අපි නොදන්න ටයර්

waca

Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    ඩබල් කැබ් සහ සමහර 4X4 වාහන වලට අදාල දෙයක් මම කියන්නම්. ඩබල් කැබ් වලට දාන ටයර් සමහර ඒවයේ ටයර් සයිස් එකට කලින් (LT 235/85/R16) සමහර ටයර් වල අකුරක් ගහල තියෙනව P, LT, ST, T. t= temporary, ST= special trailer, LT= light truck, P= passenger. ලංකාවේ 4X4 වාහන වලට දාන ටයර් සමහර ඒව තියෙනව LT කියල ගහපුව. ඇත්තටම ඒව වැඩිය හොඳ රළු වැඩ වලට බඩු පටවං යන ඒවට (වතුවල වගේ). ඇත්තටම ඔය 4X4 වාහන පිටරට වල වැඩිය පාවිච්චි වෙන්නෙ වතුවල වගේ රළු වැට වලට. ඒත් ලංකාවෙ තත්ත්වය වෙනස්, ලංකාවෙ මේව ටිකක් ලක්ෂරි ගතිය පෙන්නන්නනෙ පාවිච්චි කරන්නෙ. ඒ හින්ද රළු පාවිච්චිය සඳහා වාහනේ වැඩිය යොදා ගන්නෙ නැත්නම්. ගෙදරක පාවිච්චි කරන ඩබල් කැබ් එකක් නං ටයර් සයිස් එකට කලින් LT ගහපු ඒ කියන්නේ Light truck ටයර්ස් නෙගන්න එක හොඳයි මොකද P ටයර්ස් passenger category එකට අයිති වෙන නිසා (මම ජිප් වලත් LT ටයර් හයි කරල තියෙනව දැකල තියෙනව). ඒ හින්ද කැබ් එකකට හරි ජිප් එකකට හරි ටයර් ගන්න කොට රළු පාවිච්චියක් වැඩිපුර නැත්නම් P ගහපු ටයර් ම ගන්න බලන්න හැබැයි වාහනේ manufacture instructions බලන්න ලෝඩ් රේන්ජ් එක එහෙම. passenger tires වල සුවපහසුව වැඩියි නමුත් ලයිට් ට්‍රක් ටයර් තරම් රළු පාවිච්චියට ඔරොත්තු දෙන්නෑ.
    correct me if I am wrong
     

    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    1314 කියන්නේ ටයර් එකේ නිශ්පාදිත දිනය. ටයර් එකක් පාවිච්චි කරන්න පුලුවන් අව්රුදු 5යි. ඊට පස්සේ දිරායන්න පටන් ගන්නවා. වැදගත් මචං
     

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    රත්තරං;17444281 said:
    අපේ කට්ටියගෙන් ලොකු ඉල්ලීමක් තිබ්බා ටයර් ගැන දාන්න කියල. ඔන්න අද දාන්නයි යන්නේ

    අපි නොදන්න ටයර්


    ටයර් කිව්වහම එක එක ජාතියේ ඒවා තියෙනවනේ. අපි බලමු ටයර් එකේ කෝඩ් එකෙන් කොහොමද ඒවා වර්ගකරල බලාගන්නේ කියල

    අද මම උදාහරනෙට ගන්නේ මේ යොකොහමා ටයර් එක
    වාහනේට දාලා තියෙන නිසා රෝදෙම පොටෝ එකක් ගත්තා

    2vb56yb.jpg


    දැන් බලමු මොනවද මේකේ ගහල තියෙන ඉලක්කම් අකුරු කියල

    24bql2u.jpg



    DOT FBLJ - NXY1314 - 265/70R16 112S

    ඔය ටික සේරම එකම ෆොන්ට් එකෙන් එකම සයිස් එකෙන් නෙමේනේ එන්නේ ඒ නිසා කොටස් කරගන්න හරිම ලේසියි


    DOT FBLJ - NXY1314 - 265/70R16 112S

    DOT කියන්නේ U.S. Department of Transportation ඒ කියන්නේ මේ ටයර් එක හදන කොම්පැනි එක U.S. Department of Transportation tire ආයතනේ තත්ව සහතික සහ නියමයන් යටතේ නිපදවලා තියෙනවයි කියන එක


    DOT FBLJ - NXY1314 - 265/70R16 112S

    FB කියන්නේ මේක හදපු යොකොහමා කම්පැනියේ ප්ලාට් එකේ හදුනාගැනීමේ කේතය


    DOT FBLJ - NXY1314 - 265/70R16 112S

    LJ කියන්නේ ටයර් සයිස් කෝඩ් නම්බර් එක (නිශ්පාදකයාට අනුව)


    DOT FBLJ -NXY1314 - 265/70R16 112S

    NXY කියන්නේ නිශ්පාදකයාට අනුව ටයර් එකේ මොඩල් එක. හරියට සැම්සුන් ෆෝන් වල ගැලැක්සි එස් සීරීස් එක කියනවා වගේ



    ඊලගට තමා වැදගත්ම කොටස එන්නේ

    DOT FBLJ -NXY1314 - 265/70R16 112S

    1314 කියන්නේ ටයර් එකේ නිශ්පාදිත දිනය. ටයර් එකක් පාවිච්චි කරන්න පුලුවන් අව්රුදු 5යි. ඊට පස්සේ දිරායන්න පටන් ගන්නවා. මුලින් තිබ්බ රබර් වල ගුනාංග දුර්වල වෙන්න ගන්නවා. ඒ නිසා ටයර් ගන්නකොට පරන ටයර් ගන්න එපා. හුගදෙනෙක් මේක නොදැන අහු වෙනවා

    කොහොමද මේ කෝඩ් එක කියවන්නේ
    1314 - 14 කියන්නේ නිශ්පාදිත වර්ශය. පලවෙනි ඉලක්කම් දෙකෙන් 13 කියන්නේ 2014 වර්ශයේ 13 වෙනි සතියේ තමයි ටයර් එක නිශ්පාදනය කරල තියෙන්නේ



    DOT FBLJ -NXY1314 - 265/70R16 112S

    265 කියන්නේ ටයර් එකේ වාහනේ ඇතුල පැත්තේ බිත්තියේ ඉදල පිට පැත්තේ බිත්තියට එනකම් තිරස්ව පලල මිලිමීටර් වලින්

    ඔය වෑන් ටයර් වල එහෙම 265 කියන එකට කලින් P අකුරක් එනවා. ඒකෙන් කියන්නේ පැසෙන්ජර් ටයර් කියල. Dආවනම් ඒක ඩිලිවරි. ඒ කියන්නේ බඩු අදින වාහන වලට එන එකක්. මේක 4x4 එකකට ආපු ටයර් එකක් නිසා ඒ දෙකම නෑ(මම එහෙම හිතනවා :P).



    DOT FBLJ -NXY1314 - 265/70R16 112S

    70 මේක ඇවිල්ලා අනුපාත අගයක්. ටයර් එකේ උස පලලට දක්වන අනුපාතය සියයට අගයක් විදිහට. 70 කියන්නේ උසට පලල අනුපාතය 70%යි කියල



    DOT FBLJ -NXY1314 - 265/70R16 112S

    R කියන්නේ ටයර් එක හදන්න පාවිච්චි කරපු ක්‍රමවේදය. R කියන්නේ රේඩියල්
    R= radial
    B = belted bias
    D = diagonal bias



    DOT FBLJ -NXY1314 - 265/70R16 112S

    මේකනම් හැමෝම දන්නවනේ. මේ තියෙන්නේ රෝදේ විශ්කම්භය අගල් වලින්



    DOT FBLJ -NXY1314 - 265/70R16 112S

    112 කියන්නේ ටයර් එකට දරන්න පුලුවන් බර. මේක සමහර යුරෝපියන් ටයර් වල රාත්තල් වලින් තියෙන්නේ. මේක ජපන් නිසා කිලී ග්‍රෑම් වලින් තියෙන්නේ

    load-index-chart.png




    DOT FBLJ -NXY1314 - 265/70R16 112S

    S කියන කෝඩ් එකෙන් කියන්නේ උපරිම අනුමත බර දාලා වාහනේට යන්න පුලුවන් ටයර් එකට දරාගත හැකි උපරිම වේගය.A-Z මේක අකුරු වලින් තියෙන්නේ

    sidewall_chart.jpg





    වාහනයක් තෝරගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1643744
    JXkxITG.jpg


    කියවල බලල වැඩක් උනානම් බම්ප් එකක් දාලා සලකල යනවනම් සන්තෝසයි ඕන්

    අනවසරයෙන් උපුටාගෙන බ්ලොග් වල පලකිරීම සපුරා තහනම්





    sahenna watinawa. thanks!
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    ටයර් වල හොද මොන වර්ගද (ජපන් ,ඉන්දියන්,ඉන්දුනිසියන් ,චීන )