𓇢𓆸𝓟𝓮𝓪𝓬𝓮
භාවනාවෙ කොටස් දෙකයි නෙ.
සමථ සහ විදර්ශනා භාවනාව.
☸︎ එලෙසම නිවන් මාර්ගයට පිවිසිය හැකි මාර්ග දෙකක් තමයි සමථය සහ විදර්ශනාව ඔස්සේ ... විපස්සනාව හෙවත් ශුශ්ක විපස්සනා භාවනාව වැඩීම මගින් නිවණ අවබෝධ කරගැනීම එක මාර්ගයක් ...☸︎
🪷 අනෙක තමා සමථය වැඩීමෙන්, චතුර්ථ ධ්‍යාන ලබා, ඉන්පසුව චතුධාතු භාවනාව වැඩීම මගින් නාම රූප පරිච්ජින්න ඥානය පිළිබඳ අවබෝධය ලබා පටිච්ච සමුප්පාද චක්‍රය ගැන අවබෝධයෙන් සත්‍ය අවබෝධය ... එම චතුර්ථ ධ්‍යාන බලයෙන් සහ, මෙම ලබාගත් පරිච්ජින්න ඥානය මගින් තමා මෙම කර්මස්ථානයේ පරිදි පෙර භවයන් සහ මතුභවයන් පිළිබඳ විමසීමෙන්, හේතුඵල දහම විමසීමෙන්, අවිද්‍යාව දුරු කිරීමෙන් සත්‍ය අවබෝධ වෙන්නෙ .... 🪷
𑁍 මෙම දේශනාව මා උපුටා ගත්තේ පන්සිල් මලුව වැඩසටහනෙහි බණ්ඩාරවෙල විමලවංශ ස්වාමීන් වහන්සේ ( ගිහි කල ශල්‍ය වෛද්‍යවරයක් ) සමග කල වැඩසටහනෙන්𑁍
මෙහි 55:59 Timestamp සිට පෙර භවය විමසන ආකාරය පිළිබඳව දේශනා කෙරේ. Timestamp Link
මෙම දේශනාවේ පළමු කොටසෙ ආනාපානසතිය වඩන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දෙනව, එම දේශනාවෙහිම දිගුවක් තමා මෙම මා ඉහලින් ඉදිරිපත් කල දේශනාව.
පලමු කොටස -
“හන්ද’දානි භික්ඛවේ, ආමන්තයාමි වෝ වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ.”
“මහණෙනි, දැන් මම අන්තිම වරට තොප අමතමි. සංස්කාරයෝ නැසෙන ස්වභාවය ඇත්තාහු ය. එබැවින් අප්‍රමාදයෙන් ශ්‍රමණ කෘත්‍යයන් සම්පාදනය කරව්” යනු එහි තේරුම ය.
@Yeezus
මේ ත්රේඩ් එක දැක්කම ආයෙ ඒ ප්රෂ්නෙ අහන්න හිතුනා.
කොහොමද ධ්‍යානයකට සමවැදුන කියල දැනගන්නෙ. ඊට පස්සෙ දෙවනි ධ්‍යානයට ගියා කියල දැනගන්නෙ කොහොමද?
හැමෝම පොතේ තියන පාලි ටික කියනව විතරයි. කවුරුවත් ප්‍රායෝගික විදියට කියන්නෙ නෑ.
කවුරුහරි කියපන් ප්‍රායෝගික විදියට