අපි නොදන්න රුසියාව-20
රුසියාවේ නවතම කලෂ්නිකොව් ඒකේ-12 සහ ඒකේ-15 රයිෆල් අවි ඒවායේ අත්හදා බැලීමේ වෙඩි තැබීම්වලින් සමත්ව දැන් රුසියානු ආරක්ෂක හමුදාවල සේවයට එක්වීමේ සූදානමින් පසුවේ.ඔවුන් ඒකේ-47 අර්ධ යාන්ත්‍රික තුවක්කු සියල්ල වෙනුවට ආදේශ කරනු ඇත.ඒ කේ -47 යනු 1949 වර්ෂයේ පටන් නිෂ්පාදනය කෙරෙන ලොව වඩාත් ජනප්‍රියතම තුවක්කුවයි.නමුත් සෝවියට් සහ රුසියානු අවි නිෂ්පාදකයෝ වෙනත් රයිෆල් අවි මොඩල කරළියට ගෙන ආවද ඒවා මහා කලෂ්නිකොව් මෙන් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන්නට නොහැකිවූයේ කලෂ්නිකොව් රයිෆලයේ කාර්යක්ෂමතාවය වැඩි නිසාය.
මෙය බුල්ප් අප් වර්ගයේ රයිෆලයකි.එනම් මැගසිනය තිබෙන්නේ කොකාට පිටුපසින්ය.මෙම වර්ගයේ රයිෆල් සුළු ප්‍රමාණයක් නිපදවා තිබෙන අතර රුසියානු ආරක්ෂක අංශ කිහිපයක් පමණක් ඒවා භාවිතා කරයි.බුල්ප් අප් රයිෆල් දිගින් අඩුය.නමුත් නාගරික සංග්රාම භූමිවල ඉතා වැදගත්වන වෙඩි ප්‍රහාරවල නිරවද්‍යතාවය බුල්ප් අප් අවිවල වැඩිය.ඒ-91 රයිෆලය නිපදවන්නේ ෂිපුනොව් සැලසුම් කාර්යාංශය විසින් 1990 වර්ෂයේදීය.එය වර්ග දෙකකින් පැමිණේ.දේශීය සංස්කරණය රුසියාවේ නිෂ්පාදිත මි.මී. 5.56x45 පතොරම් වලට උචිත අයුරින්ද අපනයන සංස්කරණය නේටෝ ප්‍රමිතියේ මි.මී. 5.45x39 පතොරම්වලට ගැළපෙන අයුරින්ද නිෂ්පාදනය කර තිබේ.ඒ-91 සංයුක්ත ,භාවිතය පහසු,විශ්වාසනීය සහ මි.මී.40 ග්‍රෙනේඩ් විදිනයක් සමග පැමිණේ.කෙසේවෙතත් ඒ-91 රයිෆලය කි.ග්රෑ.4.4 බරකින් යුක්තය.එනම් ඒකේ-47 රයිෆලයට වඩා කි.ග්රෑ. එකක් බරින් වැඩිය.රුසියානු හමුදාව සහ සමහරක් පොලිස් බලකාවල අවම පිළිගැනීමට ලක්වන්නට එය හේතුවක් වී තිබේ.
නිකොනොව් සැලසුම් කාර්යාංශය විසින් 1994 වර්ෂයේදී හඳුන්වා දුන් ඒ එන්-94 රයිෆලය 1997 වර්ෂයේ පටන් රුසියානු ආරක්ෂක අංශ භාවිතා කරයි.ඒකේ-47 රයිෆල් මාලාව වෙනුවට ආදේශකයක් ලෙස ඒ එන්-94 රයිෆලය හඳුන්වාදෙන ලදි.එය සතු හොඳම වාසිය වන්නේ පතොරම තුවක්කුවේ බැරලයෙන් ඉවත්ව යන තෙක් වාංගු බලය ප්‍රමාද කිරීමේ හැකියාවයි.මෙම වාසිය නිසා වඩාත් අසීරු සංග්‍රාමික තත්ත්ව යටතේ ඉලක්කය වෙත වැඩි වාරගණනක් වෙඩි තැබිය හැකිය.මිනිත්තුවට වට 1800 සිඝ්රතාවකින් වෙඩි තැබීමට පුලුවන් මෙම රයිෆලයෙන් කෙටි කාලයක් තුල වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමට අවස්ථාව ලබාදෙයි.පළමු වෙඩි පහරේ වාංගු වීම දැනීමට පෙර දෙවන වෙඩි පහර එල්ල කිරීමට නිකොනොව් හි යාන්ත්‍රණය සමත්ය.මෙම වෙඩි පහර දෙක ඉතා කෙටි කාල පරතරයක් තුල එල්ල කිරීමෙන් වඩා නිරවද්‍ය ප්‍රතිඵලයක් ලබාගත හැකිය.කෙසේ වෙතත් එය සතු සංකීර්ණ සැලසුම සහ නිෂ්පාදන වියදම අධික වීම යන කරුණු නිසා ඒ එන්-94 රයිෆලය රුසියානු ආරක්ෂක අංශ අතර ජනප්‍රිය නැත.
ඩෙජ්ටිරෙව් සැලසුම් කාර්යාංශය විසින් 1978 වර්ෂයේදී හඳුන්වා දුන් ඒ ඊ කේ-971 රයිෆලය ඒකේ-74 රයිෆලයට පෙනුමෙන් සමානය.සැබැවින්ම එය ඒකේ රයිෆල් වල සැලසුම් සහ වින්‍යාසය මත පදනම්ව නිමවා තිබේ.පාලනීය වෙඩි තැබීමකදී සිදුවන ඍණාත්මක බලපෑම අවම කිරීම සඳහා ස්වයංක්‍රීය වාංගු පද්ධතිය එය සතුය.ඒකේ-74 එම් රයිෆලයට වඩා ඒ ඊ කේ-971 රයිෆලයේ ස්වයංක්‍රීය වෙඩි තැබීමේ නිරවද්‍යතාවය 15-20% ප්‍රතිශතයකින් වැඩි බව සඳහන් වේ.ඒ ඊ කේ-971 රයිෆලයේ අනුප්‍රාප්තිකයා වන්නේ 2014 දෙසැම්බර් මස හඳුන්වා දුන් ඒ-545 රයිෆලයයි.එය ඒකේඊ-971 රයිෆලයේ අභ්‍යන්තර සහ බාහිර දියුණු කිරීම්වල ප්රතිඵලයකි.
ෂිපුනොව් සැලසුම් කාර්යාංශය විසින් 2009 වර්ෂයේදී ද්විත්ව-මධ්‍යම අවියක් සහ ජලය මතුපිට සහ ජලය තුල වෙඩි තැබීමට හැකියාව ඇති රයිෆලයක් ලෙස හඳුන්වා දෙන ලදි.ඊළඟ වර්ෂයේදී රුසියානු නාවික හමුදා විශේෂ බලකා ඒකකවලට හඳුන්වාදීමට නියමිත මෙම රයිෆලයේ පැරණි සාමාජිකයා වන්නේ 1975 වර්ෂයේදී හඳුන්වාදුන් ඒපීඑස් රයිෆලයයි.ඒඩීඑස් රයිෆලය ග්‍රෙනේඩ් විදිනයක් සමග පැමිණෙන අතර ජලය මතුපිටදී මීටර් 400 දුරට වෙඩි තැබීමට පුලුවනි.
1994 වර්ෂයේදී ස්නිට්ටොච්මැෂ් සමාගම විසින් හඳුන්වා දුන් එස් ආර්-3 රයිෆලය සංයුක්ත සහ සැහැල්ලු(කි.ග්රෑ.2.4)අවියකි.මීටර් 200 දුරක් දක්වා ඵලදායි ලෙස වෙඩි තබන්නට මෙම රයිෆලයට හැකිය.පූර්ණ ස්වයංක්‍රීය රයිෆලයක් වන මෙය සබ්සොනික් මි.මී 9×39mm පතරොම් භාවිතා කරයි.
Source:sputniknews.com
-HarshaLulzSec-

ඒ-91 රයිෆලය

ඒ එන්-94 රයිෆලය

ඒ ඊ කේ-971 රයිෆලය

ඒඩීඑස් රයිෆලය
ෂිපුනොව් සැලසුම් කාර්යාංශය විසින් 2009 වර්ෂයේදී ද්විත්ව-මධ්‍යම අවියක් සහ ජලය මතුපිට සහ ජලය තුල වෙඩි තැබීමට හැකියාව ඇති රයිෆලයක් ලෙස හඳුන්වා දෙන ලදි.ඊළඟ වර්ෂයේදී රුසියානු නාවික හමුදා විශේෂ බලකා ඒකකවලට හඳුන්වාදීමට නියමිත මෙම රයිෆලයේ පැරණි සාමාජිකයා වන්නේ 1975 වර්ෂයේදී හඳුන්වාදුන් ඒපීඑස් රයිෆලයයි.ඒඩීඑස් රයිෆලය ග්‍රෙනේඩ් විදිනයක් සමග පැමිණෙන අතර ජලය මතුපිටදී මීටර් 400 දුරට වෙඩි තැබීමට පුලුවනි.
එස් ආර්-3 විකර් රයිෆලය

+
+9