අපි ඔක්කොම එලි කරනවා- බෑන් කී මූන්
සම්පූර්ණ වාර්තාව ප්‍රසිද්ධ කරනවා - එ.ජා. සංවිධානය අවධාරණය කරයි
2011 අප්‍රේල් 22 වෙනි සිකුරාදා, 13:12
0 Comments
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කී මූන් මහතා පත්කළ උපදේශන කමිටුවේ සම්පුර්ණ වාර්තාව සංශෝධන රහිතව ප්‍රසිද්ධ කිරිමට බලාපොරොත්තුවන බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ වැඩබලන නියෝජ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් මහතා පැවසීය.
ඔහු ඒ බව ප්‍රකාශ කළේ ඊයේ නිව්යෝර්ක් නුවරදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
සම්පූර්ණ වාර්තාව මේවන තෙක් ප්‍රසිද්ධියට පත් නොකරන්නේ කුමන හේතුවක් මතදැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ෆර්හාන් හක් මහතා පැවසුවේ එක්සත් ජාතින්ගේ සංවිධානය දැනට ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත කණ්ඩායම මාර්ගයෙන් මේ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය සමග සාකච්ඡා කරගෙන යන බවයි. අදාළ වාර්තාවට ප්‍රතිචාර දැක්වීම සදහා ශ්‍රි ලංකා රජය අවස්ථාවක් කර ගනීද යන්න පිළිබදව සොයා බැලීම එහි අරමුණ බව ඔහු සදහන් කළේය. ඔහු වැඩිදුරටත් අනාවරණ කළේ අදාළ වාර්තාව කඩිනමින් නිකුත් කිරිම එක්සත් ජාතින්ගේ සංවිධානයේ තීරණයක් බවය. ශ්‍රි ලංකා රජයේ ප්‍රතිචාරයත් සමගම එම වාර්තාව නිකුත් කිරිමට අපේක්ෂා කරන බවද එක්සත් ජාතින්ගේ මහලේකම්වරයාගේ වැඩබලන නියෝජ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය. එයින් අනතුරුව ඊට සම්බන්ධ සෙසු සාමාජික රටවලට ඔවුන්ගේ ප්‍රතිචාර දැක්වීම සදහා ඉඩකඩ ලැබෙනු ඇති බවද ෆර්හාන් හක් මහතා සදහන් කළේය.
මෙම වාර්තාව ලිවීමට පදනම්වූයේ කුමන හේතුවක්දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ෆර්හාන් හක් මහතා ප්‍රකාශ කළේ එය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර 2009 ඇතිවූ එකඟතාවය මත සිදුවූ දෙයක් බවයි.
අදාළ උපදේශන කමිටුව සිය බලතල ඉක්මවා කටයුතු කර ඇද්ද යන්න පිළිබදව නගන ලද ප්‍රශ්නයකදී ප්‍රකාශකවරයා සදහන් කළේ එය අදාළ වාර්තාව මගින්ම හෙලිවන බවය. අදාළ කමිටුව හෘද සාක්ෂියට එකඟව සිය කාර්යය ඉටු කර ඇති බව එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා විශ්වාස කරන බවද ෆර්හාන් හක් මහතා පැවසීය.
කෙසේ වෙතත් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විදේශ අමාත්‍යවරයා අදාළ වර්තාව ප්‍රසිද්ධ නොකරන ලෙස ජගත් සංවිධානයෙන් ඉල්ලා සිටියේය.