☸︎ ආනපානසතියෙන් නිවණට - බුදුරජාණන් වහන්සේ ද සමථයානිකයෙ කි ☸︎

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,953
    1
    6,821
    113
    ඉස්සරලාම කියන්න ඕනි මේ දේශනා මාලාවේ දෙවෙනි දේශනාව ... 🧘
    පළවෙනි දේශනාව පිළිබඳ මම කලින් ලිව්වා ... ඒකෙම දිගුවක් තමා මේක

    මේ පළවෙනි දේශනාව 👇

    Thread '☸︎ ආනාපානසතියෙන් අපගේ පෙරභවය - මතුභවය විමසමු ☸︎' https://elakiri.com/threads/☸︎-ආනාපානසතියෙන්-අපගේ-පෙරභවය-මතුභවය-විමසමු-☸︎.2213800/

    ☸️🪷🪬

    සමථ භාවනාවෙ එන ➜ කමටහන් හතලිහෙන් ➜ ආනපානසතිය නිමිත්ත කරගෙන ➜ ඒ ඔස්සේ බවුන් වඩා ධ්‍යාන උපදවා ගෙන ➜ සතර මහා ධාතු පිළිබඳ මෙනෙහි කර ( චතු ධාතු / චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව ) ➜ ඒ ඔස්සේ නාම රූප අනිත්‍ය බව මනසිකාරය කර ➜ සත්‍ය්වබෝධයෙන් නිවන් දැකීමහි මාර්ගය තමා සරලවම මෙම දේශනාවෙ සඳහන් වන්නෙ 🪔

    𓂃˖˳·˖ ִֶָ ⋆🌷͙⋆ ִֶָ˖·˳˖𓂃 ִֶָ

    මෙම දේශනාවේ දී 32:10 Timestamp සිට දේශකයාණන් වහන්සේ ගේ ප්‍රායෝගික අත්දැකීම් වන ආනාපානසතිය වඩන විට සුදු ආලෝකයක් නාසයේ අග ආනාපාන නිමිත්ත ලෙස පහල වීම ➜ උග්ගහ නිම්ත්ත පටිභාග නිමිත්ත මගින් ධ්‍යානගත වීම වගේ ගොඩක් ප්‍රායෝගික දේවල් සාකාච්ඡා වෙනව ...

    ✨🌼💫💫🌼✨

    🙏🏻 අප මහා අමාමෑණී තිලොගුරු සම්මා සම්බුදු ගෞතම බුදු රජාණන්වහන්සේ ද සමථයානිකයෙක්.. 🙏🏻
    සමථය වඩා නිවණ අවබෝධ කර කෙනෙක් ... බුදු රජාණන් වහන්සේ ද තම දිවියේ ප්‍රථම භාවනාව ලෙස වැඩූ යේ ආනාපානසතිය ... ඒ නිසා ගිහි අපි ද අමාරු, වෙහෙස වඩවන විපස්සනාව ( ධ්‍යාන නොලබා කෙලින්ම සතර මහා ධාතු භාවනාව මගින් නාම රූප අනිත්‍ය මෙනෙහි කිරීම ) වෙනුවට පහසු, නිරවුල්, සමථය වඩා නිවන් අවබෝධය සිදු කිරීම නුවණට හුරු ය. පහසු ය. මාර්ගය පැහැදිළිය 🪷🪷🪷

    📝 මෙම දේශනාවෙ එන චතුධාතු භාවනාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට රේරුකානෙ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව පොත පරිශීලනය කරන්න ➜ https://download.ifbcnet.org/2015/02/16/චත්තාළිසාකාර-මහා-විපස්සන/

    ✍🏻 .ᐟ @Yeezus
     
    Last edited:
    • Like
    Reactions: kinkon and NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාලෙන් කාලෙට සාදුල මතුවෙලා අමුතු බන දෙසල අන්තිමේදී බැලුවම ලොකු පන්සල් හදාගෙන නිවන් දැකල සැපට ඉන්නවා
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,953
    1
    6,821
    113
    කාලෙන් කාලෙට සාදුල මතුවෙලා අමුතු බන දෙසල අන්තිමේදී බැලුවම ලොකු පන්සල් හදාගෙන නිවන් දැකල සැපට ඉන්නවා
    ඔව් සමහරක් අය
    මේ හාමුදුරුවො නම් ගිහි කල ශල්‍ය වෛද්‍යවරයෙක්
    අම්මල තාත්තල පොහොසත් ( මම දැනගත්තෙ එයාල මේ හාමුදුරුවොන්ට අක්කර විස්සකද කොහෙද කැලෑබද ඉඩමක්, ආරණ්‍යක් ලෙස පූජා කරපු නිසා

    කොහොමහරි ඉතින් අන්තිමේදී ශාසනයට ඇවිත්
     
    • Like
    Reactions: NRTG

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    936
    715
    93
    බුදුන් දේශනා කරපු ආනපානසතිය කියල බොරු දාන්න එපා මචන්... ඒකෙන් හැමෝටම අයහපතක් වෙන්නෙ වගේම ලොකු ඔයත් ලොකු පවක් කරගන්නව... ඔය කියන ඒවා අඩු ගානේ තිපිටකය එක්ක වත් සසඳලා බලන්න... පහල තියෙන්නේ ආනපානසතිය හරියට වඩන්නේ කොහොමද කියල ත්‍රිපිටකයෙන් ගත්ත විග්‍රහයක්, මේකෙත් අඩුපාඩු ඇති, නමුත් තිපිටකය ඇසුරෙන් කාටත් තේරෙන්න කරල තියෙනව.

    කාටවත් දොස් කියනව නෙමෙයි හිතල බලන්න දෙයක්...

    හ්ම්ම් ... කෞද හරි වැරදි කියන එක වාද කරගෙන වැඩක් නෑ ... මාත් අහන දකින දේවල් බෙදාගන්නව විතරයි ... හොඳම දේ තමා තමා විසින්ම නුවණින් විමසා බැලීම ... මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් සහ අත්දැකීම් සහිත කම්මට්ඨනාචාර්‍ය උපදෙස් ගැනීම ... 👍
     
    • Like
    Reactions: NRTG and nuwan9999

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔබේ ඉල්ලීමට අනුව, "ගැඹුරු භාවනාවකින් පසු නාසයේ තුඩේදී සුදු ආලෝකයක් දැකීමට හේතු විය හැකි දේ" ගැන සිංහලෙන් පැහැදිලි කිරීමක් ලබා දෙමි. ඔබ සඳහන් කළ ලිපියේ යමෙකු භාවනාවෙන් පසු මෙවැනි අත්දැකීමක් ගැන කතා කර ඇති බව උපකල්පනය කරමි.
    1. භාවනාව හා සම්බන්ධ හේතු
    • දෘශ්‍ය සංඥා (Phosphenes):
      • කෙසේ සිදුවේද?: ගැඹුරු භාවනාවේදී, නාසයේ තුඩ වැනි එක් ලක්ෂ්‍යයකට එකඟව බලා සිටීමෙන් දෘශ්‍ය මධ්‍යස්ථානය (visual cortex) හෝ දෘෂ්ටි ස්නායුව (optic nerve) උත්තේජනය විය හැක. මෙයින් ආලෝක ලප හෝ ලක්ෂ්‍ය දිස්විය හැක, එය "පොස්ෆීන්" ලෙස හඳුන්වනවා.
      • නාසයේ තුඩේ ඇයි?: භාවනාවේදී (උදා: ආනාපානසති, විපස්සනා) නාසයේ තුඩ බලා සිටින විට, එම ලක්ෂ්‍යයට යොමු වූ අවධානය නිසා මෙවැනි ආලෝකයක් දිස්විය හැක.
      • පසුබිම: මෙය බොහෝ විට ශමථ භාවනාවේදී, මනස ඉතා එකඟ වූ විට සිදුවන සුලභ අත්දැකීමක්.
    • මොළයේ රසායනික වෙනස්කම්:
      • කෙසේ සිදුවේද?: ගැඹුරු භාවනාව මඟින් සෙරොටොනින්, ඩෝපමින් වැනි ස්නායු සම්ප්‍රේෂක (neurotransmitters) හෝ DMT වැනි රසායනික ද්‍රව්‍යවල තාවකාලික වෙනස්කම් ඇති විය හැක. මෙය දෘශ්‍ය ආලෝකයක් ලෙස දිස්විය හැක.
      • සාක්ෂි: භාවනාව මඟින් සෙරොටොනින් මට්ටම ඉහළ යන බව සමහර අධ්‍යයනවලින් පෙනී යනවා. එය දෘශ්‍ය සංජානනයට බලපෑම් කරන්න පුළුවන්.
      • ආත්මික අර්ථකථනය: බුදුදහමේ හෝ යෝග භාවනාවේදී, මෙවැනි ආලෝක දැකීම "නිමිත්ත" (බුදුදහමේ) හෝ චක්‍ර උත්තේජනය (යෝග) ලෙස සලකනවා. මෙය විද්‍යාත්මකව තහවුරු වී නැහැ.
    • නින්දට යන අවස්ථාවේ රූප (Hypnagogic Imagery):
      • කෙසේ සිදුවේද?: ගැඹුරු භාවනාවේදී, නින්දට යන අවස්ථාවකට සමාන තත්වයක් ඇති වෙනවා. එවිට සුදු ආලෝකය වැනි දෘශ්‍ය රූප දිස්විය හැක.
    2. ස්නායු හා භෞතික හේතු
    • දෘශ්‍ය මධ්‍යස්ථානයේ අධි උත්තේජනය:
      • කෙසේ සිදුවේද?: මොළයේ දෘශ්‍ය ප්‍රදේශයේ (visual cortex) අධික ක්‍රියාකාරිත්වයක් ඇති විට, ආලෝකයක් දිස්විය හැක. මෙය භාවනාවේදී එකඟතාව නිසා සිදුවන්න පුළුවන්.
      • උදාහරණය: මයිග්‍රේන් රෝගයේදී (migraine with aura) දකින ආලෝකයට සමානයි, නමුත් එතරම් බරපතල නොවේ.
    • ඇසේ තදබලය හෝ රුධිර ප්‍රවාහය:
      • කෙසේ සිදුවේද?: භාවනාවේදී එක ඉරියව්වකින් සිටීමෙන් ඇසේ රුධිර ප්‍රවාහය හෝ තදබලය වෙනස් වී, දෘෂ්ටි පටලය (retina) උත්තේජනය විය හැක. මෙය සුදු ආලෝකයක් ලෙස දිස්වෙන්න පුළුවන්.
      • උදාහරණය: ඇස් අතගෑමෙන් "තරු" දිස්වනවා වගේ.
    • මොළයේ රුධිර ප්‍රවාහ වෙනස්කම්:
      • කෙසේ සිදුවේද?: භාවනාවෙන් මොළයේ රුධිර ප්‍රවාහය, විශේෂයෙන් දෘශ්‍ය ප්‍රදේශවල, වෙනස් වෙනවා. මෙය ආලෝක දැකීමට හේතුවක් විය හැක.
      • සාක්ෂි: fMRI අධ්‍යයනවලින් භාවනාවේදී රුධිර ප්‍රවාහය වෙනස් වන බව පෙනෙනවා.
    3. මානසික හා සංජානන හේතු
    • අපේක්ෂාවන් (Expectation Bias):
      • කෙසේ සිදුවේද?: භාවනාවේදී ආලෝකය දැකීම ආත්මික ප්‍රගතියේ ලකුණක් ලෙස සලකනවා නම් (බුදුදහමේ හෝ යෝගයේ), එවැනි දෙයක් දැකීමට මනස පෙළඹෙනවා.
      • උදාහරණය: ඔබ කියවූ ලිපියේ එවැනි අපේක්ෂාවක් තිබෙන්න ඇති.
    • ඉහළ සංවේදනාව:
      • කෙසේ සිදුවේද?: භාවනාවෙන් සංවේදනාවන් ඉතා තියුණු වෙනවා. එවිට සාමාන්‍ය දෘශ්‍ය "ශබ්ද" (visual noise) පවා ආලෝකයක් ලෙස දිස්වෙන්න පුළුවන්.
    4. වෙනත් හේතු
    • ඇස්වල ආයාසය:
      • කෙසේ සිදුවේද?: නාසයේ තුඩ බලා ගෙන දිගු වේලාවක් සිටීමෙන් ඇස් වියළී හෝ ආයාසයට පත්වී, ආලෝක ලප දිස්විය හැක.
      • විසඳුම: භාවනාවේදී ඇස් තෙතමනය තබා ගන්න.
    • වෛද්‍ය තත්වයන්:
      • දෘෂ්ටි පටල ගැටලු: දෘෂ්ටි පටලය ඉවත්වීම (retinal detachment) වැනි තත්වයන් ආලෝක ලප ඇති කරනවා, නමුත් ඒවා භාවනාවට සීමා නොවේ.
      • මයිග්‍රේන්: හිසරදයක් නොමැතිවත්, මයිග්‍රේන් ආලෝකයක් (aura) ඇති කරන්න පුළුවන්.
      • ස්නායු ගැටලු: මොළයේ ගැටලු (උදා: occipital lobe seizures) ද ආලෝකයක් දැකීමට හේතු විය හැක, නමුත් එවිට වෙනත් රෝග ලක්ෂණ තිබෙනවා.

    ක්‍රියාත්මක උපදෙස්
    • තත්වය ඇගයීම:
      • මෙය එක් වරක් සිදුවුණාද, නැත්නම් නිතරද? නිතර නම්, වෛද්‍යවරයෙකු හමුවන්න.
      • හිසරදය, විමතිය වැනි වෙනත් රෝග ලක්ෂණ තිබෙනවාද? එසේ නම්, එය මයිග්‍රේන් හෝ වෙනත් තත්වයක් විය හැක.
    • භාවනා පුහුණුව:
      • නිවැරදි ඉරියව්වකින් භාවනා කරන්න, ඇස් ආයාසයට පත් නොවන ලෙස.
      • භාවනා ගුරුවරයෙකුගෙන් මෙවැනි අත්දැකීම් ගැන සාකච්ඡා කරන්න.
    • වෛද්‍ය පරීක්ෂාව:
      • භාවනාවෙන් බැහැරවත් ආලෝකය දිස්වේ නම්, ඇස් විශේෂඥයෙකු (ophthalmologist) හෝ ස්නායු වෛද්‍යවරයෙකු හමුවන්න.
      • භාවිතා කරන ඖෂධ ගැන සඳහන් කරන්න, ඒවා දෘශ්‍ය සංජානනයට බලපෑම් කරන්න පුළුවන්.

    සුදු ආලෝකයක් නාසයේ අග ආනාපාන නිමිත්ත ලෙස පහල වීම
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,143
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බුදුන් දේශනා කරපු ආනපානසතිය කියල බොරු දාන්න එපා මචන්... ඒකෙන් හැමෝටම අයහපතක් වෙන්නෙ වගේම ලොකු ඔයත් ලොකු පවක් කරගන්නව... ඔය කියන ඒවා අඩු ගානේ තිපිටකය එක්ක වත් සසඳලා බලන්න... පහල තියෙන්නේ ආනපානසතිය හරියට වඩන්නේ කොහොමද කියල ත්‍රිපිටකයෙන් ගත්ත විග්‍රහයක්, මේකෙත් අඩුපාඩු ඇති, නමුත් තිපිටකය ඇසුරෙන් කාටත් තේරෙන්න කරල තියෙනව.

    කාටවත් දොස් කියනව නෙමෙයි හිතල බලන්න දෙයක්...

    මේ හාමුදුරුවො මීවනපලානෙගෙ ක්‍රමේට කියන්නෙ
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    936
    715
    93
    මේ හාමුදුරුවො මීවනපලානෙගෙ ක්‍රමේට කියන්නෙ
    ඒ කියන්නෙ මේ හාමුදුරුවො ඉර නැගෙනහිරින් පායනව කිව්වොත් එකත් වැරදිද? මේක තමයි මචං අපේ දැන් කාලේ සමහර මිනිස්සුන්ගෙ ජරා ගතිය... පරණ judgement එකක් නිසා මනුස්සයෙක් ජීවිත කාලයටම වැරදියි කියල හංවඩු ගහනව... පුළුවන් නම් මේ mind set එකෙන් එලියට ඇවිල්ල කෙනෙක් කියන්නෙ මොකක්ද කියල බුද්ධියෙන් විමසන්න පුරුදු වෙන්න.

    බෞද්ධ දර්ශනය හරියට දන්න කෙනෙක් මේ ගොං කම කරන්නෙ නෑ... මොකද ඒ කෙනා අනිත්‍ය දන්න නිසා දන්නව මේ මොහොතෙ හේතු නිසා ඵල සකස් වෙනව මිසක් මීවනපලානෙගෙ ක්‍රමේට බන කියන නිත්‍යවූ හාමුදුරු කෙනෙක් මුල ඉඳන්ම හිටියෙ නැහැ කියල... හිතන්න යමක්.... :-)
     
    • Like
    Reactions: Yeezus

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,143
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ කියන්නෙ මේ හාමුදුරුවො ඉර නැගෙනහිරින් පායනව කිව්වොත් එකත් වැරදිද? මේක තමයි මචං අපේ දැන් කාලේ සමහර මිනිස්සුන්ගෙ ජරා ගතිය... පරණ judgement එකක් නිසා මනුස්සයෙක් ජීවිත කාලයටම වැරදියි කියල හංවඩු ගහනව... පුළුවන් නම් මේ mind set එකෙන් එලියට ඇවිල්ල කෙනෙක් කියන්නෙ මොකක්ද කියල බුද්ධියෙන් විමසන්න පුරුදු වෙන්න.

    බෞද්ධ දර්ශනය හරියට දන්න කෙනෙක් මේ ගොං කම කරන්නෙ නෑ... මොකද ඒ කෙනා අනිත්‍ය දන්න නිසා දන්නව මේ මොහොතෙ හේතු නිසා ඵල සකස් වෙනව මිසක් මීවනපලානෙගෙ ක්‍රමේට බන කියන නිත්‍යවූ හාමුදුරු කෙනෙක් මුල ඉඳන්ම හිටියෙ නැහැ කියල... හිතන්න යමක්.... :-)
    බුදු හාමුදුරුවො කිව්වෙ අවබෝධය ලැබෙන්නෙ සංසාරය හදන බාහිර ආයතන වලින් එන අරමුණු වලට මෙත් වඩල අසුබය වඩල අනිත්‍යය දුක්ක අනාත්ම කියල හිතෙන් කියල නෙවෙයි..බාවනාවෙන් තමා තුලින් ඇතුලාන්තයෙන් කියලයි..ඔය හාමුදුරුවො ගැන කතා කරන්ඩ ගියොත් බුදුන් ඉපදුනේ ලංකාවෙ කියල කතාත් ඇදිල නිකන් තරක කරන්ඩ වෙනවා..ස්තූතියි!.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    936
    715
    93
    බුදු හාමුදුරුවො කිව්වෙ අවබෝධය ලැබෙන්නෙ සංසාරය හදන බාහිර ආයතන වලින් එන අරමුණු වලට මෙත් වඩල අසුබය වඩල අනිත්‍යය දුක්ක අනාත්ම කියල හිතෙන් කියල නෙවෙයි..බාවනාවෙන් තමා තුලින් ඇතුලාන්තයෙන් කියලයි..ඔය හාමුදුරුවො ගැන කතා කරන්ඩ ගියොත් බුදුන් ඉපදුනේ ලංකාවෙ කියල කතාත් ඇදිල නිකන් තරක කරන්ඩ වෙනවා..ස්තූතියි!.
    ඉතින් හොඳයි මචං,මේ ඔයාගෙ අදහස, මම ඇත්තටම කරන්න ඕනි මෙතන ඔයාගෙ ජාතකය, කලින් කියපු කරපු දේවල් පැත්තකින් තියල මේකෙන් ගන්න වැදගත් දෙයක් තියෙනවද කියල බලන එක, තියෙනව නම් ගත්ත නැත්නම් බැහැර කලා... එච්චරයි. අපිට අවශ්‍ය නැහැ මේ හාමුදුරුවො මෙතන නොකියපු දේවල් ගැන තර්ක කරන්න... ඇත්තටම මිනිස්සුන්ගෙ ego එක නිසා තර්කයෙන් මත වාද වෙනස් කරන්න ලේසියෙන් බැහැ... ඔන්න ඕකයි මගෙ point එක.