අපි නොදන්න රුසියාව - 27
එක්සත් ජනපද ගුවන් හමුදාවේ ගුවන්තරණ පුහුණු ඒකකය විසින් පසුගිය ජූලි මාසයේදී කොන්ත්‍රාත්තුවක් ඉදිරිපත් කර තිබිණි.මෙය රුසියාවේ දැඩි අවධානයට ලක් විය.කොන්ත්‍රාත්තුවේ සඳහන් වූයේ රුසියාවේ කොකේසස් ජනවර්ගයේ RNA සහ සන්ධි පටක සාම්පල් මිලදී ගැනීමක් සම්බන්ධවයි.මෙම ටෙන්ඩරය පළකර තිබුණේ එක්සත් ජනපද රජයේ වෙබ් අඩවියකය.සාම්පල් සපයන සැපයුම්කරුවෙක් දායකයන්ගේ සෞඛ්‍යය තත්ත්වය සම්බන්ධවද තොරතුරු ලබා දීම සිදුකල යුතුව තිබේ.හමුදා දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටින RNA හෙවත් රයිබෝ නියුක්ලික් ඇසිඩ් යනු ප්‍රෝටීන නිෂ්පාදනය ක්‍රියාවලියට දායක වන මානව සෛලයක න්‍යෂ්ඨියේ සහ මයිටොකොන්ඩ්‍රියමේ අඩංගු අන්වීක්ෂීය ව්‍යුහයන්ය.එසේම ඔවුන් ඉල්ලා සිටින සන්ධි තරලය මානව දේහයේ සන්ධිවල චලනයන්ට දායකත්වය සපයන තරලයයි.
ඇමෙරිකානු ගුවන් හමුදාව රුසියාවේ දායකයන්ගෙන් RNA සාම්පල් 12 සහ සන්ධි තරලය සාම්පල් 27ක් මිලදී ගැනීමට බලාපොරොත්තු වේ.මෙම කොන්ත්‍රාත්තුව ප්‍රසිද්ධ කර තිබුණේ 2017 ජූලි මස 19දාය.එහි සඳහන් පරිදි සියලු RNA සහ සන්ධි පටක සාම්පල් රුසියාවේ කොකේසස් ජනවර්ගයෙන් ලබාගත යුතුය.රජය යුක්‍රේනයේ පටක සාම්පල සැලකිල්ලට නොගනියි.තවද සාම්පල් සපයන සැපයුම්කරුවන් පහත තොරතුරුද සැපයීම අනිවාර්යය වේ.
"සියලුම නැවුම් හිමායිත සන්ධි පටක සහ RNA සාම්පල් අස්ථි-මාංශපේශී පද්ධතිවල තුවාල රහිත සාමාන්‍යය දායකයන්ගේ විය යුතුය.සන්ධි පටක සහ RNA එකිනෙකට වෙනස් දායකයන්ගේ විය යුතුය.සියලු සාම්පල් එච් අයි වී,හෙපටයිටිස් බී,හෙපටයිටිස් සී සහ සිපිලිස් යන රෝගවලින් තොර පුද්ගලයන්ගේ විය යුතුය."
බාරදීමේ කාලය,දායකයන්ගේ අනන්‍යතාවය,ලිංගිකත්වය,වයස,ජාතිය,රෝග විනිශ්චය,ශල්‍යකර්ම කල දිනය,රෝග විනිශ්චය දිනය ,රෝග ලක්ෂණ,දුම්පානයේ අත්දැකීම්,ලබාගත් ඖෂධ,උස,බර...
කොන්ත්‍රාත්කරුවා මුදල් ලබා ගැනීමෙන් දින 10ක් ඇතුලත සාම්පල් එක්සත් ජනපදයේ ටෙක්සාශි සැන් ඇන්ටොනියෝ හි ගුවන් හමුදා කඳවුරට බාර දියයුතුය.
මොස්කව් හි එකම විදේශ ශාඛාව පිහිටා තිබෙන ඇමෙරිකාවේ කැලිෆෝනියාහි මූලස්ථානය පිහිටුවා ඇති ProteoGenex නම් සංවිධානය මෙම කොන්ත්‍රාත්තුව සම්බන්ධව උනන්දුවක් දක්වයි.ඔවුන්ගේ වෙබ් අඩවියට අනුව එම සංවිධානය දායකයන්ගේ රුධිර පටකවලින් වෙන් කරගන්නා RNA සහ අනෙකුත් මානව පටක එකතුවකින් සමන්විතය.තවද ඔවුන් ජෛව ද්‍රව්‍ය සාම්පල් ලක්ෂ දෙකක් පමණ ගබඩා කර තිබේ යැයි කියවේ.
ProteoGenex සමාගමේ රුසියානු ශාඛාවේ ප්‍රධාන අධ්‍යක්ෂිකා නටාලිය ඩිඅකොවා කියා තිබෙන්නේ තමන් RNA සහ සන්ධි පටක සාම්පල් එකතු නොකරන බවත් ඇමෙරිකානු ගුවන් හමුදාවට සැපයුම් ලබාදීමේ කොන්ත්‍රාත්තුවක් සම්බන්ධව කිසිවක් නොදන්නා බවත්ය.ඇමෙරිකාවේ කැලිෆෝනියාහි හි ProteoGenex මූලස්ථානයෙන් මේ සම්බන්ධව රුසියා ටුඩේ රූපවාහිනී සේවය විමසීමක් කලද ඊට පිළිතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක් වන ස්කොල්කොවෝ විද්‍යා සහ තාක්ෂණික ආයතනයේ මහාචාර්යය කොන්ස්ටන්ටින් සෙවෙරිනොව් මේ සම්බන්ධව අදහස් පළ කර තිබිණි.
"මානව වර්ගයා තුල ජානමය විවිධත්වයක් තිබේ.ඒ නිසා සියලුදෙනා එකිනෙකාගෙන් වෙනස් වේ.මේ නිසා ජානමය පසුබිම සහ වෙනස් ජාන නිසා මිනිසුන් අතර වෙනස්කම් ඇති කිරීමට හේතු වේ.මෙවැනි වෙනස්කම් තවමත් හඳුනාගැනීමට විශේෂඥයින්ට හැකියාව ලැබී නැත.එබැවින් අධ්‍යයනය කටයුතු සඳහා උනන්දුවක් තිබේ."
ජෙනරල් ජෙනෙටික්ස් ආයතනයේ විද්‍යාගාරයේ ප්‍රධානී සර්ගෙයි කිසෙලෙව්ට අනුව මෙතරම් විශාල ප්‍රමාණයේ සාම්පල් විද්‍යාත්මක පර්යේෂණයක් සඳහා ප්‍රමාණවත් වේ.
"සෛල වර්ගයෙන් වර්ගයට RNA අනු වෙනස් වේ.එනම් සෛලයක කාර්යයන් සහ විශේෂත්වය නිශ්චය කිරීම RNA මත තීරණය වේ.ඔබ රුධිර සෛලවලින් RNA වෙන් කර ගත හොත් ඒවා එක් RNA අණු කට්ටලයකි-මාංශ පේශිවල තිබෙන්නේ තවත් RNA කට්ටලයකි.මෙය හමුදාවේ අවධානයට ලක්වූයේ නම් අනිවාර්යෙන්ම එය විශේෂ කරුණක් නිසා විය යුතුය " - සර්ගෙයි කිසෙලෙව්
ජාන විද්‍යාඥයෙක් වන ජිනොටෙක් සමාගමේ ප්‍රධානී වැලෙරි ඉලින්ස්කි, සර්ගෙයි කිසෙලෙව්ගේ අදහස තහවුරු කරන අතර මෙම සාම්පල් බොහෝවිට මූලික පර්යේෂණ සඳහා අවශ්‍ය ඒවා යැයි කියා සිටියි.
"RNA විශ්ලේෂණය සඳහා ක්‍රම රාශියක් තිබේ.සමහරක් ඉතා ලාභදායක වන අතර අනෙක්වා ඉතා මිල අධික ඒවාය.එවැනි අධ්‍යයන වල ප්‍රභේදන ගණනාවක් ඇත.හමුදා ඉන් කුමක් සඳහා මේවා යොදා ගනියි දැයි කිව නොහැකිය." - වැලෙරි ඉලින්ස්කි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජීවවිද්‍යාත්මක අවි කොමිසමේ හිටපු සාමාජිකයෙක් සහ යුද විශේෂඥයෙක් වන ඉගෝර් නිකුලින් ඊට හාත්පසින් වෙනස් අදහසක් පළකරමින් කියා සිටින්නේ සාම්පල් වෛරස නිර්මාණය කිරීමට යොදාගත හැකි බවයි.
"නව මාදිලියක ජීවවිද්‍යාත්මක අවියක් සංවර්ධනය කරමින් තිබේ.එය සටන්කාමී වෛරසයක් වීමට පුලුවනි.විශේෂිත වාහක ජානවලට පමණක් රැගෙන යා හැකි වෙනස් ආකාරයේ ජීවවිද්‍යාත්මක අවි එක්සත් ජනපදය විසින් නිපදවීමට උත්සහා කරනවා.රුසියාවේ ජනගහනයෙන් බහුතරයක් කොකේසස් ජනවර්ගය නියෝජනය කරයි(ඇමෙරිකාව ඉල්ලා තිබෙන පටක සාම්පල් සියල්ල එම ජන වර්ගයට අයත් වේ).ඔවුන් සුචිය සොයා ගැනීමට උත්සාහ කරන්නේද මෙම කණ්ඩායමේය.වෛරසවලට තෝරා ගෙන පහරදීමට එය අත්‍යාවශ්‍ය වේ.මෙම ප්‍රශ්නය ඇමෙරිකානු "මානව ජෙනෝම" ව්‍යාපෘතිය මගින් විසදා තිබේ.තවද එය විශාල වශයෙන් පෙන්ටගනයේ මූල්‍යාධාර ලබන වැඩසටහනකි." - ඉගෝර් නිකුලින්
මෙම සිද්ධිය නැවතත් කරලියට එන්නේ පසුගිය ඔක්තෝම්බර් මස 30 වනදා මානව හිමිකම් සමුළුවේදී රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් ඒ සම්බන්ධව ප්‍රකාශයක් සිදු කිරීමත් සමගයි.
යම් පුද්ගලයින් නොදන්නා හේතු මත වීඩියෝ අවේක්ෂණ පද්ධතියක් යොදාගෙන රුසියානු පුරවැසියන්ගේ ඡායාරූප එකතු කරන බව මැතිවරණ නීතිය සම්බන්ධ රුසියානු මහජන ආයතනයේ අධ්‍යක්ෂක ඉගෝර් බොරිසොව් විසින් ප්‍රකාශ කල මොහොතේ ඊට ප්‍රතිචාර දක්වමින් පුටීන් මෙලෙස අදහස් දැක්වීය.
"ඡායාරූප ගැනීම ප්‍රශ්නයක් නොවේ. ඔබ දන්නවාද රුසියාව පුරා ජීවවිද්‍යාත්මක ද්‍රව්‍ය එකතු කරන බව?ඒවා රුසියාවේ විවිධ ප්‍රදේශවල එකිනෙකට වෙනස් ජන වර්ගවලින් ලබා ගැනේ.ප්‍රශ්නය මෙයයි - ඇයි යමෙක් මෙය සිදු කරන්නේ?ඔවුන් මෙය කරන්නේ ඉතා වෘත්තීයමය වශයෙන් සහ පරිස්සමින්ය.ඔවුන් අපගේ ජනතාව සම්බන්ධව දැඩි ඇලුම්කමක් දක්වයි" - විලැඩ්මීර් පුටීන්
රුසියානු ජනපති ප්‍රකාශක ඩිමිත්‍රි පෙස්කොව් ට අනුව මෙම තොරතුර ලැබී තිබෙන්නේ රුසියානු රහස් ඔත්තු සේවාවලිනි."සමහර චරපුරුෂයන්,රාජ්‍ය නොවන සංවිධාන සාමාජිකයන් සහ අනෙකුත් පාර්ශ්වයන් එවැනි ක්‍රියාකාරකම්වල නිරත වන බව සත්‍යයකි"
රුසියානු සෙනට් සභික ෆ්‍රෑන්ස් ක්ලිට්සෙවිච් චෝදනා කරන්නේ බටහිර ඔත්තු සේවා මෙය සිදු කරන්නේ රුසියාවේ ජන වර්ග ඉලක්ක කරගෙන ජීවවිද්‍යාත්මක අවි නිපදවන්නට බවයි.
Source:russian.rt.com
-HarshaLulzSec-

මෙම සාම්පල් සැපයීමේදී පහත තොරතුරුද සැපයීම අනිවාර්යය වේ.

RNA වර්ග තුන

ප්‍රෝටීන සංස්ලේෂණයට RNA අණු දායක වන අයුරු