අපි නොදන්න උතුරු කොරියාව-2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපි නොදන්න උතුරු කොරියාව-2

    rbzWBEw.jpg

    චීනයේ නැගෙනහිරට වන්නට පිහිටි කොරියානු අර්ධද්වීපයේ උතුරු කොටස ලෝකයෙන් වෙන්වූ හුදකලා රාජධානියකින් සමන්විත වේ.ලෝකය දන්නා පරිදි එය පාලනය කලේ සහ කරන්නේ මුරණ්ඩු පාලකයන් විසින්ය.බොහෝදෙනාගේ අදහස මෙම පාලකයන්ගේ මුරණ්ඩුකම නිසා රටේ ජනතාව අසරණව දිවිගෙවන බවයි.ලෝක බලවතුන් සම්බාධක පනවා උතුරු කොරියාව ආර්ථිකව විශාල පසුබෑමකට ලක් කර තිබෙන බව අමුතුවෙන් කිවයුතු නැත.උතුරු කොරියාවට එවැනි තත්ත්වයට මුහුණදීමට සිදුව තිබෙන්නේ ඒකාධිපති මුරණ්ඩු සහගත ක්‍රියාකලාපය නිසාය.නමුත් ඇමෙරිකාව වැනි බලවත් රටවල උදහසට ලක්වීමට එය එක් හේතුවක් පමණි.උතුරු කොරියානු පාලකයා තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීමට නොහැකි වීම අනෙක් හේතුවයි.පාලනයේ දැඩිබව නිසා උතුරු කොරියාවේ අභ්‍යන්තර ආරවුල් ඇතිකිරීම ,කුමන්ත්‍රණ ආදිය සිදුකිරීමට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට මේවන තෙක් හැකියාවක් ලැබී නැත.තවමත් පැරණි කොමියුනිස්ට් පාලනය පවතින රටක් ලෙස මෙය හැඳින්විය හැකිය.1990 දශකය මුලදී සෝවියට් දේශය බිඳ වැටීමට පෙරදී උතුරු කොරියාව ආර්ථික සහ යුදමය වශයෙන් එරට සමග ශක්තිමත් සබදතාවයක් පවත්වාගෙන ගියේය.නමුත් ඔවුන් සහ නූතන රුසියාව අතර පෙර මෙන් ශක්තිමත් සබදතාවයක් දැන් නොමැත.උතුරු කොරියාව 1990 දශකයෙන් පසුව වඩාත් සමීප වූයේ චීනයටයි.නමුත් 2006 වසරේ උතුරු කොරියාව සිදුකල න්‍යෂ්ඨික අත්හදා බැලීම ගැන චීනය නොසතුටින් පසුවූ අතර උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනවීමට සිය මනාපයද ලබාදුන්නේය.උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩසටහනේ දියුණුව චීනයටද බලපෑම් ඇතිකල හැකිය.මේ නිසාම පසුගිය වසර කිහිපය තිස්සේ චීන - උතුරු කොරියා මිත්‍රත්වය එතරම් හොඳ තැනක නොමැත.උතුරු කොරියාවේ මුරණ්ඩු ක්‍රියා නිසා ජපානය සිය ආරක්ෂාව වෙනුවෙන් හමුදාකරණයට යොමු වේවි යන බිය චීනයට තිබේ.රුසියාව සහ චීනය යනු උතුරු කොරියාවේ රහස් රැසක් දන්නා රාජ්‍යයන් දෙකකි.ලොව පුරා රටවල් ගැන ඔත්තු බලන ඇමෙරිකා එක්සත් ජනපදයද උතුරු කොරියාව ගැන වැඩිම අවදානයක් යොමුකර තිබෙන රට යැයි කිවහොත් නිවැරදිය.

    hqX6cHe.jpg
    උතුරු කොරියාවේ ප්‍රමාණය එක්සත් ජනපදය සමග සංසන්දනය කිරීම​




    උතුරු කොරියාවේ අගනගරය එක්සත් ජනපදයේ පිහිටියේ නම් එය එරට ජනගහනය අතින් 4 වන විශාලතම නගරය වනු ඇති.

    උතුරු කොරියාවේ අගනුවර වන පියොංජියැන් හි ජනගහනය මිලියන 2.843ක් පමණ වේ.ඇමෙරිකා එක්සත් ජනපදයේ හතරවන විශාලතම ජනගහනය ජීවත්වෙන නගරය වන්නේ ටෙක්සාස් හි හූස්ටන්ය.එහි ජනගහනය මිලියන 2.195කි.

    89PO8Nz.jpg
    පියොංජියැන්​





    උතුරු කොරියාවේ සාක්ෂරතාවය 100%කි.

    CIA සංවිධානයේ වාර්තා වලට අනුව උතුරු කොරියාවේ වයස අවුරුදු 15 ඊට වැඩි පිරිසගේත් සාක්ෂරතාවය 100%ක් වේ.​

    eAzNgUH.jpg





    රජය විසින් අනුමත කල කොණ්ඩා විලාසිතා 28ක් උතුරු කොරියාවේ තිබේ.

    උතුරු කොරියානු කාන්තාවන්ට තෝරාගත හැකි කොණ්ඩා විලාසිතා 14ක් තිබේ.විවාහ වූ කාන්තාවන් සිය කේශකලාපය කෙටිව තබා ගත යුතුවේ.අවිවාහක කාන්තාවන් ඔවුන්ගේ කේශකලාපය එල්ලා වැටෙන සේ සකස් කරගැනීමට අවසර තිබේ.පිරිමින්ට සෙ.මී. 5/ අඟල් 2 වඩා දිගට කොණ්ඩය වැවීම තහනම්ය.නමුත් වයස්ගත පිරිමින්ට සෙ.මී.7 / අඟල් 3 දක්වා කොණ්ඩය වැවීමට ඉඩ ලබා දී ඇත.

    1upmCN3.jpg





    කිම් ජෝන් ඉල් මත්පැන් වෙනුවෙන් වසරකට ඇ.ඩො.මිලියන 1.2ක මුදලක් වැය කර තිබේ.

    දැන් උතුරු කොරියාව පාලනය කරන කිම් ජෝන් උන් ගේ පියා වූ කිම් ජෝන් ඉල් සිය පාලන සමයේදී Hennessy නම් මත්පැන් වර්ගය වෙනුවෙන් වසරකට යූරෝ 700,000 ක් පමණ වියදම් කර තිබේ.එය දළ වශයෙන් ඇ.ඩො. මිලියන 1.2ක් යැයි කියවේ.2014 වසරේ දත්තවලට අනුව එරට ඒක වාර්ෂික පුද්ගල ආදායම වන්නේ ඇ.ඩො. 1800කි.

    wNgl4LL.jpg






    කිම් ජෝන් ඉල් සතුව වීඩියෝ පට 20,000ක එකතුවක් තිබී ඇත.ඒවා නරඹා අවසන් කිරීමට වසර 3 1/2ක කාලයක් ගතවන බව සඳහන්ය.

    කිම් ජෝන් ඉල් යනු චිත්‍රපට පිස්සෙකි.ඔහු සතුව චිත්‍රපට 20,000 පමණ තිබූ බව කියවේ.ඉල්ගේ ප්‍රියතම චිත්‍රපට වන්නේ Rambo,Godzilla,Friday the 13th,The Eternal Bosom of Hot Love ආදියයි.

    YKMarsr.jpg
    කිම් ජෝන් ඉල්​





    2010 වසරේදී පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය නියෝජනය කිරීමට උතුරු කොරියාව සමත්විය.

    පාපන්දු ලෝක කුසලාන තරඟාවලියකට තේරීම උතුරු කොරියාව සමත් වුවද ඔවුන්ට එහිදී කිසිදු තරඟයක් ජය ගැනීමට නොහැකි විය.එහිදී ඔවුන් බ්‍රසීලයට එරෙහිව ගෝලයක් වාර්තා කලද එම තරඟයෙන් 2-1 ලෙස පරාජය වන්නට සිදුවිය.

    2SXNGg5.jpg





    උතුරු කොරියාව ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ජනපදයට ප්‍රමාණයෙන් සමානය.

    පෙන්සිල්වේනියා ජනපදය වර්ග සැතපුම් 46,055.24ක් විශාලය.එනම් වර්ග කි.මී.119,283කි.උතුරු කොරියාව වර්ග කි.මී.120,538ක විශාලත්වයකින් යුක්තය.​

    nRgFA5X.jpg
    පෙන්සිල්වේනියා ජනපදය​





    උතුරු කොරියානු භූමියෙන් 20% පමණ වගා කටයුතු සඳහා නුසුදුසුය.එම භූමි ප්‍රමාණය එක්සත් ජනපදයේ නිව් ජර්සි ජනපදයට ප්‍රමාණයෙන් සමානය.

    19.08% ප්‍රතිශතයක් වූ භූමි ප්‍රමාණයක් ගොවිතැන් කටයුතු සඳහා නුසුදුසුය.එය වර්ග සැතපුම් 8,879.83කි.නිව් ජර්සි ජනපදය වර්ග සැතපුම් 8,722.58කි​
    .


    lTsOT7C.jpg
    නිව් ජර්සි ජනපදය​





    කොරියානු යුද්ධයෙන් පසුව උපන් උතුරු කොරියානුවන් ,දකුණු කොරියානුවන්ගේ සාමාන්‍යය උසට වඩා අඟල් 2ක් අඩුය.

    මෙම උසෙහි වෙනසට හේතුව ලෙස පෙන්වා දෙන්නේ මිලියන 6ක් පමණ උතුරු කොරියානුවන්ට ප්‍රමාණවත් තරම් ආහාර නොලැබීමයි.එරට දරුවන්ගෙන් 1/3ක් පමණ නිදන්ගත මන්දපෝෂණයෙන් පෙළෙන බව සඳහන්ය.

    GUOiobN.png
    ඇමෙරිකානු සෙබලෙක්,උතුරු කොරියානු සෙබලෙක් සහ දකුණු කොරියානු සෙබලෙක්​





    ලොව සිව්වන විශාලතම හමුදාව උතුරු කොරියාව සතුය.

    උතුරු කොරියාවේ සක්‍රීය හමුදා සේවයේ යෙදී සිටින පිරිස මිලියන 1.190කි.එක්සත් ජනපදයේ මේ ගණන මිලියන 1.3ක් පමණ වේ.​

    3qAU8jb.jpg





    හමුදා සේවයට කැඳවීමට සුදුසුකම් සහිත උතුරු කොරියානුවන් ගණන ආසන්න වශයෙන් සෙනගාලයේ ජනගහනයට සමානය.

    අවශ්‍ය විටෙක හමුදාවට කැඳවීමට හැකියාව තිබෙන පිරිමින් මිලියන 6.515ක්ද කාන්තාවන් මිලියන 6.418ක්ද ඇතුලුව පුද්ගලයන් මිලියන 12.933ක් උතුරු කොරියාව සතුය.සෙනගාලයේ(අප්‍රිකානු රාජ්‍යයක්) ජනගහනය මිලියන 13.3කි.

    aKc5M57.jpg





    CIA වාර්තාවලට අනුව උතුරු කොරියාවේ මාර්ගවලින් 2.83%ක් ගල් ඇතිරූ ඒවාය.

    උතුරු කොරියාවේ මහා මාර්ග පද්ධතිය කි.මී.25,554ක් වුවද එහි කි.මී. 724ක් පමණ ගල් ඇතිරූ ඒවා යැයි කියවේ.​

    AFhoOtS.jpg





    උතුරු කොරියාවට ප්‍රමාණවත් තරම් ආහාර නොමැත.

    උතුරු කොරියාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 24.4ක්% කෘෂිකාර්මික නිෂ්පාදන වේ.ලෝක ආහාර වැඩසටහනට අනුව එරට ජනගහනයෙන් මිලියන 6කට පමණ ප්‍රමාණවත් ආහාර සැපයීමක් නොමැත.​

    VKIfK8f.jpg






    උතුරු කොරියානු දළ දේශීය නිෂ්පාදිතය ලොව සිටි ධනවත්ම පුද්ගලයෙකුගේ වත්කමින් භාගයක් වේ.

    2010-2013 සමයේ ලොව ධනවත්ම පුද්ගලයා වූ Carlos Slim Helúගේ එකල වත්කම ඇ.ඩො.බිලියන 79.9ක් විය.උතුරු කොරියාවේ ද.දේ.නි. ඇ.ඩො.මිලියන 40ක් පමණ වේ.​

    rVJGKVM.jpg





    කටාර් රාජ්‍යයේ ඒක පුද්ගල ආදායම උතුරු කොරියාවට වඩා 52 ගුණයක් වැඩිය.

    කටාර් රාජ්‍යයේ වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 93,714කි(2013දී).නමුත් වාර්තාවලට අනුව එය ඇ.ඩො. ලක්ෂය ඉක්මවයි.උතුරු කොරියාවේ ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 1,800කි.​

    xJGcC9A.jpg





    බටහිර වර්ගීකරණයට අනුව උතුරු කොරියාව ලොව දූෂිතම රාජ්‍යයන්ගෙන් එකකි.

    2013 වසරට අනුව ලොව දූෂිතම රාජ්‍යයන් වන්නේ උතුරු කොරියාව,ඇෆ්ගනිස්ථානය සහ සෝමාලියාවයි.මෙහිදී උපරිම ලකුණු ගණන 100 වේ.උතුරු කොරියාව ලබා තිබෙන්නේ ලකුණු 8කි.​

    HDhF702.jpg



    අපි නොදන්න උතුරු කොරියාව-3




    Source:businessinsider.com

    -HarshaLulzSec-
     
    Last edited: