රී ලංකා කා කණ්ඩායමේ පිතිකරුවන් ලකුණු රැස් කිරීම මත ඔස්ට්‍රේලියාවට වඩා පියවරක් ඉදිරියෙන් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායක කුසල් මෙන්ඩිස් සඳහන් කරයි.
අද පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගය සම්බන්ධයෙන් ඉන්දියාවේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
අද තරගයට ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට මුහුණ දෙන්නේ යම් චකිතයකින් යුතුව බවත් එය ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් බවත් මෙන්ඩිස් කියාසිටී.
මේ වන තෙක් ශ්‍රී ලංකා පිතිකරුවන් ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට වඩා දස්කම් පෙන්වා ඇති බවත් පන්දු යවන්නන් හොඳින් යුත් තම යුතුකම ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම කියා සිටියේය.
දසුන් ශානකගේ නායකත්වය කණ්ඩායමට අහිමි වීම විශාල පාඩුවක් බව ද පැවසූ ඔහු වනිදු හසරංග ගේ සේවය ද අහිමි වී යාම අවාසිදායක බවද සඳහන් කළේය.
කෙසේ වුවත් ඒවා කළමනාකරණය කරගෙන ඉදිරි තරග වලට මුහුණ දීමට බලාපොරොත්තු වන බවද ඔහු තව දුරටත් පැවසීය.