අපි කෝච්චියෙන් සිගිරිය බලන්න යමු.

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    බොහෝම ස්තූතියි...!
    මෙවන් සවිස්තරාත්මක නූලක් පල කලාට ගොඩාක් පිං සහෝදරයා ...

    ගොඩක් වැදගත් ලිපියක් මචං, ඕන කෙනෙක්ට යන්න පුළුවන් විදියට පැහැදිලි කරලා තියෙනවා

    බොහොම ඉස්තුති!
     
    • Like
    Reactions: wdisankalpa

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Elakiri machan. Ethakota apahu ena gamana saha nawathan ganath podi wistharayak denna puluwannam hodai. :)

    මෙහෙමයි මචන් එන්න නම් ලේසිම විදිය බස් එකේ දඹුල්ලට ඇවිල්ල එතන ඉදන් දුර බස් එකක කොලබට එන එක. මොකද කෝච්චියෙම එනවනම් එක්කෝ උදෙන්ම එන්න ඕනේ එහෙම නැත්තන් ගොඩක් රෑ වෙලා තමයි එන්න වෙන්නේ. මොකද හබරණින් කොලබ එන කොච්චිත් තියෙන්නේ දෙකයි , ඒවගේ වෙලාවල් ඇවිල්ල
    උදේ 09.36 සහ රාත්‍රී 09.21 ඉතින් ඒ දෙකම මම හිතන්නේ හොද වේලාවන් නෙවෙයි.

    නවාතැන් නම් මචන් ඕනේ තරම් තියනවා තමන්ට ඕනෙම ගානකට වගේ, පොඩ්ඩක් මේ පහල තියන සයිට් වලින් බැලුවනම් හොයා ගන්න පුළුවන් හොද ප්ලේස් එකක් අඩු ගානකට. නමුත් සයිට් එකෙන් බූක් නොකර මුලින්ම කෝල් එකක් දීලා ගණන් බලන්න මොකද මේවගේ තියන ගානට වඩා අඩුවෙන් සෙට් කර ගන්න පුළුවන්. සයිට් වලින් හොටෙල් වල විස්තර විතරක් හොයාගනින්.


    http://www.booking.com/
    https://www.agoda.com
    http://bookings.lk/
    http://www.tripadvisor.com/
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Uba watayak gahalane ban .oita hodayi ne ita mehayin thiyana station ekakin bahala dura bus ekak allaganna eka

    ඒ කියන්නේ කොහෙන් බහින්න කියලද? මොකද මම දන්නා විදියට හබරණ ඉදන් තමයි කෝච්චියෙන් යනවනම් සිගිරිය කිට්ටුම.
    :nerd::nerd::nerd::nerd:
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    සීගිරියේ - සිංහ පාදයක්ද කුරුලු පාදයක්ද

    67078_p1160830-copy.jpg



    ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් අතර මුදුන් මල්කඩ ලෙස සීගිරියට ලැබෙන්නේ අද්විතීය ස්ථානයකි. අෑත අතීතයේ ආලකමන්දාවක් බඳුව පැවැති සීගිරිය අද දෙස් විදෙස් සංචාරකයන්ගේ වඩාත් සිත්ගත් ස්ථානයක් බවට පත්වී ඇත. විල්, පොකුණු, දියකඩිති, බිතුසිතුවම් මෙන්ම අලංකාර මාලිගයක නටබුන් කියාපාන්නේ එදා සීගිරියේ අනේක විධ සුන්දරත්වයයි. ශ්‍රී විභූතියයි. සීගිරියේ පැවැති අතීත ශ්‍රී විභූතිය ගැන අදත් ගවේෂකයන්, ඉතිහාසඥයන් කලාකාමීන් මෙන්ම ජනතාවද මවිතය පළ කරති. කලාකාමීන්ට සීගිරියේ චමත්කාරය රස ගුලාවකි.


    එනමුදු සීගිරිය හා එහි යටගියාව පිළිබඳව දේශීය මෙන්ම විදේශීය උගතුන්ගේ අවධානය යොමු වී තිබෙන්නේ පර්යේෂකයන්ට සතුටුවීමට හැකි අන්දමට නොවේ. බොහෝ විද්වතුන්, ඉතිහාසඥයන්, ගවේෂකයන්, කවීන්, ලේඛකයන් මෙන්ම ජනමාධ්‍යකරුවන්ද සිය අවධානය බෙහෙවින් යොමු කර තිබෙන්නේ සීගිරිය බිතුසිතුවම්වලට මිස කළුගල්වලින් යටවී ඇති ශේ‍ර්ෂ්ඨ ඉතිහාසයට නොවේ. මේ සංස්කෘතික නිධානය සොයා ගනු ලැබුවේ බි්‍රතාන්‍ය පාලන සමයේ වුවද සොයාගත් දත්ත අනුව යථාර්ථවාදී නිගමනයකට එළැඹීමට අපොහොසත් ඇතැම් පුරාවිද්‍යාඥයන් හා ගවේෂකයන් සීගිරියේ අතීත යටගියාවට වඩා තම අවධානය සීගිරි චිත්‍රවලට හා එහි සුන්දර දියකඩිති ආදියට පමණක් සීමා කළේ කුමක් නිසාදැයි අදටත් පැන නඟින ප්‍රශ්නයකි.


    සීගිරි ඉතිහාසය රාවණ රජ සමය දක්වා දිව යන බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන්ගේ අදහසයි. මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ට අනුව සීගිරි කුරුටු ගී අයත්වන්නේ ක්‍රි.ව. 8 වැනි, 9 වැනි සහ 10 වැනි සියවස්වලටය. එනමුදු සීගිරි බලකොටුව බිහිවූයේ ඊට අවුරුදු දහස් ගණනකට පෙර සිට බව ඉපැරැණි මූලාශ්‍ර සාක්‍ෂි සපයයි. එමෙන්ම සීගිරිය අයත් වන්නේ ලිඛිත ඓතිහාසික යුගයකට නොව මෙගලිතික සංස්කෘතිය පැවැති ප්‍රාග් ඓතිහාසික යුගයට බව ඒ පිළිබඳ ගැඹුරෙන් විමසා බලන විට පෙනී යන කරුණකි.


    බුදු සමය පැමිණෙන විටත් ස්තූපය පිළිගැනීමකට බලපෑ ස්තූපයට ඥාතිත්වයක් දැක්වූ පුද පූජා විධි ව්‍යවහාරයක් ලංකාවේ අවුරුදු ගණනාවක් මුළුල්ලේ ක්‍රියාත්මක වෙමින් පැවැතී ඇත. එකී පුද පූජා විධිය මළවුන් පිදීමේ ප්‍රාථමික අභිචාර ක්‍රම පද්ධතියකට ඇවැසි විය. ඒ අභිචාර විධි පද්ධතිය ගොඩනැඟුණේ ලංකාව ජනාවාස කිරීමට සහ නාගරිකකරණයට ප්‍රථම පියවර තැබූ මෙගලිතික සංස්කෘතිය තුළය. ඉබ්බන්කටුව මෙන්ම පොම්පරිප්පු ආදී ස්ථාන රාශියක කළ පුරාවිද්‍යා ගවේෂණ මඟින් අද වන විට මේ සංස්කෘතිය පිළිබඳ සාධක රැසක් සොයා ගෙන ඇත. ඓතිහාසික සීගිරිය ඇතුළත් වන්නේද මේ මහා ශිලා සංස්කෘතියට (ර්ඥඨචතඪබඩඪජ ඛ්භතබභපඥ) බව ඇතැම් විද්වතුන්ගේ මතයයි.


    සීගිරිය පිළිබඳව මුලින්ම වත්මන් ලොවට හෙළි කළේ මේජර් ජොනතන් ෆෝබ්ස්ය. වර්ෂ 1831 - 1833 කාලයේ සීගිරිය පෙදෙසට ගොස් සමීක්‍ෂණයක් කළ මේජර් ෆෝබ්ස් 'ඡ්තඥමඥද රඥචපඵ ධට ජඥරතධද' නමින් පළ කෙරුණු සිය ග්‍රන්ථයේ විශේෂයෙන් සීගිරිය ගැන සඳහන් කර ඇත. සීගිරි කඳු මුදුනට නඟින්නේ නැතිව සීගිරිය ගැන ලියා පළ කළ ෆෝබ්ස්ට සීගිරිය සොයා ගැනීමේ ගෞරවය හිමිවිය යුතුය.


    මේ අතර ඒ.වයි. ඇඩම්ස් හා ජේ. බේලි නමැති ඉංගී්‍රසි ජාතිකයෝ දෙදෙනා පළමුවරට සීගිරිය තරණය කළහ. පෙරදිග භාෂා විශාරදයකු වූ ටී.ඩබ්ලිව්. රීස් ඩේවිස් සීගිරි චිත්‍ර ප්‍රථම වරට දුටු විදේශිකයා ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතානයන් සඳහන් කර ඇත.
    සීගිරිය අවට ආදි මානව ජනාවාස පිළිබඳ සාක්‍ෂි සීගිරි පර්වතයට නැඟෙනහිර පැත්තේ අලිගල නම් ස්ථානයේ කරන ලද කැණීම්වලින් තහවුරු වී ඇති බවත් ඒ අනුව වර්ෂ පන්දහසකට එහා කාලයක සිට ඓතිහාසික යුගය දක්වා මානව සබඳතා මේ සීගිරිය ආශි්‍රතව පවතින බව පුරාවිද්‍යාත්මක සාක්‍ෂි අනුව පැහැදිලි වන බවත් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල 1994-04-17 'සිළුමිණ'ට ලිපියක් සපයමින් පවසා ඇත.
    සීගිරිය මෙගලිතික සංස්කෘතියට හෙවත් මහ ශිලා යුගයට අයත් වෙන බව හිටපු පුරාවිද්‍යා කොමසාරිස් එම්.එච්. සිරිසෝම හා හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල ඉදිරිපත් කරන මතවලින් තවදුරටත් තහවුරු වෙයි.

    ර ලොව අටවැනි පුදුමය ලෙසින්ද ඇතැම් විද්වත්හු එය හඳුන්වති. වර්ෂ 1831 - 1833 කාලයේ සීගිරිය කඳු මුදුන තරණය නොකර මේජර් ෆෝබ්ස් විසින් එය සොයා ගැනු ලැබීමෙන් පසු ඒ.වයි. ඇඩම්ස් සහ ජේ. බේලි යන ඉංගී්‍රසි ජාතිකයන් දෙදෙනා විසින් එම ඓතිහාසික ස්ථානය තරණය කරනු ලැබීමෙන් පසු, ටී.ඩබ්ලිව්. රීස් ඩේවිස් විසින් සීගිරි බිතුසිතුවම් පළමුවරට දකිනු ලැබීමෙන් පසු වසර 1890දී එච්.සී.පී. බෙල් මෙම ස්ථානය ගවේෂණය කළේය. බි්‍රතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස්වරයකු ලෙස කටයුතු කළ එච්.සී.පී. බෙල්, ඉංගී්‍රසි ආණ්ඩුවේ ආදායම් බදු නිලධාරියෙකි. දැනට ඔහු ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවේ පියා ලෙස සැලැකේ.


    සීගිරිය ගවේෂණය කර බෙල් පවසා ඇති පරිදි එම ස්ථානයට ප්‍රවේශ වන ‍ෙදාරටුවේ නිමවා ඇත්තේ සිංහ රූපයක්ය. සිංහ රූපයක් නිමවා ඇති බැවින් සීගිරි යන අරුතෙන් එය සීගිරිය යැයි නම් වූ බව විද්වතුන්ගේ මතය වී ඇත. බෙල්ගේ මතය එවකට ඔහුට සහාය දැක්වූ ආචාර්ය පරණවිතානයන්ගේද මතය විය. සීගිරිය ‍ෙදාරටුවේ එදා නිර්මාණය කර ඇත්තේ සිංහයකු බව පුරාවිද්‍යා නිලධාරීන්ගෙන්ද තහවුරු කෙරේ.
    එනමුදු එම මතයට පටහැනිව දැන් දැන් මත ඉදිරිපත් වෙමින් පවතී. සීගිරිය පාමුල පිහිටා ඇත්තේ සිංහයකුගේ පාද නොව පක්‍ෂියකුගේ පාද බවට මතයක් ඉදිරිපත් වී ඇත. ඒ බව තහවුරු කිරීමට පහසුවෙන් බැහැර කළ නොහැකි සාධක දක්වා තිබේ.


    සීගිරිය පාමුල ඇති පාදය විමසිල්ලෙන් නිරීක්‍ෂණය කළහොත් එහි ඇත්තේ ඇඟිලි තුනකි. එම පාදයේ ඇඟිලි ඉදිරියට විසිරී ඇත. එලෙසම නියපොතුද ඇඟිල්ලේ තරමට මහත්ය. සිංහයන්ගේ නියපොතු එලෙස මහත්ව ඉදිරියට විසිරී නැත. සිංහ නියපොතු ඇඟිලි අතර සැඟවී පිහිටන්නේය. එලෙසම ඇඟිලි අතර පරතරය ලොම් ඇති නිසා එකවර දැක ගත නොහැකිය. සීගිරි පාදවල වම්පස විළුඹට ආසන්නයේ තවත් නියපොත්තක් දක්නට ලැබේ. මෙහි ඇත්තේ කිසියම් පක්‍ෂියකුගේ පාද බවට මින් තහවුරු වන බව එම මතය දක්වන්නන්ගේ අදහසය. ඇත්තෙන්ම මේ කරුණු සැලකිල්ලට ගනිමින් සීගිරි ‍ෙදාරටුවේ දෙපස ඇති පාද නිරීක්‍ෂණය කළහොත් එහි ඇත්තේ සිංහ පාද නොව යම්කිසි පක්‍ෂියකුගේ පාද බවට අනුමාන කළ හැකිය.


    සිංහයාට කකුල් හතරක් ඇති බවත් ඒ හැම කුකුලකම ඇඟිලි හතරක් බිම වදින බවත් අද පහ වසර සිසුවකු පවා දන්නා කරුණකි. මේ කරුණු සාධක සලකා බලන කල සීගිරිය පාමුල ‍ෙදාරටුවේ ඇති පාද නිසැකවම සිංහයකුගේ නොව පක්‍ෂියකුගේ බව පැහැදිලි වන බව එම නව මතය දක්වන්නෝ තහවුරු කරති.
    රාවණ පුරාණයටත් පෙර සිටම ගුරුළා තම සංකේතය ලෙස යොදාගත් දියුණු ශිෂ්ටාචාරයක් හෙළ පොළොවේ පැවැති බවට සාධක ඇතැයි පැවැසේ. මොවුන් කුරුලු හොට සහිත හිස් වැසුම් පැලඳි බව කියති. අහසින් පැමිණ ඇති එම මිනිසුන් ගැන ලොව පුරා විවිධ සාධක ඇත. ඇතැමුන් මොවුන් අර්ථකථනය කරන්නේ දෙවියන් ලෙසය. සීගිරියද එකල එවන් මිනිසුන් ගොඩනැඟූ රාජධානියක් බවට විශ්වාසයක් පවතී.


    ඊජිප්තුවේ, ඕස්ට්‍රේලියාවේ මෙන්ම තවත් බොහෝ රටවල පිටසක්වළ ජීවීන්ගේ මුහුණ දක්වා ඇත්තේ කුරුලු හොට සහිත හිස්වැසුම්වලින් ආවරණය කරය. (ඒතඪඥද ර්රඵබඥපඪඥඵ ඪද ඉපඪ ඹ්චදඬච } ඡ්ඨරනබ) ක්‍රි.ව. 400දී මෙහි පැමිණෙන පාහියන් භික්‍ෂුවගේ වාර්තා නිරීක්‍ෂණය කිරීමේදී බොහෝ කරුණු නිරවුල් කර ගත හැකිය. ඒ අනුව කුක්කුට සමපාද පර්වතය යනුවෙන් එදා සීගිරිය හඳුන්වා ඇත. කුක්කුට යනු කුකුළා හෝ ගුරුළා හෝ ඒ හා සමාන පක්‍ෂියකු හැඳින් වූ නාමයයි.
    එම නිසා සීගිරියේ ඇත්තේ ද්වාරයක් නොවේ යනුවෙන් පැවැසෙන මතය නිරීක්‍ෂණයට ලක් නොකොට බැහැර කළ නොහැකිය. නියම සිංහ ද්වාරය මතුවන්නේ යාපහුවෙනි. කෙසේ වෙතත් අපේ වංස කතාවලට අනුව කසුප් නම් රජ කෙනකු තම පියාවන ධාතුසේන රජු මරා සිංහ ද්වාරයක් (සිංහ කටක් හෝ සිංහයන් සිටින පිවිසුමක්) සහිත ශිඛරයක සැඟවී තිබූ බව එච්.සී.පී. බෙල් අසා තිබෙන්නට ඇත. ඒ අනුව ඔහුද සීගිරි ‍ෙදාරටුවේ ඇත්තේ සිංහ පාදයක් බවට නිගමනය කරන්නට ඇතැයි මෙම නව මතය ඉදිරිපත් කරන්නන්ගේ අදහසයි. බි්‍රතාන්‍ය පාලන සමයේ අපේ රටේ ඉතා වටිනා කෞතුක වස්තූන් එංගලන්තයට ගෙන ගොස් ඇත. සාක්කුවක දමාගෙන යා හැකි තරමේ වටිනා වස්තු කිසිදු ලේඛනයක සඳහන් නොවී රහසේම එදා ගෙන යා හැකිව තිබිණි. විශාල කෞතුක වස්තු රාජ්‍ය අනුග්‍රහය ලබමින් පිටරටට ඇදී ගියේය. අපගේ පරණ පිනකට අවුකන, සමාධි පිළිම නැවක දාගෙන රැගෙන යෑමට බැරි තරමේ විශාල නිර්මාණ විය. නැතිනම් මේ වන විට ඒවාද අනෙකුත් කුඩා නිර්මාණ මෙන්ම විදේශ කෞතුකාගාරවලට ගොස් මුදල් ගෙවා ප්‍රවේශපත්‍ර ලබාගෙන නැරැඹීමට අපට සිදුවනු ඇත.


    එදා බෙල් මහතාගේ සීගිරිය ගවේෂණ කණ්ඩායමේ සේවය කළ සේවකයකු පසු කලෙක පවසා ඇත්තේ සීගිරි ප්‍රවේශයේ පාදම අසලම ගල ඇතුළෙන් ගමන් කළ හැකි උමඟක් තිබූ බවත් බෙල් ප්‍රමුඛ වගකිවයුත්තන් එහි වූ වටිනා වස්තු නැවක දමා රැගෙන ගිය බවත් එම අවස්ථාවේම උමං මඟ සිමෙන්ති දමා වසා දැමූ බවත්ය. කෙසේ වෙතත් අපගේ පුරා වස්තු රැගත් බොහෝ නෞකා ලංකාව අසලම මුහුදේ ගිලී ගියේය.


    'රන්මුතු දූව' චිත්‍රපටය නිෂ්පාදනය කළේද ඒවා ගොඩ ගැනීමට කළ ආවරණයක් ලෙස බව පැවැසේ. මක් නිසාද යත් එයට සම්බන්ධ වූ ප්‍රමුඛයන් මින් පෙර චිත්‍රපට කර්මාන්තයේ නියැළී නොසිටි අය වීම හේතුවෙනි. රන්මුතු දූව චිත්‍රපටයේ 'රෙන්ගා' නමැති චරිතයට පණදුන් හෙක්ටර් ඒකනායක නම් නළුවා දක්‍ෂ කිමිඳුම්කරුවෙකි. ඔහු දැනට පදිංචිව සිටින්නේ ඇමෙරිකාවේය. මෑතකදී ඔහු ලංකාවට පැමිණි පසු 'සරසවිය' සිනමා පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියේ චිත්‍රපටයේ මුහුද යට දර්ශන රූගත කළේ මුහුදුබත් වූ පුරාණ නැවක් අසල බවත් එහිදී හමුවුණු පුරාණ කාසි ඇතුළු තවත් වටිනා දෑ පිටරටට ගෙන ගොස් අලෙවි කළ බවත්ය.


    කෙසේ වෙතත් එදා බෙල් මහතා ඇතුළු කණ්ඩායම මෙන්ම අද අපේ පුරාවිද්‍යා කට්ටියත් සීගිරිය ඉතිහාසය සෙවීමේදී කාශ්‍යප රජුගෙන් ඔබ්බට නොයන බවක් පෙනී යයි. සීගිරිය ඉන් එහා දැවැන්ත ඉතිහාසයක් ඇති බව දැන් දැන් හමුවන සාක්‍ෂිවලින් සනාථ වේ. ලොව 8 වැනි පුදුමය ලෙස සැලකිය හැකි මෙම ඓතිහාසික ස්ථානයේ ඉතිහාසය මෙගලිතික යුගය දක්වා විහිදෙන බවත් එහි ඇත්තේ සිංහ පාද නොව ගුරුළකුගේ විය හැකි පක්‍ෂියකුගේ පාද විය හැකි බවත් දැක්වෙන මත ඔස්සේ යමින් මේ පිළිබඳව විධිමත්
    ගවේෂණයක් කිරීමට දැන් කාලය එළැඹ ඇත. ඒ සඳහා මේ පිළිබඳව උනන්දුවක් දක්වන පාඨක ඔබටත් ඇරියුම්.
    එය ලක් දෙරණේ ප්‍රෞඪ ඉතිහාසය ලොවට හඬ නඟා කීමට මහඟු පිටිවහලක් වනු නිසැකය.

    උපුටාගැනීම මව්බිම පුවත්පත 07-09-2014
     
    Last edited: