අපි නොදන්න රුසියාව-22

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපි නොදන්න රුසියාව-22

    NC3zWNh.jpg

    මෑත කාලීනව රුසියානු ආරක්ෂක හමුදාවල තාක්ෂණික විප්ලවයේ වඩාත් දෘෂ්‍යමාන සලකුණක් වන්නේ පාබල හමුදා සඳහා සංග්‍රාමික රොබෝ යන්ත්‍ර අත්හදා බැලීමයි.මෙම වැඩසටහන් වල පරාසය අඟවන්නේ ඒවා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ ප්‍රමුඛතාවයක් බවයි.මායිම් නිර්ණය නොකල ඉදිරි ආරක්ෂක වළලුවල ජාල කේන්ද්‍ර සංග්‍රාමිකව කුඩා කණ්ඩායම් වශයෙන් ස්වාධීනව මෙහෙයුම් සිදුකිරීමට මෙවැනි අවි පද්ධති අනාගතයේදී වැදගත් වනු ඇත.

    bVNtVJg.jpg
    රුසියාවේ නිෂ්පාදිත සංග්‍රාමික රොබෝ රථ​

    පාබල හමුදා උදෙසා වැඩිදියුණු කරමින් තිබෙන ඉතා වැදගත් රොබෝ යන්ත්‍රයක් වන්නේ ටොන් 6ක් බර උරාන් නම් පවුලට අයත් කැටපිලර් රථයි.ඊට උරාන්-6 නම් බිම්බෝම්බ විනාශ කරන රථය සහ ඕනෑම සංග්‍රාමික ඉලක්කයක් සමග සටන් කිරීමට හැකි මි.මී.30 2ඒ72 ස්වයංක්‍රීය අවියක්,ඇටකා නම් ලේසර්-නියාමක යුද ටැංකි නාශක මිසයිල සහ වර්බා නම් කෙටි දුර ගුවන් යානා නාශක මිසයිලවලින් සන්නද්ධ උරාන්-9 සංග්‍රාමික රථය ඇතුලත්ය.

    JdH34C0.jpg
    Uran-6​

    qv0wImR.png
    Uran-9​

    ඊට අමතරව රුසියාව කුඩා ප්‍රමාණයේ රථ වන නෙරෙක්ටා සහ ප්ලැට්ෆෝම්-එම් නම් මැෂින් තුවක්කු,ස්වයංක්‍රීය ග්‍රෙනේඩ් විදින,යුද ටැංකි නාශක මිසයිල සහ ආර්පීජී අවි ගෙන යා හැකි පද්ධතීන් සංවර්ධනය කරමින් සිටියි.

    npHBEot.jpg
    Nerekhta රොබෝ රථය​

    0JldAwU.jpg
    Platform-M රොබෝ රථය​

    රුසියාවේ නිෂ්පාදනය කල ස්ට්‍රලොක් නම් රයිෆලයක් දරන තරප්පු පෙළක පවා ගමන් කල හැකි රොබෝ රථය සිරියාවේදී සටන් සඳහා භාවිතා කලා යැ‍යි සැලකේ.එය අඩි 5ක් දිග අඩි 2ක් පළල කුඩා ප්‍රමාණයේ රොබෝවෙකි.

    2sI5tsj.jpg
    Strelok රොබෝ රථය​

    රුසියාව මහත් බලාපොරොත්තු තබා ඇති අනෙකුත් රොබෝ රථ වන්නේ බීඑම්පී-3 පාබල හමුදා ප්‍රහාරක රථයේ රොබෝ සංස්කරණය වන උඩාර් සහ දුරස්ථව පාලනය කල හැකි ටී-14 යුද ටැංකිය.දැනටමත් ටී-14 අමාටා යුද ටැංකියේ කොත සම්පුර්ණයෙන්ම දුරස්ථව පාලනය කල හැකිය.ඉදිරියේදී වෙනත් ටී-14 ටැංකියකින් හැසිර විය හැකි රොබෝමය ටී-14 යුද ටැංකි නිපදවීමට රුසියාව කටයුතු කරමින් සිටියි.එහිදී ඉහළ-ධාරිතා දත්ත ලින්කු යොදාගෙන එම යුද ටැංකිවල සංවේදක,අවි සහ පාලනය සම්පුර්ණයෙන්ම වෙනත් යුද ටැංකියක් ඔස්සේ සිදුකල හැකි තැනට දියුණු කිරීම රුසියාවේ බලාපොරොත්තුවයි.බාහිර පුද්ගලයින්ගේ ග්‍රහණයට සහ ප්‍රවේශයට ලක්වීමේ අවධානම සහිත චන්ද්‍රික සන්නිවේදනය වැනි දිගු දුර සන්නිවේදන ක්‍රම වෙනුවට කිලෝ මීටර් කිහිපයක පරාසයක් සහිත කෙටි දුර සන්නිවේදන ජාලයක් යොදාගෙන රුසියානු සංග්‍රාමික රොබෝවරුන් පාලනය කරනු ඇත.

    CZbvSiA.jpg
    BMP-3 රොබෝ රථය​

    3f4sZ7V.jpg
    T-14 අමාටා යුද ටැංකි​

    ඉහත සදහන් කල සහ අනෙකුත් පද්ධතීන් දැනට පවතින්නේ අවසන් අධියරවල සහ අත්හදා බැලීම්වලයි.ඉන් සමහරක් සිරියානු යුද බිමේ අත්හදා බැලීම් සඳහා යවා තිබෙන බවට වාර්තා පළවේ.


    සංග්‍රාමික රොබෝවරුන් නිපදවන්නේ ආකාර දෙකක් මෙහෙයුම් උදෙසාය.සාපේක්ෂකව කුඩා ප්‍රමාණයේ නූතන හමුදා යනු අනාගත සංග්‍රාම භූමියේ ස්ථාවර ඉදිරිපෙරමුණු දුර්ලභ වීම යන්නයි.නැගෙනහිර යුක්‍රේනයේ ඩොන්බාස් සංග්‍රාම භූමියේ මෙහෙයුම්වල පවා එකදිගට වූ අගල්පෙළ වෙනුවට ඉදිරි ආරක්ෂක වළලු මුර කපොලු,ආරක්ෂක සංවිධාන සැලසූ ස්ථාන සහ ආරක්ෂක සේනා සහිත නගරවලින් සමන්විතය.මේ හරහා දෙපාර්ශ්වයටම එකිනෙකාගේ බලප්‍රදේශවලට රහසේ ඇතුල්වීමට ඉඩ ලැබේ.එහි තේරුම නම් සෑම ඒකකයක්ම ඉදිරියට ඇදෙද්දී සහ ස්ථිර ස්ථාන අල්ලා ගැනීමේදී ඔවුන් තමන්ටම ආරක්ෂාව සලසා ගත යුතුය.සැඟවී සිට පහරදීම් සහ මාර්ග දෙපස බෝම්බ හඳුනාගැනීමට ඔත්තු බැලීම සහ මුර සංචාරයේ යෙදීම ඔස්සේ සපයන්නට රොබෝ රථවලට පුළුවනි.

    රුසියාවේ ඩජෙස්තාන් ප්‍රාන්තයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී නායකයා මරා දැමීමේ මෙහෙයුමට සංග්‍රාමික රොබෝ රථයක් යොදාගත් අයුරු


    රොබෝ රථ යොදාගන්නා අනෙක් මෙහෙයුම වන්නේ නගරබද ප්‍රදේශ ඇතුලු පෙර සූදානම් ආරක්ෂක රැකවල් පරාජය කිරීමයි.නූතන අවිවල මාරකත්වය පෙනෙන්නේ නගරබද සහ ශක්තිමත් ස්ථානවල සිටින සතුරු හමුදාවලට එරෙහිව දියත් කරන මෙහෙයුම්වලින් සිදුවන ප්‍රබල අලාභ හානි ඔස්සේය.නමුත් එවැනි ප්‍රතිරෝධයක් මහා පරිමාණ කාලතුවක්කු ප්‍රහාර හෝ ගුවන් ප්‍රහාර හරහා අඩුකල හැකිය.කෙසේවෙතත් එවැනි උපාය මාර්ග හරහා යටිතල පහසුකම් විනාශ වීම මෙන්ම සිවිල් මරණද බහුල විය හැකිය.සන්නද්ධ සංග්‍රාමික රොබෝවරුන්ට ඔවුන්ගේ සන්නද්ධමය ඔත්තු බැලීමේ හැකියාවද සහිතව විවෘත වෙඩි තැබීමකින් සතුරු ආරක්ෂක ඒකකවල පිහිටීම් අනාවරණය කිරීමට බලකල හැකිය.එසේම බිම්බෝම්බ සහ බාධා ඉවත් කිරීම සහ තනි තනි ආරක්ෂිත ස්ථාන විනාශ කිරීමට රොබෝ රථ යොදාගත හැකිය.

    නූතන සන්නාහ සන්නද්ධ හමුදාවක්,රැට්නික් හමුදා නිල ඇඳුම් කට්ටලය සහ සංග්‍රාමික රොබෝ රථ සංවර්ධනය කිරීමේ අරමුණ ජංගම ආයුද සන්නද්ධ සංග්‍රාමයේ දී රුසියානු පාබල හමුදා ජයග්‍රහණය කරා රැගෙන යාමයි.




    Source:southfront.org

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: Kasippu Sira

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    Good post :cool:

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again. :sorry: