අපි අහපු වෑර්ලස් – (හතරවැනි කොටස) – Vintage Radio Sets (Part Four)

අපි අහපු වෑර්ලස් ලිපි මාලාවේ හතරවැනි කොටසයි මේ. එමෙන්ම මේ ලිපියෙන් ලිපි මාලාව අවසන් වෙනවා. මෙහි පළමුවැනි කොටස මෙන්ම දෙවැනි කොටස සහ තුන්වැනි කොටස මගින් අතීතයේදී මෙවැනි දෑ තිබුණු බව නොදන්නා අය වෙත, යම් දැනුමක් ලබාදීමත්, පූර්ව දැනුමක් ලබාසිටි අයගේ මතකය අලුත් කිරීමක් ලෙසත්, මේ ලිපි මාලාව හඳුන්වන්නට පුළුවන්.
අපි මේ ලිපි මාලාවේ තුන්වන කොටස අවසන් කලේ රේඩියෝව සහ රෙකෝඩ් ප්ලේයරය එකට සම්බන්ධ කල රේඩියෝග්‍රෑම් එක දක්වා විකාශය සඳහන් කිරීමෙන්. ඉතින් ඊට පස්සේ මොකද වුනේ. ඒ කතාව මෙතැන්සිට ඔබ වෙත මෙසේ ගෙන එනවා. ඔබට මතකනේ ග්‍රැමෆෝනයෙන් පසු බිහිවූ රෙකෝඩ් ප්ලේයර ගැන මම කිව්වා. රෙකෝඩ් ප්ලේයරය වඩාත් දියුණු කර තැටි කීපයක් ධාවනය කරවීමේ තත්වයට වැඩිදියුණු කළා. ග්රැමෆෝනය සහ රෙකෝඩ් ප්ලේයරය ගැන වීඩියෝ දෙකක් පහත දක්වනවා.
මෙන්න ග්රැමෆෝනයක් ක්‍රියා කල හැටි.
"THEY START THE VICTROLA" 1914 BILLY MURRAY Victor 78rpm Record Played On Victor III Phonograph
ග්‍රැමෆෝනයට පස්සේ ආවේ රෙකෝඩ් ප්ලේයර් එක. මෙන්න එය ක්‍රියා කරන හැටි.
How does it work : worlds first record player
පහත පෙන්වන්නේ තැටි කීපයක් ස්වයංක්‍රීයව මාරුවෙමින් ක්‍රියාකරන ‘රෙකෝඩ් චේන්ජර්’ එකක්.
SING SING SING 1946 Capehart Turn Over Record Changer 114N2
ග්රැමෆෝන් එකට වඩා රෙකෝඩ් ප්ලේයරයේ ශබ්ද ගුණය ඉහලයි. නමුත් මේ තැටි කාලයක් පාවිච්චි කලවිට ගෙවෙනවා. බිම වැටුනොත් කැඩෙනවා. රෙකෝඩ් ප්ලේයර් සහ තැටි, එහෙ මෙහෙ පහසුවෙන් ගෙනයන්න අමාරුයි. ඊටත් වඩා මිනිසාට අවශ්‍ය වුනා, තමන්ට අවශ්‍ය වෙලාවට හඬ පටිගත කර අහන්න ක්‍රමයක්. ඒ අවශ්‍යතා ඉටු කිරීම සඳහා තමයි ‘ස්පූල් ටේප් රෙකෝඩර්’ එක නිපදවුනේ. මොකක්ද අනේ ඒ කියන්නේ.
බලන්නකෝ පහළ තියෙන්නේ මොකක්ද කියලා.
Akai GX-635D Demonstration of all functions
දැක්කා නේද ස්පූල් ටේප් රෙකෝඩර් කියන්නේ මොකක්ද කියලා. මේවා විවිධ හැඩයෙන් විවිධ ප්‍රමාණයෙන් තියනවා. අදටත් සමහර ශබ්දාගාර වල පාවිච්චි කරනවා. මේ වීඩියෝවේ තිබුනාට වඩා බොහොම දියුණු ඒවා. මේ ක්‍රමයටම ක්‍රියාකරන වීඩියෝ ටේප් රෙකෝඩර් තියනවා. මේ වගේ තඩි ඒවා, අපිට ඕනේ ඕනේ තැන්වල ගෙනිහින්, අපි කැමති දේවල් රෙකෝඩ් කරලා, අහන්න බැහැනේ. ඒ සඳහා ටෝච් බැටරි බලයෙන් ක්‍රියාකරන පොඩි ටේප් රෙකෝඩර් හැදුවා. මේ බලන්න ඒ වගේ එකක පින්තූරයක්. මම මේ රෙකෝඩරය දැකලා තියනවා පාසලේ හය හත වගේ පන්තිවල ඉගෙන ගනිද්දී. මගේම (අති සුමධුර වූ, මනෝරම්‍ය වූ, අනබිභවනීය වූ) කටහඬින් සින්දු කියලා, පටිගත කරලා, අහලා තියනවා.
මෙය හරිම හුරුබුහුටි යන්ත්‍රයක් බව හොඳට මතකයි. ඒ වුනත් ඒ කාලේ මේවා පෞද්ගලිකව පාවිච්චි කලේ නම් බොහොම ටික දෙනයි. ඒ කාලේ මේවා අති සුඛෝපභෝගී භාණ්ඩ හැටියටයි සැලකුනේ. අර විශාල ප්‍රමාණයේ ටේප් රෙකෝඩර වෑල්ව් පරිපථ වලින් ක්‍රියා කරන ඒවාත් තිබුනා. මේ තියෙන්නේ එවැනි එකක්.
මේ මෝස්තරය අතිශයින් ජනප්‍රියව තිබුන එකක්. මෙය ශබ්දාගාරවල පවා පාවිච්චි කළා. ඊළඟට පෙන්වන්නම් ඊට වඩා බොහොම දියුණු ටේප් රෙකෝඩරයක්.
ඔන්න ඉතින් මේවා අසමින් බලමින් හිටිය අපි වෑල්ව් යුගයෙන් ට්‍රාන්සිස්ටර් යුගයට සම්ප්‍රාප්ත වුනා. ට්‍රාන්සිස්ටර් රේඩියෝ බොහොම වේගයෙන් සමාජයේ පැතිරුනා. එයට ප්‍රධාන හේතුව වෑල්ව් රේඩියෝ වලට වඩා මිලෙන් අඩුවීම. ඒ වගේම එහෙ මෙහෙ ගෙනයාමේ පහසුව, ටෝච් බැටරි වලින් ක්‍රියාකළ නිසා වියදම අඩුවීම, (සෑම ට්‍රාන්සිස්ටර් යන්ත්‍රයක්ම නෙවෙයි මුල් යුගයේ සමහර ඒවා විදුලියෙන් පමණයි ක්‍රියා කලේ) අලුත්වැඩියා සඳහා විශාල මුදලක් වැය නොවීම, යන කරුණුත් හේතුවුනා.
ට්‍රාන්සිස්ටර් රේඩියෝ මුල්ම යුගයේදී විශාලත්වයෙන් බොහෝ දුරට වෑල්ව් රේඩියෝවක ප්‍රමාණයට සමාන වුනා. පහත දක්වන්නේ මුල් යුගයේ ට්‍රාන්සිස්ටර් රේඩියෝ එකක්.
ඊළඟ පරම්පරාව වනවිට අතේ ගෙනයාහැකි ට්‍රාන්සිස්ටර් රේඩියෝ බිහිවුණා පහත දැක්වෙන්නේ එවැනි රේඩියෝවක්.
ට්‍රාන්සිස්ටරය වෑල්වයකට වඩා ඉතා කුඩා නිසා ට්‍රාන්සිස්ටර් රේඩියෝ ඉතා කුඩාවට නිපදවන්නට පුළුවන් වුනා. මේ බලන්න ට්‍රාන්සිස්ටර් රේඩියෝවක ඇතුලත හරි සරලයි.
අපේ කාලයේ තිබුණු විවිධ ප්‍රමාණයේ සහ විවිධ හැඩයේ ට්‍රාන්සිස්ටර් රේඩියෝ කීපයක් පහත දක්වනවා.
ඔන්න ඉතින් අපි ට්‍රාන්සිස්ටරයේ විශ්මය විඳිමින් ඉන්න අතරේ ,1960 දශකයේ අග භාගයේදී, මහා විශ්මය ජනක දෙයක් දකින්නට අහන්නට ලැබුනා. ඒ තමයි කැසට් ටේප් රෙකෝඩරය. ස්පූල් ටේප් රෙකෝඩරය මෙන් විශාල නැති, බොහොම හුරුබුහුටි මේ යන්ත්‍රයට දමන, කුඩා පෙට්ටියක් වැනි කොටස ඇතුලේ, ටේප් පටියක් කරකැවෙන බව දැක්කම, අපේ ඇස් උඩ ගියා. මුල්ම යුගයේ කැසට් රෙකෝඩර මෙන්න මේ වගේ.
ලස්සනයි නේද? හැබැයි ඉතින් අපේ මිනිස්සුන්ට මේකත් මදිවුණා, ටිකක් කල් යනකොට. ඒ නිසා රේඩියෝ එකයි, රෙකෝඩ් ප්ලේයර් එකයි, කැසට් රෙකෝඩර් එකයි, ඔක්කොම එක පෙට්ටියක හයි කරගෙන පාවිච්චි කිරීමේ තන්හාව ඇති වුණා. මෙන්න මේක තමයි ඒ තන්හාවේ ප්‍රතිඵලය. කෑලි තුනක් එකට ඈඳලා තියන නිසා මේකට කිව්වේ ‘ත්‍රී ඉන් වන්’ කියලා.
කොහොමද වැඩේ? මට පුදුම අද වෙනකොට ‘වන් තවුසන් ඉන් වන්’ කියලා එකක් ඇවිල්ලා නැති එකටයි.
හැබැයි ත්‍රී ඉන් වන් එච්චර ජනප්‍රිය වුනේ නැහැ. මොකද ඒ වනවිට වයිනයිල් තැටි නිෂ්පාදනය අභාවයට යමින් තිබුනේ. ඉතින් අන්තිමට අපි නැවතුනේ පහත දැක්වෙන විදිහේ ‘ටූ ඉන් වන්’ එක බදා ගැනීමෙන්.
මේ වගේ රේඩියෝ ලංකාවට එන කාලේ අපේ රටෙත් රේඩියෝ හැදුවා. ඒ සඳහා මුල් වුනේ, නැසීගිය, උපාලි විජේවර්ධන මහතාට අයත්, උපාලි ට්‍රේඩින්ග් කම්පනි නමැති සමාගමයි. ඒ සමාගමෙන් අර මුල්ම යුගයේ ට්‍රාන්සිස්ටර් රේඩියෝ වලට සමාන මේසය මත තබන ප්‍රමාණයේ ට්‍රාන්සිස්ටර් රේඩියෝ වල සිට ඉහත රූපයේ පෙන්වන ටූ ඉන් වන් වර්ගයේ රේඩියෝ දක්වා විවිධ රේඩියෝ හැදුවා. එවැනි එකක පින්තූරයක් හොයන්න ගත් උත්සාහය සාර්ථක වුනේ නැහැ. නමුත් පුවත්පත් දැන්වීමක් හොයාගන්න ලැබුණා. මෙය 1991 වර්ෂයේ දැන්වීමක්.
මීට අමතරව ඒ දිනවල ජනප්‍රියවූ තවත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් වුනේ ‘ඩිවෙලෝ’ රේඩියෝව. පහත දැක්වෙන්නේ ඒ රේඩියෝ වර්ගයේ එක මෝස්තරයක්.
මීට අමතරව සෙන්ට් ඇන්තනීස් සමූහ ව්‍යාපාරයෙන් ‘ඇන්ටන්’ නමින් රේඩියෝවක් හැදූ බව මගේ මතකයේ යන්තම් තිබෙනවා. ඔබ ඒ ගැන යමක් දන්නවානම් මා දැනුවත් කරන්න. මීට පස්සේ යුගය ගැන ඔබට විස්තර කියන්න අවශ්‍ය නැහැ. නමුත්, ඔබට මතකද 1980 දශකය වනවිට තිබුන ටූ ඉන් වන් යන්ත්‍ර? මේ තියෙන්නේ ඒ වගේ එකක්.
මේ වගේ ස්ටීරියෝ යන්ත්‍ර වලට වඩා දියුණු, ත්‍රිමාන ශබ්ද සහිත රේඩියෝ අද තිබුනත්, නිසි අවබෝධයෙන් ඒවාගේ ස්පීකර් ස්ථානගත කර තිබෙනවා දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. මම ඔබ සමග සංයුක්ත තැටි ධාවන යන්ත්‍ර පිළිබඳව කතාකරන්න නොයන්නේ ඔබ ඒ ගැන දන්නා නිසයි.
කාලයක් මගේ සිහිනයක්ව තිබුන ස්ටීරියෝ පද්ධති දෙකක පින්තූර පහත දක්වනවා. නමුත් මේ එකක්වත් ගන්න මට නොලැබුණේ, ඒ කාලේ මට එපමණ වත්කමක් නොතිබුන නිසයි. මේ යන්ත්‍ර දෙකම 1990 දශකයේ මුල් භාගයේ ඒවා. මේ යන්ත්‍ර එකක් රු 80000 ක් පමණ මිල වූ නිසා, මම ඒ ගැන ආසාව අතහැරියා.
තන්හාය ජායතී සෝකෝ කිව්වලුනේ. මේ යන්ත්‍ර දෙකට අදාළ විස්තර පත්‍රිකා දෙක අදත් මා සතුව තියනවා.
ඉන්ටර්නෙට් රේඩියෝ දැකලා තියනවද ඉන්ටර්නෙට් රේඩියෝ? දැකලා නැත්නම් මෙන්න බලන්න 1950 දශකයේ අග භාගයේ රේඩියෝවක් මේ. මොන හේතුවක් නිසා ඉන්ටෙර්නෙට් කියන නම මේ රේඩියෝවට දැම්මද කියලා මම හෙව්වා. නමුත් පිළිතුරක් හමුවුනේ නැහැ.
ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම රේඩියෝ කීපයක පින්තූර පහත දක්වනවා. මේවා ‘කවදාවත් පරණ නොවෙන’ කියන උපහාරයට ලක්වෙන රේඩියෝ.
මේ බලන්නකෝ 1990 දශකයේ ස්ටීරියෝ පද්ධතියකට තිබුණු දුරස්ථ පාලකය.
ඔබ වර්තමානයේදී ලෝකයේ විවිධ ගුවන්විදුලි ප්‍රචාර වෙත, කෙටි තරංග ඔස්සේ සවන්දීමට කැමතිනම්, පහත දැක්වෙන ආකාරයේ රේඩියෝ එකක් තමයි සුදුසු.
ලිපිය අවසන් කරන්නට මත්තෙන් මා ඔබෙන් එක පැනයක් විමසනවා. හදිසියකදී ඔබේ නිවසේ කටහඬ/සංගීත/ගුවන්විදුලි වැඩසටහන් පටිගත කරගන්න පහසුකම් තියනවද? කැසට් ටේප් අපෙන් ගිලිහී යාමෙන් පසු, අපේ ගෙවල්වල තිබුන පටිගත කිරීමේ පහසුවද ගිලිහී ගියා. ‘හයියෝ එව්වා මොනවටද මගේ කොම්පියුටරෙන් පුළුවන්නේ, මගේ පෝං එකෙන් පුළුවන්නේ’ කියලා කිව්වට, කොරන්ඩ ගියාම තමයි රඟේ තේරෙන්නේ.
ඔන්න වයර්ලස් ගැන කල සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා.
උපුටා ගැනීම jangun.wordpress.com

Last edited: