අපි නොදන්න රුසියාව-13

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපි නොදන්න රුසියාව-13

    WTaEpz9.jpg

    පසුගිය පෙබරවාරි 10දා රුසියාව රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ දිනය සමරන ලදි.රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයින් අතර පසුගිය සමයේ ජනමාධ්‍ය ඔස්සේ නිතර දුටු චරිතයක් වන්නේ රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රෝයිය.මෙම කෙටි ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ඔහු සම්බන්ධ වැඩිදෙනා නොදන්නා කරුණු කිහිපයකි.

    1.ලැව්රෝයි මහතා විදේශීය භාෂා තුනක් කතා කරයි.ඒවා වන්නේ ඉංග්‍රීසි,ප්‍රංශ සහ සිංහලය.අවසන් භාෂාව ලෙස සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම ජනවාර්ගික කණ්ඩායම වන සිංහල ජනතාවගේ මව් භාෂාවයි.

    2.ඔහු රාෆ්ටින් ක්‍රීඩාවට බොහෝ ඇලුම් කරයි.ලැව් රෝයි ඒ සඳහා යොදාගන්නේ ඇල්ටායි කඳුකරයේ ගංගාය.තම විශ්වවිද්‍යාල ජීවිතයේ මිතුරන් සමග ඔහු රාෆ්ටින් ක්‍රීඩාවේ යෙදෙයි.

    3.ලැව්රෝයි ගිටාර් වාදනයට ඉතා කැමතිය.ඔහු ජාත්‍යන්තර සබදතා පිළිබද මොස්කව් රාජ්‍යය ආයතනයේ සිටියදී නිර්මාණය කල ගීතයක් පසුව එම ආයතනයේ විශ්වවිද්‍යාල ගීතය බවට පත්විය.එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සංගීතය රස විදින අයෙකි.ලැව්රෝයි මහතාගේ සියලුම සංචාරවලදී ඔහුත් සමග පෞද්ගලික ගිටාරයද ගෙන යයි.

    4.ඔහු දුම්පානයට ඇබ්බැහි වූ අයෙකි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම්වරයෙක් වූ කොෆි අන්නන් විසින් එහි මූලස්ථානය තුල දුම්පානය තහනම් කලද එම නිර්දේශ පිළිපැදීම ලැව්රෝයි විසින් ප්‍රතික්ෂේප කරයි.

    5.ලැව්රෝයි මහතා කවි ලිවීමට ඉතා ඇලුම් කරන්නෙකි.මේව විට තමන්ගේම එළිසමයන් කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබේ.



    j2Wjbth.jpg

    ලැව්රෝයි වැනි රාජ්‍යතාන්ත්‍රිකයෙක් විශේෂයෙන් රුසියාව වැනි ලෝක බලවතෙක් නියෝජනය කරන අයෙක් සිංහල වැනි වද වෙමින් යන ජාතියකට අයත් භාෂාවක් කතා කරනවා යැයි කීම පුදුමය දනවන්නකි.ඔහු ශ්‍රී ලංකාවේ වසර 5ක කාලය ගත කල අයෙකි.ලැව්රෝයි සෝවියට් දේශය පැවති සමයේ මෙරට සෝවියට් තානාපති කාර්යාලයේ උදේශකයෙක් ලෙස කටයුතු කර තිබේ.එහිදී ඔහු භාෂා පරිවර්තකයෙක් ලෙසද සිය සේවය ලබාදුන් අතර දිනපතා සිංහල පුවත්පත්වල පළවන වැදගත්ම දේශපාලනික පුවත් රුසියානු බසට පරිවර්තනය කිරීමද සිදුකර තිබේ



    Source:sputniknews.com,sundaytimes.lk

    -HarshaLulzSec-
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    සිරාවට සිංහල කතා කරනවා කියපුවාම මාර හැපියක් අවා ඔන්න (උබේ ලියුම් පෙට්ටිය හිස් කොරාපන් ලියුම් එන් නෑ උබට දාන )
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම බොහොම කැමති පුදගලයෙක් තමයි විදේශ ඇමතිතුමා.
    මොහුට පුටින්ගෙන් පස්සේ රශියා වල ලොකු තැනක් ලැබේවි මචං..
    Rep++++++ and TFS


    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.