අපි ඔක්කොම එකම අර්බුදයක වින්දිතයෝ..

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    අද ශෙඩ් එකේදි බයික් එකක ආපු පොඩි කොල්ලෙක් පර්ස් එකේ හැම අහුමුල්ලක්ම ඇද ඇද සල්ලි හොයනවා.. "මීට⁣රේ දිහා බලන් ඉන්න එපැයි අපිට වඳ නොදී" පොම්ප කරු ගෝරනාඩු කරනවා.. පස්සේ බලද්දි එයා ෆුල් ටෑන්ක් කරන්න කියලා. ඒත් ගහගත්ත තෙල් ප්‍රමාණයට ගෙවන්න රුපියල් තුන්සීයක් මදිවෙලා. සමහරවිට ඊයේ රෑ තෙල් මිළ වැඩිවුණා කියන එක නොදැන ඉන්න ඇති.. අතේ තියෙන ගාන ෆුල් ටෑන්ක් කරන්න ඇතිවෙයි කියලා එයා හිතන්න ඇති.
    කවුරු හරි ඒ තුන්සීය දෙන්න ඉදිරිපත් වුනත් තරුණයා ඒක ප්‍රතික්ශේප කරනවා..මොකද මේ හිඟන්නෝ නෙවෙයි.. දැනට මාස කිහිපයකට කලින් හොඳට කාලා ඇඳලා හිටපු කොල්ලෝ.. ATM කාඩ් එකක් ඇඳලා ගන්න පොඩි එකා ඒක පොම්ප ක්‍රියාකරුට දීලා " මේකෙන් ගන්න පුලුවන්ද බලන්න." කියලා කියනවා.. ඒ කියන්නේ එකෙත් රුපියල් තුන්සීයක් තියෙද කියන එක සැකයක්.
    මට රඹුක්කන පොලිස් වෙඩි තැබීමකින් තරුණයෙක් මිය ගියා කියද්දිම අර ශෙඩ් එකේ හිටපු තරුණයව මතක් වෙනවා.. ඒ මැරෙන්න ඇත්තෙත් පර්ස් එකේ අන්තිම සතේට හූරලා තෙල් ගහපු කොල්ලෙක් කියලා මට දැනෙනවා.. තමුන්ගේ හීන එකින් එක ඇස් පනාපිට මිය යද්දි දරාගෙන ඉන්න බැරිව පාරට බැහැපු කොල්ලෙක් කියන්න මම දන්නවා..
    හෙට වෙද්දි මීනිමරු පාලකයින්ගේ පාර්ශවයෙන් එක එක කතා ඇහෙන්න ගනියි.. හරියට අර මිරිහානෙදි අන්තවාදීන් බස් ගිණි තිබ්බා වගේ ප්‍රවෘත්ති අපිට ඇහෙයි. කොහොමත් අපි හරි ක්ෂුද්‍ර ජීවිත.. මහ උන්ට ඕනේ වෙන වෙලාවක, තිර පිටපතක චරිත වෙලා මිය යන්න නියමිත ක්ෂුද්‍ර ජීවිත. ඒවා අපිට නුහුරු නුපුරුදු දේවල් නෙවෙයි.. මොකද අපි ඉන්නේ වතුර ඉල්ලපුවම වෙඩි උණ්ඩ දීපු රටක.
    මේ වෙලාවේ අපි ප්‍රචණ්ඩකාරී වුනොත් උන් අපිට වෙඩි තියන්න කියලා අණ දෙයි. උන් බලාපොරොත්තු වෙන්නෙත් ඒක.. ඒ හින්දා මේ වෙලාවේ අපි පුරවැසියන් විදියට බොහොම කල්පණාවෙන් වැඩ කරමු.. හැබැයි මම හිතනව එක තැනක් එයාලට මේ වෙලාවේ මඟ ඇරිලා කියලා. මේක කලින් සිද්ධි වගේ හුදකලා තනි සිද්ධියක් නෙවෙයි කියන එක එයාලට මග ඇරිලා.. තෙල් වැඩි වෙන්නේ රතුපස්වල මිනිස්සුන්ට විතරක් නෙවෙයි.. බෙහෙත් නැතිවෙන්නේ රඹුක්කනට විතරක් නෙවෙයි. හෙට වෙද්දි මරණය පෙනි පෙනි ජීවත් වෙන්න වෙන්නේ හලාවත උන්ට විතරක් නෙවෙයි. ඒ එන ප්‍රශ්න වලට පන්තියක් නෑ.. තරාතිරමක් නෑ.. අපි ඔක්කොම එකම අර්බුදයක වින්දිතයෝ.. පාලකයෝ විසින් ඇති කරපු අර්බුදයක වින්දිතයෝ..
    හෙට අනිද්දා වෙද්දි ආරක්ෂක අංශ වල සාමාජිකයන්ගේ අම්මලා කෝල් කරලා පුතේ ඉස්පිරිතාලේ බෙහෙත් ටික නෑ කියද්දි වෙඩි තියන්නේ කාටද? ඒ අම්මලටද? ආරක්ෂක අංශ වල අයට බිරිඳ, දරුවෝ කතා කරලා කන්න බොන්න නෑ, දරුවන්ගේ අසනීප වලට බෙහෙත් නෑ කියල දුක කියද්දි පන්න පන්න ගහන්නේ කාටද? ඒ දරුවන්ටද? සහොදර සහෝදරියෝ කතා කරලා " බෙහෙත් නැතිව අම්මා පණ අඳිනවා" කියද්දි ඒ මිනිස්සු බේරා ගන්නේ කොහොමද? ඔක්සිජන් වෙනුවට කඳුලු ගෑස් ගහලද?
    මට මේ මොහොතෙත් කන්න බොන්න නිදා ගන්න කිසි දෙයක් කරන්න බෑ.. මානසිකව වැටෙන්න පුළුවන් අන්තිම පතුලට මම වැටිලා. රඹුක්කන සිද්ධියට සම්බන්ධ දකින එක වීඩියෝ එකක් වත් මම ඕපන් කරන් නෑ. මොකද ඒවයේ මිනිස්සුන්ගේ විලාප රැඳිලා තියෙනවා කියලා මම දන්නවා..
    මම තාම වෙඩි වැදිලා මිය ගිය තරුණයගේ මූණ දැක්කේ නෑ. ඒත් මට හැමවෙලාවෙම අර පෙට්‍රල් ශෙඩ් එකේ හිටපු තරුණයගේ මූණ මතක් වෙනවා. ඒ වෙලාවට මම කාලයක් වීරයෝ වගේ ඉඳලා, පස්සේ කාලෙක බල්ලෝ බලල්ලු වගේ බංකර් ගානේ, කාණු පල්ලේ වැටිලා පණ ඇදපු නායකයොත් මේ ලෝකේ හිටියා කියලා මතක් කරගන්නවා....
     

    Attachments

    • 278460009_1857562611104196_8031272701111463007_n.jpg
      278460009_1857562611104196_8031272701111463007_n.jpg
      50.7 KB · Views: 62

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    hamotamata amaru naha lu ban
    dawata 55000 LKR wiyadam karanne owa boru katha lu ban


     
    • Like
    Reactions: caltonhp