ඉන්දියාව යනු අනාදිමත් කාලයේ සිටම මගේ රටට කචල් දැමූ රටකි. විටින් විට ඉන්දියාවෙන් මෙහි පැමිණි ආක්‍රමනිකයෝ මේ රට විනාශ කලහ. මහාවංශය ලියැවෙන විජය රජු පවා මෙරටට පැමිණ සිදු කලේ සංහාරයක් මිස භාවනාවක් නොවේ. එතැන් පටන් සේන-ගුත්තික වැනි අස් වෙළෙන්දෝද, දාඨිය,පීඨිය,පණය මාර,පිළය මාර වැනි දෙමෙල්ලු ද, මහා විහාරය නට කොට එම බිම සී සා, උදු වැපුරූ කාලිංඝ මාඝ වැනි කාලකන්නියෝ ද, මේ රටට පැමිණ කලේ සහපතක් නොවේ.
ආසන්න අතීතයේ දී ජූනියස් රිචඩ් ජයවර්ධන තාප්පයට හේත්තු කොට ගැසූ කුප්‍රකට ඉන්දු ලංකා ගිවිසුමෙන් කෑ පරිප්පුව අපි තවම කමින් සිටිමු. ළගදි ගැසූ ඉන්දු-ලංකා නිදහස් වෙළෙද ගිවිසුමෙන් අපහට උරුම වී ඇත්තේ වත්ත බද්දට දී ඇස්සට දත නියවන රිලවුන් හට වූ දේය.
දැන් ඉක්ටාවය.
ජනවාරි 8 මහින්දව ගෙදර යවා සිරිසේන බලයට ගෙන ඒමේ කුප්‍රකට කුමන්ත්‍රණය මෙහෙයෙවුයේ ඉන්දියානු බලල් අණ්ඩ වන රෝ ප්රමුඛ නඩය බව සාක්ෂි සහිතව පෙන්වා දිය හැකිය. එයට ආසන්නම හේතුව ලෙස අප දකින්නේ යුද්ධය නිම කිරිමෙන් පසු මහින්ද ගේ ආන්ඩුව ගෙන ගිය අතිශය රාජතාන්ත්‍රික නොවන ගොං විදේශ ප්‍රතිපත්තිය සහ දිගින් දිගටම තමිල්නාඩු සාධකය මගින් ඉන්දීය මධ්‍ය රජය වෙත කල බලපෑමය. එපමණක් නොව මහින්ද සිපා ගිවිසුම අත්සන් තැබීම අනන්තය දක්වා කල් තැබීම ද, ඉන්දියානුවන් ගේ මළ ට හේතු වී තිබේ. මහින්ද චීනය සහ පකිස්ථානය වෙත හැරීම ද, කොටින් ම කියනවා නම් ඉන්දියන් මෘදංගයේ පදයට මහින්ද නටන්නේ නැති වීමත් ඉන්දියාව මේ පියවර ගැනීමට හේතු වූ අනිත් කරුණුය.
මහින්ද ගියේය. ආ මිනිසුන් වහාම ඉන්දියාව පිණවීම පිණිස සිහ නද නංවමින් චීනය සමග කල මහා පරිමාන වෙළෙද ගණුදෙනු අත්හිටවීය. නමුත් දැන් රනිල් වික්‍රමසිංහ ගරු අගමැතුතුමා ලෝක වෙළද සමුළුවට සහභාගී වී කියන්නේ කුමක් ද, අපි චීනයේ ආයෝජන වඩාත් බලාපොරෝත්තු වෙමු කියාය. මේ කතා කරන්නේ එතුමන් ගේ ශ්‍රී මුඛයෙන් ද?
කෙසේ වෙතත් දැන් ඉන්දියන් ලකටු හෝහපුට්ටන් හට ලංකාවේ රැකියා අවස්ථා දීමට රජය සැරසේ. ඉන්දියානුවන් ගේ වැඩ ගැන අන්තර් ජාලයේ ස්වාධින මෘදුකාංග නිර්මාණය කරන ෆ්‍රී ලාන්සර්වරුන් තරම් දන්නා කොටස් කොහේවත් නැත. ඉන්දියානුවන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කාළකන්නි බව උන් සාක්ෂි දරනවා ඇත. ඉන්දියානුවන් මේ ක්ෂේත්රය කන ආකාරය ගැන වෙන පැහැදිළි කිරීම් අවශ්‍ය නැත.
මේ ගැන කතා දමන්නේ ආර්ථිකය ගැන මෙලෝ රහක් නොදන්නා සුජීව සේනසිංහ වැනි පකඩයන්ය. අඩුම තරමේ අර ආචාර්ය හර්ෂ ද සිල්වා වැනි ප්රාමානික වියතුන් පවා මේ ගැන කට ඇර නැත. සේනසිංහලා කරන්නේ ආණ්ඩුවේ කුනු රෙදි සේදීමට එහා ගොස් හොරි කඩ කැහීම බව ද පැහැදිළිය.
මොකා මොනවා කිව්වත්, මේ අවජාතක ගිවිසුම තීරනාත්මක ලෙස පරාජය කළ යුතුය. ඒ මගේ රටේ මිනිසුන් ගේ රැකියා සුරක්ෂිතතාවය වෙනුවෙන් සහ මගේ රටේ මිනිසුන් ගේ පරිගනක හැකියාවන් බල්ලාට යාම වැළැක්වීම සදහාය. ඒ සදහා සියළු ම ක්ෂේත්රවල සියළු ම වෘත්තිකයන් වහා එක් විය යුතුය. නැතිනම් පසුවට ප්‍රමාද වැඩි වනු ඇත.