අපි කතා කරන්නේ සින්හල ද පෘතුගීසි ද ??

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    Ehen vitharaya. Hindi, Paali vachanath kochchara thiyanavada. Num pava ehemaine, (e.g. da Silva, de Silva, Fernando, Patrick, Koelmeyer...) :-)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පෘතුගීසි අවුරුදු සීයක් ඉඳල අපිට කරපු හදියක තරම :baffled: අවුරුදු දාහක් විතර හිටියනං මොනවා වෙයිද දන්නේ නෑ
     

    AnuradhaRa

    Well-known member
  • පෘතුගීසි අවුරුදු සීයක් ඉඳල අපිට කරපු හදියක තරම :baffled: අවුරුදු දාහක් විතර හිටියනං මොනවා වෙයිද දන්නේ නෑ
    එහෙම වුණානං අද ඔයයි මායි එක පැලක...
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,668
    10,258
    113
    පරනම සින්හල කොහෙවත් නැද්ද එතකොට
    ඒ භාශාව පාවිච්චි කලා "හෙල හවුල" සාමාජිකයො ඒකෙ අවසන් සාමාජිකය තමා අරිසෙන් අහුබුදු , එයාල ටිකට් එකට කියන්නෙ ටිකිත්ත කියල ෆෝන් එකට කියන්නෙ තෙලබනුව කියල
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සමහරු කියනවනේ ඉංග්‍රීසි වචන දාල කතා කරන්න එපා සිංහල වචන පාවිච්චි කරපන් කියලා. බලන් ගියාම "සිංහල " කියල හිතන වචනේ පෘතුගීසි එකක් නැත්තන් දෙමල එකක් නේ යකෝ.

    ලංකාවේ වැඩියෙන්ම තියෙන වාසගම් වල උඩින්ම තියෙන 3 පෘතුගීසි.

    1) පෙරේරා
    2) ප්‍රනාන්දු
    3) ද සිල්වා/සිල්වා

    හතර වෙනියට තමයි "බණ්ඩාර " කියන එක තියෙනේ.
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අපි මිරිස් කන්නෙත් පෘතුගීසි හින්දා කියලා දන්නවාද? ඔවු බොරු නෙමෙයි. 1500 ගණන් වලට කලින් මිරිස් (chillies ) තිබ්බේ නැහැ. ලංකාවේ තිබ්බේ ගම්මිරිස් විතරයි (black pepper ). ලංකාවේ විටරක් නෙමෙයි ආසියාවේ යුරෝපේ අප්‍රිකාවේ කොහෙවත් මිරිස් තිබ්බේ නැහැ. මිරිස් තිබ්බේ ඇමරිකානු මහද්විපේ (විශේෂයෙන් මෙක්සිකෝවේ). ඉතින් ස්පාඥ්ඥ පෘතුගීසි කාරයෝ 1500 ගණන් වල ලතින් ඇමරිකානු රටවල් ආක්‍රමණය කරාට පස්සේ තමයි එහෙ ඉඳන් මිරිස් ආවේ අපේ රටවලට පෘතුගීසි කාරයෝ හරහා. අද නිකන් හිතන්නවත් පුලුවන්ද අපිට මිරිස් නැතුව ගම්මිරිස් වලින් විතරක් කන්න? කිරිබතට කෝ ලුණු මිරිස්?
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මම අහල තියනවා අරලිය ගසුත් මේ පෘතුගීසි කාලවල ලංකාවට ගෙනාපුවා කියලා . ඇත්තද දන්නේ නෑ
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,668
    10,258
    113
    මම අහල තියනවා අරලිය ගසුත් මේ පෘතුගීසි කාලවල ලංකාවට ගෙනාපුවා කියලා . ඇත්තද දන්නේ නෑ
    පොඩ්ඩක් මෙක්සිකන් ටීවී සීරීස් එකක් බලන්න කොච්ච්කර සමාන ගස් තියෙනවද කියල ! මිනිස්සු උනත් එක විදියමයි !
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මම අහල තියනවා අරලිය ගසුත් මේ පෘතුගීසි කාලවල ලංකාවට ගෙනාපුවා කියලා . ඇත්තද දන්නේ නෑ

    Plumeria (/pluːˈmɛriə/) is a genus of flowering plants in the family Apocynaceae.[1] Most species are deciduous shrubs or small trees. The species variously are endemic to Mexico, Central America and the Caribbean, and as far south as Brazil and north as Florida, but are grown as cosmopolitan ornamentals in warm regions.

    Umba kiyana eka wenna puluwan.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    තව සීන් එකක් තියෙනවා සමහර දේවල් වලට සිංහලේ වචන තිබ්බේ නෑ ඒ නිසා ගෙඩිය පිටින් ඒ ඒ භාෂා වල වචන එකතු කළා
    කේක් කියල දෙයක් සිංහලු කාල තිබ්බේ නෑ නේ පාන් කාලත් නෑ වයින් දැකලත් නෑ
    ඕවට ඉතිං සිංහලේ වචන නෑ
     
    • Like
    Reactions: Mincha