හිරු එළියේ වියලා ගැනීම, නැත්නම් භාවිතයෙන් පසු ඉක්මණින්ම සෝදා වියලා ගන්න පුළුවන්නම් වඩාත් හොඳයි.

    ඒ විතරක්ම නෙවෙයි, යට ඇඳුම් අපිරිසිදු වීම නිසා දහඩිය දුර්ගන්ධය එක්ක මුසුවෙලා ඇතිවෙන ඉතා අපහසු දුර්ගන්ධ තත්වය කියන බොහොම නරක තත්වයට ඔබට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම ඔබ ගමන් කරන ප්‍රවාහන මාධ්‍ය වායු සමනය කල එකක් නම්, නැත්නම් ඔබේ කාර්යාලය වායු සමනය කල එකක් නම් මේ දුර්ගන්ධය බොහොම තදින් අනිත් අයට දැනෙන්න පුළුවන්. ඒක ඔබේ ආත්ම අභිමානයට එතරම් හොඳ දෙයක් නෙවෙයි.

    අනිත් පැත්තෙන් යට ඇඳුම් අපිරිසිදු නිසා කායික සබඳතාවලදි අහිතකර ලෙස බලපාන්න පුළුවන්. මොකද යට ඇඳුම්වල ඇති අපිරිසිදුබව නිසා ඔබේ සහකරුවා ඔබට ලංවෙන්න මැලිකමක් දක්වන්න ඉඩ තිබෙනවා. සාමාන්‍යයෙන් ලිංගික එක්වීමකදී ඇතැම් සහකරුවන් කැමැත්තක් දක්වනවා තමන්ගේ සහකාරියගේ යට ඇඳුම් තමන් විසින්ම ඉවත් කරන්න හෝ අන්ඳවන්න. ඒත් ඒවා අපිරිසිදු වෙලා තියෙද්දි ඔහු එහෙම කරන්න කැමති වෙයි කියලා හිතන්න අමාරුයි. ඒක ලිංගික එක්වීමටත් බලපාන්න පුළුවන්.

    ඉතින් මේ හේතු කීපය නිසා ඔබට තේරෙනවා ඇති ඔබේ යට ඇඳුම් පිරිසිදුව තබාගන්න එක කොච්චර වැදගත් දෙයක්ද කියලා. ඒක නිසා කම්මැලිකම, අතපසුවීම පැත්තකින් තියලා අනිවාර්යයෙන්ම ඔබේ යට ඇඳුම් පිරිසිදුව තියාගන්න. ඒක ඔබට වගේම ඔබේ වටපිටාවේ ඉන්න අයටත් ඉතා වැදගත් දෙයක් වේවි.

    උපුටා ගැනීම - www.her.lk
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    kawudda ekek mage rep kapala ganiyekge kunuwechcha pukak dala
    thirisannu
    ude pandarama dwasama masthabaldu wenwa
    ,mehema wada karama
    ayi me moda minissu mewa therun ganne naththe:sorry: