අපි නිදහස්‌ ද?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    we.jpg

    එය අහසින් වැටුණු නිදහසක්‌ නම් නො වේ. මෙරට නායකයන් ගේ හා වැසියන් ගේ දීර්ඝකාලීන ඉල්ලීමක ප්‍රතිඵලයක්‌ බව ඉතිහාසය හදාරන්නවුන්ට නම් නොරහසකි.

    ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස්‌ දිනය 2018 වර්ෂයේ පෙබරවාරි මස 4 වැනි දාට යෙදී ඇත. 1948 පෙබරවාරි මාසයේ ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුවේ ඩොමීනියන් තත්ත්වයේ පාලනයක්‌ සහිත ව ය. එනම්, ඉන් පසු ව ද මෙරට රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍යයේ රජු හෝ රැජන විය. ඔහු ගේ හෝ ඇය ගේ හෝ නියෝජිතයා වූයේ අග්‍රාණ්‌ඩුකාරවරයා ය. මේ තත්ත්වය වෙනස්‌ වී ශ්‍රී ලංකාව ජනරජයක්‌ බවට පත් වූයේ 1972 වර්ෂයේ මැයි මස 22 වැනි දින දී ය. ඇතැම් අයට අමතක ව ඇති එම සිදු වීම මෙරට නිදහස පූර්ණ වූ අවස්‌ථාව සේ සැලකිය හැකි ය.



    vidusara.com