අපි ඔක්කොම එලි කරනවා- බෑන් කී මූන්

rope

Banned
Mar 11, 2011
507
74
0
අපි ඔක්කොම එලි කරනවා- බෑන් කී මූන්

සම්පූර්ණ වාර්තාව ප්‍රසිද්ධ කරනවා - එ.ජා. සංවිධානය අවධාරණය කරයි


2011 අප්‍රේල් 22 වෙනි සිකුරාදා, 13:12
0 Comments



sin-images-photos-Organizations-International-un_logo-216x162.jpg
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කී මූන් මහතා පත්කළ උපදේශන කමිටුවේ
සම්පුර්ණ වාර්තාව සංශෝධන රහිතව ප්‍රසිද්ධ කිරිමට බලාපොරොත්තුවන බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ වැඩබලන නියෝජ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් මහතා පැවසීය.
ඔහු ඒ බව ප්‍රකාශ කළේ ඊයේ නිව්යෝර්ක් නුවරදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සම්පූර්ණ වාර්තාව මේවන තෙක් ප්‍රසිද්ධියට පත් නොකරන්නේ කුමන හේතුවක් මතදැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ෆර්හාන් හක් මහතා පැවසුවේ එක්සත් ජාතින්ගේ සංවිධානය දැනට ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත කණ්ඩායම මාර්ගයෙන් මේ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය සමග සාකච්ඡා කරගෙන යන බවයි. අදාළ වාර්තාවට ප්‍රතිචාර දැක්වීම සදහා ශ්‍රි ලංකා රජය අවස්ථාවක් කර ගනීද යන්න පිළිබදව සොයා බැලීම එහි අරමුණ බව ඔහු සදහන් කළේය. ඔහු වැඩිදුරටත් අනාවරණ කළේ අදාළ වාර්තාව කඩිනමින් නිකුත් කිරිම එක්සත් ජාතින්ගේ සංවිධානයේ තීරණයක් බවය. ශ්‍රි ලංකා රජයේ ප්‍රතිචාරයත් සමගම එම වාර්තාව නිකුත් කිරිමට අපේක්ෂා කරන බවද එක්සත් ජාතින්ගේ මහලේකම්වරයාගේ වැඩබලන නියෝජ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය. එයින් අනතුරුව ඊට සම්බන්ධ සෙසු සාමාජික රටවලට‍ ඔවුන්ගේ ප්‍රතිචාර දැක්වීම සදහා ඉඩකඩ ලැබෙනු ඇති බවද ෆර්හාන් හක් මහතා සදහන් කළේය.


මෙම වාර්තාව ලිවීමට පදනම්වූයේ කුමන හේතුවක්දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ෆර්හාන් හක් මහතා ප්‍රකාශ කළේ එය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර 2009 ඇතිවූ එකඟතාවය මත සිදුවූ දෙයක් බවයි.

අදාළ උපදේශන කමිටුව සිය බලතල ඉක්මවා කටයුතු කර ඇද්ද යන්න පිළිබදව නගන ලද ප්‍රශ්නයකදී ප්‍රකාශකවරයා සදහන් කළේ එය අදාළ වාර්තාව මගින්ම හෙලිවන බවය. අදාළ කමිටුව හෘද සාක්ෂියට එකඟව සිය කාර්යය ඉටු කර ඇති බව එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා විශ්වාස කරන බවද ෆර්හාන් හක් මහතා පැවසීය.

කෙසේ වෙතත් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විදේශ අමාත්‍යවරයා අදාළ වර්තාව ප්‍රසිද්ධ නොකරන ලෙස ජගත් සංවිධානයෙන් ඉල්ලා සිටියේය.





 

rope

Banned
Mar 11, 2011
507
74
0
බෑන් කී මූන් ලොක්කට ආපහු කෙලවන්න යන්නේ. මල කෙලියයි.මේ රිපෝර්ට් එකේ ලොක්කට දේශපාලනමය වශයෙන් අහිතකර කරුණු ගොඩක් තියෙනවලු.ලොක්කට විශාල ජාත්‍යන්තර අපකීර්තියක් වෙන ඒවත් තියෙනවලු.ලොක්කා නම් හොඳටම බය වෙලා ඉන්නේ.ලොක්කව වහාම එහෙට ගෙනියන්න ඕන කියලා නිර්දේශ කරලාලු තියෙන්නේ.අපි මොනව හරි කරලා ලොක්කව බේරාගමු.
:shocked::shocked::shocked:
 

rope

Banned
Mar 11, 2011
507
74
0
අඩේ මුන් සම්භාධක දැම්මොත් අපිට ජාත්‍යන්තර ක්‍රීඩා තහනමකුත් වැටෙනවා.එතකොට අපේ ක්‍රිකට් ටීම් එකට ජත්‍යන්තර මැච් ගහන්න බැරි වෙයි. අපිට ක්‍රිකට් බලන්න වෙන එකකුත් නෑ.කන්නත් නැති වෙයිද මන්ද?
:(:(:(:frown:
 

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
බෑන් කී මූන් ලොක්කට ආපහු කෙලවන්න යන්නේ. මල කෙලියයි.මේ රිපෝර්ට් එකේ ලොක්කට දේශපාලනමය වශයෙන් අහිතකර කරුණු ගොඩක් තියෙනවලු.ලොක්කට විශාල ජාත්‍යන්තර අපකීර්තියක් වෙන ඒවත් තියෙනවලු.ලොක්කා නම් හොඳටම බය වෙලා ඉන්නේ.ලොක්කව වහාම එහෙට ගෙනියන්න ඕන කියලා නිර්දේශ කරලාලු තියෙන්නේ.අපි මොනව හරි කරලා ලොක්කව බේරාගමු.
:shocked::shocked::shocked:


ලොකු ලොක්කන්ගෙ එව ලොකු ලොක්කො බෙරගනීවි.. අපි මොකට නිකන් බැට්‍රි පුච්චනවද... ඔහොම වෙනව බාගෙන කන්න තියෙන වල ඉහගෙන කන්න ගියාම.
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එ.ජා. සංවිධානය කියන්නෙ පිස්සු මූන් ගෙ මහ ගෙදර නෙවෙයි.
    උගෙ නිල කාලය ඉවර වෙන්න ලඟ නිසා ආයෙම ප්ලග් වෙන්න තමයි එයාගෙ ගෝලයො ටිකක් සෙට් කරගෙන දෙමල ඩයස්පෝරා සල්ලිවලින් මේක ඇදගෙන යන්නෙ.
    දැනටම රුසියාව චීනය මේකට විරුද්ධයි.එයාලට නිශේධ බලය තියෙන නිසා ආරක්ෂක මන්ඩලේට දාලා මේ ඒකපාර්ශික බොරුව ගෙනියන්න බැහැ.
    අවුරුදු 30ක් තිස්සෙ කොටි කරපු දේවල් වහලා අපේ හමුදාවට විතරක් චෝදනා කරන බෑන් කි "පිස්සු"මූන්ට නේටෝ එක අරාබි රටවල් වල,ඇෆ්ගන්,පාකිස්ථාන් වල කරන මිනීමැරුම් ගැන වචනයක් කියවෙන්නෙ නැත්තෙ ඇයි???
    යූ.එන් කියන්නෙ ලංකාවෙ පාර්ලිමේන්තුවටත් වඩා ජරා තැනක් වෙලා....