අපි නොදන්න රුසියාව-6

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපි නොදන්න රුසියාව-6

    N221De1.jpg

    උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව රුසියානු දේශසීමාව අසල රටවල ප්‍රති මිසයිල ආරක්ෂණ පද්ධති පිහිටුවීම නිසා එල්ල වී තිබෙන තර්ජනයට පිළිතුරක් ලෙස රුසියානු මව් භූමියෙන් වෙන්ව පිහිටා ඇති කලිනින්ග්‍රාඩ් ප්‍රදේශයේ අති නවීන මිසයිල ආරක්ෂණ පද්ධති ස්ථානගත කිරීම පුටීන් ක්‍රියා කර තිබේ.රුසියාව බෝල්ටික් මුහුද ආශ්‍රිතව යොදවා තිබෙන මෙම අවි සිරියාවේදී පරීක්ෂාවට ලක් කල, සංග්‍රාමයකදී වෙනසක් සිදුකල හැකි ඒවාය.


    රුසියාව කලිනින්ග්‍රාඩ් වෙත යැවූ අවි මොනවාද?


    ගොඩබිම් මූලික වෙරළාරක්ෂක බැස්ටියන් මිසයිල පද්ධතිය

    පසුගිය ඔක්තෝම්බර් මාසයේදී රුසියාව කලීනින්ග්‍රාඩ් හි බැස්ටියන් නම් නෞකා නාශක මිසයිල පද්ධති ස්ථානගත කරන ලදි.එතැන් පටන් එය ආක්‍රමණික අවියක් ලෙස සිරියාවේ කැරලිකරුවන්ට එරෙහිව යොදාගෙන තිබේ.බැස්ටියන් මිසයිල පද්ධතියෙන් නිකුත් කරන සුපර්සොනික් මිසයිලයක උපරිම ආවරණ කලාපය සැතපුම් 200ක් බව සඳහන් වේ.සංග්‍රාමයකදී ඒවා බෝල්ටික් මුහුදේ තිබෙන නේටෝ නෞකා ඉලක්ක කරගෙන දියත් කරාවි.

    VWuygDE.jpg


    Un3KnXb.jpg
    K-300P Bastion-P​





    එස්-400 ගොඩබිම් මූලික ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය

    සිරියාවේ තිබෙන තම ගුවන් කඳවුරේ ආරක්ෂාව වෙනුවෙන් රුසියාව මේවන විටත් එස්-400 මිසයිල පද්ධති ස්ථානගත කර තිබේ.සැතපුම් 250ක පරාසයක් ආවරණය කරමින් සතුරු ඉලක්ක කිහිපයක් එකවර හඳුනාගෙන පහරදී විනාශ කිරීමේ හැකියාව මේවා සතුවය.කලිනින්ග්‍රාඩ් හි රඳවා තිබෙන එස්-400 මිසයිල පද්ධති කලාපයේ මෙහෙයුම් සිදුකරන නේටෝ ගුවන් යානාවලට මෙන්ම ඔවුන්ගේ මිසයිල දියත් කිරීම්වලටද දැඩි අභියෝගයක් එල්ල කරනු ඇත.

    PgLsG80.jpg


    r6VbvWO.jpg
    S-400​





    න්‍යෂ්ඨික අවි රැගෙන යා හැකි නෞකාවල සිට දියත් කරන කලිබර් කෲස් මිසයිල

    පසුගිය ඔක්තෝම්බර් මාසයේදී කලිබර් කෲස් මිසයිල රැගත් frigate වර්ගයේ යුද නෞකා දෙකක් කලිනින්ග්‍රාඩ් වෙත යැවීමට රුසියාව ක්‍රියා කලේය.මෙම මිසයිලවලට සැතපුම් 900 පරාසයක් ආවරණය කල හැකිය.රුසියානු මිසයිල නෞකාවකින් වරක් සිරියාවේ කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත කලිබර් මිසයිල ප්‍රහාර එල්ල කරන ලදි.

    PqaJUXf.jpg


    Itp2fJb.jpg
    Kalibr missile​





    න්‍යෂ්ඨික අවි රැගෙන යා හැකි ගොඩබිම් මූලික ඉස්කන්ඩර්-එම් ජංගම බැලස්ටික් මිසයිල පද්ධතිය

    ඉස්කන්ඩර්-එම් කෙටි දුර ජංගම බැලස්ටික් මිසයිල පද්ධතියේ මිසයිලයක පරාසය ලෙස සඳහන් වන්නේ සැතපුම් 300 කි.එම පරාසය සීමා වීමට හේතුව 1987 වර්ෂයේදී අත්සන් කල(ඇමෙරිකා-සෝවියට් දේශය)Intermediate-range Nuclear Forces Treatyනම් ගිවිසුමයි.ඉස්කන්ඩර් අතිශය නිරවද්‍ය සහ අනාවරණය කරගැනීම අසීරු අතිශය ජංගම මිසයිල පද්ධතියක් බව කියවේ.

    sxgPwi1.jpg


    OnSz7Mg.jpg
    Iskander-M​





    වඩාත් නරකම කුමක්ද?


    දිගු දුර,න්‍යෂ්ඨික අවි ශීර්ෂ ගෙන ,ගොඩබිම් මූලික බැලස්ටික් මිසයිල

    oJbGjD8.jpg
    Iskander-M TEL රථ පෙළක්​

    රුසියාව විසින් INF - Intermediate-range Nuclear Forces Treaty ගිවිසුමට එකඟ නොවන ගොඩබිම් මූලික දිගු දුර මිසයිල සංවර්ධනය කරන බවට ඇමෙරිකාව චෝදනා කරයි.යුරෝපා අගනගරවලට පහරදිය හැකි මිසයිලයක් රුසියාව විසින් අත්හදා බලා තිබෙන බව සමහර වාර්තා වලින් කියවේ.නොවැම්බර් මාසයේ මුලදී රුසියානු පාබල හමුදාවට ඉස්කන්ඩර්-එම් මිසයිල පද්ධති සහිත නමවන සේනාංකය ලබාදී තිබේ.එය රුසියාවේ මධ්‍යම හමුදා දිස්ත්‍රික්කයේ නැගෙනහිර යෙකාටෙරින්බර්ග් හි යෙලාන්ස්කි හි ස්ථානගත කර තිබේ.මෙවැනි එක් සේනාංකයක් සතුව රථ 51ක්- transporter erector launcher (TEL) හෙවත් මිසයිලය ප්‍රවාහනය කරන සහ දියත් කිරීම් කරන රථ 12,නැවත පිරවුම් රථ 12ක්,පාලන සහ විධාන ලබාදෙන රථ 11ක්,පුද්ගල සහායක රථ 14ක්,දත්ත සැකසුම් රථයක් සහ සේවා සහ අලුත්වැඩියා රථයක් අඩංගු වේ.එක් සේනාංකයකට ඉස්කන්ඩර්-එම් මිසයිල 48ක් ලබාදෙයි.අමතර මිසයිල සේනාංකයේ මිසයිල සංචිතයෙන් සැපයේ.

    SppxyKj.jpg
    Iskander-M යෙදවීම්​


    සේනාංකයක් සතුව බල ඇණි තුනක් වේ.ඒ සෑම එකකටම මිසයිල දියත්කරණ දෙකක් අයත් වේ.


    omeIgRC.jpg
    බටහිරදිග රුසියාවේ Iskander-M සේනාංකවල ස්ථානගත කිරීම්​

    බටහිර රුසියාවේ ස්ථානගත කර තිබෙන කි.මී. 500ක ආවරණ පරාසයක් සහිත ඉස්කන්ඩර් -එම් මිසයිල පද්ධතිවලට දකුණු ෆින්ලන්තය,එස්ටෝනියාව,ලැට්වියාව,ලිතුවේනියාව,උතුරුදිග බෙලරුසියාව,ඊසානදිග යුක්‍රේනය,ක්‍රිමියාව,ඊසානදිග තුර්කිය,ජෝර්ජියාව,අර්මේනියාව සහ අසර්බයිජානය යන රටවල් සහ ප්‍රදේශ ඉලක්ක කල හැකිය.කලිනින්ග්‍රාඩ් හි ස්ථානගත කර තිබෙන ඉස්කන්ඩර්-එම් මිසයිල පද්ධතිවලට දකුණුදිග ස්වීඩනය,පෝලන්තය,වයඹදිග යුක්‍රේනය සහ බෙලරුසියාවෙන් වැඩි කොටසක් ආවරණය කල හැකිය.කුර්ස්ක් හි ස්ථානගත කරන මිසයිල සේනාංකයක් මගින් යුක්‍රේනයේ වැඩි ප්‍රදේශයක් ආවරණය කල හැකිය.

    6sjY7lV.jpg
    නැගෙනහිර රුසියාවේ Iskander-M සේනාංකවල ස්ථානගත කිරීම්​

    රුසියාවේ ඈත පෙරදිග ප්‍රදේශයේ ස්ථානගත කර තිබෙන ඉස්කන්ඩර්-එම් මිසයිලවලට චීනයේ උතුරුදිග බීජිං ඉලක්ක කල හැකිය.

    J3Vof2r.jpg
    Iskander-K/R-500​

    ඉස්කන්ඩර්-එම් මිසයිවලට ගමන් කල හැකි දුර තීරණය වන්නේ එහි දියත්කරණවලට යොදන මිසයිලය අනුවයි.බැලස්ටික් මිසයිලයකට කි.මී.500ක පරාසයක්ද කෲස් මිසයිලයකට කි.මී.500 පරාසයක්ද ආවරණය කල හැකිබව සඳහන් වේ.මේවා පසුව ඉස්කන්ඩර්-කේ යන නමින් හැඳින්විය.මෙම මිසයිලය ආර්-500 නමින්ද හඳුන්වන අතර කලිබර් මිසයිල පවුලේ පුරුකක්ද විය හැකිය.රුසියානු වාර්තා සත්‍යය නම් ඒවාට කි.මී. 2000 හෝ වැඩිදුරක් ආවරණය කල හැකිය.එය එසේ නම් රුසියාව 1987 Intermediate-range Nuclear Forces Treaty ගිවිසුමේ සඳහන් පරාසය කි.මී.500-5,500 අතර ගොඩබිම් මූලික කෲස් මිසයිල සංවර්ධනය කිරීමෙන් වැළකීමේ වගන්තිය උල්ලංඝනය කර තිබේ.





    Source
    --------
    washingtonpost.com
    russiandefpolicy.blog

    -HarshaLulzSec-
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එල එල. fighter jet ගැනත් ටිකක් දාපංකෝ( ඉලක්ක වලට පහර දීම, නියාමනය, දෙන ලද ඉලක්ක සොයා ගැනීම වගේ...)
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ff

    ලිපියට අදාල නැති දෙයක් අහන්නේ...කොහොමද බන් රටවල් ගොඩක් මැද රුසියාවෙ කෑල්ලක් තියෙන්නේ...වෙන එහෙම තැන් තියනවද ලෝකෙ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පට්ට මචන් ඔහොම දිගටම දාමු, රයිෆල් සබ් මැශින් ගන් පිස්ටල් වලට දාන උන්ඩ , උන්ඩ වල ප්‍රමාන මනින විදි ගැනත් දාන්ඩකෝ, ඒ කියන්නේ උන්ඩ වර්ගීකරනය කරන හැටි
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ලිපියට අදාල නැති දෙයක් අහන්නේ...කොහොමද බන් රටවල් ගොඩක් මැද රුසියාවෙ කෑල්ලක් තියෙන්නේ...වෙන එහෙම තැන් තියනවද ලෝකෙ

    කලිනින්ග්‍රාඩ් කියන්නේ දෙවන ලෝක යුද්ධයට පෙර නාසි ජර්මනියේ කොටසක්,ජනගහනයෙන් බහුතරය ජර්මන් ජාතිය.දෙවන ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාජය වුනාට පස්සේ ජර්මනිය මිත්‍ර පාර්ශ්වික රටවල් අතරේ බෙදා ගත්තා.කලිනින්ග්‍රාඩ් කියන භූමිය සෝවියට් දේශයට ලැබුණා.ඊට පස්සේ බහුතරය වුන ජර්මන් ජාතිය බලහත්කාරයෙන් ඉවත් කලා.සෝවියට් දේශය බිදවැටුනට පස්සේ සමූහාණ්ඩුවේ සාමාජිකයෝ නිදහස් රාජ්‍යයන් බවට පත් වුනාට පස්සේ කලිනින්ග්‍රාඩ් රුසියානු ප්‍රධාන භූමියෙන් වෙන් වුනා.


    kRlJdVC.png
    අසර්බයිජානයේ කොටසක් ආර්මේනියාව ඇතුලේ පිහිටලා තියෙනවා(කහ පාටින් අසර්බයිජානය)​


    tmI9PqG.png
    ඇන්ගෝලාවේ(සුදු පාටින්) කොටසකුත් මේ විදියට වෙන්වෙලා තියෙනවා(රතුපාටින්)​


    9mF7b5W.png
    B වලින් පෙන්නලා තියෙන්නේ කිර්ගිස්ථානය ඇතුලේ පිහිටලා තියෙන තජිකිස්ථානයට අයත් භූමි කොටසක්.A වලින් පෙන්නලා තියෙන්නේ උස්බෙකිස්ථානයට අයත් භූමි ප්‍රදේශ දෙකක්.ඒවා තියෙන්නේ කිර්ගිස්ස්ථානය ඇතුලේ.​


    සම්පුර්ණ ලැයිස්තුවම මෙතනින් බලාගන්න පුලුවන්>>>List of enclaves and exclaves
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පට්ට මචන් ඔහොම දිගටම දාමු, රයිෆල් සබ් මැශින් ගන් පිස්ටල් වලට දාන උන්ඩ , උන්ඩ වල ප්‍රමාන මනින විදි ගැනත් දාන්ඩකෝ, ඒ කියන්නේ උන්ඩ වර්ගීකරනය කරන හැටි

    මන් මෙහෙම කීවයි කියල කවුදෝ මොඩයෙක් ඒකටත් රෙප් කපලා,:lol::lol::lol::lol::lol::lol::lol:
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ස්තුතී මචන් විස්තරේට

    ලිපියට අදාල නැති දෙයක් අහන්නේ...කොහොමද බන් රටවල් ගොඩක් මැද රුසියාවෙ කෑල්ලක් තියෙන්නේ...වෙන එහෙම තැන් තියනවද ලෝකෙ
    මම මෙහෙම ඇහුවයි කියලා කවුද මෝඩයෙක් මගෙත් රෙප් කපලා
    :D:D