අපි මිරිස් කන්නෙත් පෘතුගීසි හින්දා කියලා දන්නවාද? ඔවු බොරු නෙමෙයි. 1500 ගණන් වලට කලින් මිරිස් (chillies ) තිබ්බේ නැහැ. ලංකාවේ තිබ්බේ ගම්මිරිස් විතරයි (black pepper ). ලංකාවේ විටරක් නෙමෙයි ආසියාවේ යුරෝපේ අප්රිකාවේ කොහෙවත් මිරිස් තිබ්බේ නැහැ. මිරිස් තිබ්බේ ඇමරිකානු මහද්විපේ (විශේෂයෙන් මෙක්සිකෝවේ). ඉතින් ස්පාඥ්ඥ පෘතුගීසි කාරයෝ 1500 ගණන් වල ලතින් ඇමරිකානු රටවල් ආක්රමණය කරාට පස්සේ තමයි එහෙ ඉඳන් මිරිස් ආවේ අපේ රටවලට පෘතුගීසි කාරයෝ හරහා. අද නිකන් හිතන්නවත් පුලුවන්ද අපිට මිරිස් නැතුව ගම්මිරිස් වලින් විතරක් කන්න? කිරිබතට කෝ ලුණු මිරිස්?